dadi-miduma

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි හා විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයන් තුල විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතතින වැසි සමග විවිට විට දැඩි මීදුම් තත්වයන් පවතින බවත් මෙම තත්වයන් මත හැටන් කොළඹ හැටන් නුවරඑළිය යන ප්‍රධාන මාර්ග ඇතුළු තවත් මාර්ග කිපයකම සමහර අවස්ථාවල මාර්ග නොපෙනි යන තත්වයක් පවතින බවත්ය.

එමෙන්ම පවතින වැසි හේතුවෙන් බොහෝ මාර්ග ලිස්සන සුලු තත්වයන්ට පත්ව ඇති බවත් එම තත්වයන් මත මෙම ප්‍රදේශයන් තුල විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින හෙයින් මෙම මාර්ගවල රථ වාහන ධාවනය කරවිමේදි ඉතා කල්පනාකාරිව රථ වාහන ධාවනය කර විමට සියලුම රියදුරන් පියවර ගත යුතු බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts