රජයේ මුදල් අවභාවිතා වන අන්දමින් තීරුබදු රහිතව සුඛෝපභෝගි මොටර් රථයක් ලබාගැනීම ඇතුළු චෝදනාවන් කිහිපයක් නිසා අනිවාර්ය නිවාඩු යවා සිටි උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සමාන්‍යාධිකාරිවරයා නැවත සේවයේ පිහිටුවිමට විරෝධය පලකරමින් කිසියම් පිරිසක් ආයතනයේ ස්ථාන කිහිපයක පෝස්ටර් අලවමින් විරෝධය පලකර තිබේ.

උතුරු මැද පළාත් සභාවේ ඉහළ නිලධාරියෙකු විසින් අත්තනෝමතිකව පත්විම නැවත ලබාදි ඇති බව කියමින් පළාත් කාර්යාලයේ සේවය කරන සේවකයන් පිරිසක් විරෝධය පලකරමින් පෝස්ටර් අලවා තිබේ.

හිටපු සාමාන්‍යාධිකාරිවරයා රජයේ බදුමුදල් වංචාකර තිබියදි උතුරු මැද පළාතේ බලධාරියෙකු විසින් නැවත පත්විම් ලබාදි ඇති බවත් එම නිලධාරියා ජනතා විමුක්ති පෙරමුණු සමාජිකයෙකු බව විරෝධතා පෝස්ටර් වල සදහන් කර තිබේ.

එම ආයතනයේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පසුගියදා විසුරුහැරිමෙන් පසුව අනිවාර්ය නිවාඩු ලැබ සිටි සාමාන්‍යාධිකාරි වරයාට නැවත පත්විම් ලබාදිම නීතිවිරෝධි බවත් රේගු අධ්‍යක්ෂවරයා විසින් ඔහු තීරුබදු වංචාවක් සිදුකර තිබෙන බව අධිකරණයට පවා දන්වා තිබියදි ඔහු වෙනුවෙන් පළාත් සභාවේ උසස් නිලධාරියෙකු පෙනී සිටිමින් අත්තනෝමතිකව සේවයට නැවත එක්කර ඇති බව විරෝධය පාන සේවකයන් පිරිසක් අනාවරණය කළහ.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Similar Posts