වෙහෙරගොඩ යායේ අනවසර ගොවිතැන් කර වැඩ වරදී

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වෙහෙරගොඩ යාය ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වී එහි ගොවිතැන් කිරීම සඳහා බිම් සකසමින් සිටි හා ගවයින් ඇතුළු කළ පුද්ගලයින් 10 දෙනෙකුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත් බව පොලොන්නරුව වනජීවී කලාප කාර්යාලය කියයි.

එහි විශේෂ වැටලීම් ඒකකයේ ප්‍රධානි අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් මහතා ඇතුලු පිරිසකට ලැබුණු තොරතුරක් මත පෙරේදා(01) වෙහෙරගොඩයායේ කුඹුරු සකසමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු සහ ගවයින් ඇතුළු කළ එක් පුද්ගලයෙකු හඳුනාගෙන අධිකරණ නියෝගයකින් වනජීවීන්ට සන්තකය පවරා දුන් ඉඩම් යලි අපහරණය කිරීමට එරෙහිව බී අංක 164/21 යටතේ පෙරේදා (01) දහවල් මනම්පිටිය සංචාරක මහේශ්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ හ.

එහි දී පොලොන්නරුව මහේශ්‍රාත් හා මනම්පිටිය සංචාරක මහේශ්‍රාත් දෙවිකා චතුරංගනී ජයවර්ධන මහත්මිය නියෝග කළේ සැකකරුවන් ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.තව ද සැකකරුවන් පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ගොණු කරන ලෙසත්  ලබන 2021 ජුනි මස 17 වනදාට සැකකරුවන් අධිකරණය හමුවට පමුණුවන ලෙසත් නියෝග කළා ය.

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වෙහෙරගොඩ යාය ප්‍රදේශයේ අනවසරයෙන් ඇතුළු වී ගොවිතැන් කළ පුද්ගලයින් 219 දෙනෙකුට එරෙහිව නඩු පවරා අධිකරණ නියෝගය මත එම ප්‍රදේශය යලි අනවසර වගා කරුවන්ගෙන් මුදා ගෙන වනජීවීන් ට පැවරීම සිදු කළ ද නැවත වරක් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අනුව යැයි කියමින් ප්‍රාදේශීය දේශපාලනඥයින් හා එතැම් රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකුගෙත් වුවමනා මත  ජාවාරම්කාර වගා කරුවන් කිහිප දෙනෙකු මෙසේ ජාතික වනෝද්‍යානයට ඇතුළු වී යලි බලහත්කාරයෙන් කුඹුරු අස්වද්දමින් සිටිය දී මෙම පුද්ගලයින් 10 දෙනා නිරීක්ෂණය වී ඇත.

ඉන් පසු ඔවුන් සිදු කරන වන අපරාධය පිළිබඳව දැනුම්වත් කර මුදා හැර මෙසේ අධිකරණ නියෝගයකින් මුදා ගත් වනජීවී කලාපය යලි අපහරණය කිරීම නිසා අධිකරණයට යම් අපහාසයක් වී දැයි යන්නත් කැබිනට් සන්දේශයෙන් දක්වා ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරුන් හා දිසාපතිවරුන් යටතට පත් කොට ඇති රජයේ අවශේෂ කැලෑ සම්බන්ධව වුවත් මොවුන් වනජීවී කලාප අපහරණය කිරීම බරපතල කරුණක් බවත් වනජිවී නිලධාරිහු කියති.

අධිකරණ නියෝග මත ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වෙහෙරගොඩයාය ප්‍රදේශයට ඇතුළු වී එහි ගොවිතැන් කටයුතු කිරීම සඳහා බිම් සැකසූ 09 කු හා ගවයින් ඇතුළු කළ එක් පුද්ගලයෙකු ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවත් පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකය පැවසීය.

කෙසේ වෙතත් මෙම ප්‍රදේශය වනජීවින් ට පෙවරීමෙන් පසු එහි නව වන වියනක් ඇති කිරීම සඳහා මීට මාස 2 කට පමණ ඉහත දී පරිසර සංවිධාන හා ප්‍රදේශවාසීන් ද එක්ව වන ජීවී නිලධාරින් රුක් රෝපන වැඩසටහනක් ද ක්‍රියාත්මක කළහ.

එම රෝපණය කළ පැළ ද විනාශ කර  මෙසේ යලි එම ඉඩම් අපහරණය කරමින් සිටින බව ද එම කාර්යාලය වැඩි දුරටත් කීය.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….