නාවලකන්ද, බලගල දොළ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහන

පොහොසත් ජෛව විවිධත්වයකින් යුත් පහත රට තෙත් කලාපීය වැසි වනාන්තර ගණනාවක්ම කළුතර දිස්ත්‍රික්කයේ  වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ  පිහිටා තිබෙන අතර මෙම වනාන්තර පද්ධති මෑත කාලයේදී නොයෙකුත් ආපදා තත්වයන් නිසා විශාල වශයෙන් විනාශ වෙමින් පවතී.

මේ නිසා ප්‍රදේශයේ ජල මූලාශ සිඳී යාම, පරිසර සමතුලිතතාවය බිඳ වැටීම, ජන ජීවිත වලට තර්ජන එල්ල වීම ආදී ගැටළු ඇති වී තිබේ.

එම ගැටළු වලට  විසඳුම් වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවතින්නා වූ වනාන්තර පද්ධති තුළ පරිසර සංරක්ෂණය සඳහා වලල්ලාවිට යෞවන සමාජ ප්‍රාදේශිය මණ්ඩලයේ මිහිකත සුරැකීමේ කාර්යංශය විසින්  “යොවුන් දෑතින් පැල දහසක් වලල්ලාවිටට ” යන තේමාව යටතේ රුක් රෝපණ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියෙහි ආරම්භක වැඩසටහන, විනාශ වී යාමේ දැඩි තර්ජනයට ලක් වෙමින් පවතින  සංවේදී පරිසර පද්ධතියක් වූ නාවලකන්ද, බලගල දොළ රක්ෂිතය මූලික කරමින් 2020 දෙසැම්බර් මස 24 වන දින සාර්ථකව ක්‍රියාවට නංවන ලදි.

නාවලකන්ද සමනල යෞවන සමාජයේ සංවිධානත්වයෙන් සිදුකල මෙම රුක් රෝපණ වැඩසටහන මගින් ප්‍රදේශයේ ජෛව පද්ධතියට ගැලපෙන ශාක විශේෂයන්හි පැල 400 කට අධික ප්‍රමාණයක් රෝපණය කිරීමට හැකි විය.

වලල්ලාවිට නාවලකන්ද කඳු පංතියෙහි පිහිටි, දුර්ලභ ශාක හා සත්ත්ව ප්‍රජාවකින් සමන්විත බලගල දොළ බෙන්තර ගංගාව පෝෂණය කරන ප්‍රධාන ජල මූලාශ්‍රයක්ද වේ.

අතිශය සංවේදී ජලාශ්‍රිත පරිසර පද්ධතියක් වන බලගල දොළ හා එහි පෝෂක ප්‍රදේශය වන රක්ෂිත කලාපය වෙත එල්ලවන මිනිස් බලපෑම් ඉහල යාම නිසා ජෛව විවිධත්වය හායනය හා ජලය සිඳීයාම ආරම්භ වී ඇති අතර දොළ රක්ෂිත කලාපය තුල ඇති ශාක පද්ධතිය විනාශ වීම නිසා ඒ තුළ වෙසෙන්නා වූ වනජීවීන්ගේ වාසස්ථාන, ආහාර අහිමි වීම හේතුවෙන් සතුන්ගේ ජීවිත වලටද බලපෑම් ඇතිවී තිබේ.

මෙම බලගල දොළ අවට වෙසෙන වනසතුන්ට ජීවය ලබා දෙමින්,  ප්‍රදේශයේ ජනතාවගේ එදිනෙදා ජල අවශ්‍යතා සපුරාලමින් බෙන්තර ගඟ දක්වා ගලාබසින අතර ජලය සිඳී යාමෙන්ම වන ජීවීන් මෙන්ම අවට ගම්වාසීන් හටද දැඩි අපහසුතාවයන්ට මුහුණු දීමට සිදුවී තිබේ.

මේ නිසා සුන්දර  පරිසර පද්ධතියක පිහිටි බලගල දොළ ආශ්‍රිත පරිසරය පද්ධතිය ස්ථායිව පවත්වා ගනිමින් බලගල දොළ සංරක්ෂණය සඳහා ක්‍රියාත්මක කෙරුණු රුක් රෝපණ වැඩසටහන මගින් ජල පෝෂකයන් සංරක්ෂණයටත්  ප්‍රදේශයේ ජෛව විවිධත්වයටත්, එහි වෙසෙන වන ජීවීන්ගේ පැවැත්මටත්, ප්‍රදේශයේ ජීවත්වන ගැමියන්ටත් විශාල වාසියක් අත් වේ.

“යොවුන් දෑතින් පැල දහසක් වලල්ලාවිටට” යන තේමාව යටතේ මෙලෙස ආරම්භ වූ රුක් රෝපණ ව්‍යාපෘතිය ඉදිරියේදී වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මෙම රුක් රෝපණ වැඩ සටහන වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් රන්ජන් ප්‍රියශාන්ත පෙරේරා මහතා ගේ මූලිකත්වයෙන් තරුණසේවා නිලධාරී අරුණ ජයතිලක මහතා සහ 849 D බෝගොඩකන්ද නාවලකන්ද  ග්‍රාම නිලධාරී දිමුතු හොරවලවිතාන මහතාගේ මග පෙන්වීම යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, වලල්ලාවිට යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයේ සාමාජිකයන්, වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය සහ මතුගම හරිත මිතුරෝ යන පරිසර සංවිධාන වල සාමාජිකයන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව සිදුකරන ලදි. පිටිගල ගොඩාමුණ “රංගන පැළ තවාන” මගින් පැළ සඳහා අනුග්‍රහය ලබා දුන් අතර එම දොළ රක්ෂිතය ආසන්නයේ පදිංචිව සිටින චන්දිමාල් ඉන්දික (සමන්ත) මහතා විසින් මූලික සංවිධාන කටයුතු සඳහා අවශ්‍ය අනුග්‍රහය ලබා දෙන ලදි.

බලගල දොළ මෙන්ම මෙරට ඇති බොහෝමයක් දොළ මාර්ග දෙපස ඉඩම් හිමියන් දොළ ආසන්නයටම වගා කර ඇති අයුරු දක්නට ලැබේ එමගින් දොළට හිමි රක්ෂිත සීමාව අහිමිව ගොස් ඇත. මෙයට ප්‍රධානම හේතුව වන්නේ දොළ රක්ෂිතයන්ගේ සීමා දැක ගැනීමට පැහැදිලි සීමාමායිම් නොමැති කමයි.

අනෙකුත් රක්ෂිත මායිම් හඳුනා ගැනීමට ඇති මායිම් කණු යොදා දොළ රක්ෂිතයන්හි සීමා ලකුණු කිරීමට කටයුතු කරන්නේ නම් එය ඉතාමත්ම වටිනා කාර්යක් බව රුක් රෝපණ වැඩසටහන සහභාගීවූවන්ගේ අදහස විය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….