වළල්ලාවිට “පන්තොට” පන අදියි

කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට “පන්තොට” ගමට නම පටබැදි ඇත්තේ  පන් කර්මාන්තය නිසාය. දශක කිපයකට ඉහත  විදෙස්  වෙළදපලට පවා ගිය පන්තොට පන්   කර්මාන්තයේ “පණ” ගොසින් බොහෝ කල්ය.

මලු , පැදුරු, මාගල්,  වලට අමතර දේශීය  මෙන්ම විදේශිය සංචාරකයින්ගේ සිත් විසිතුරු පන් නිර්මාණ රැසක්  පන්තොට ලලනාවන්ගේ දෑතින් නිර්මාණය විය. කාලයාගේ ඇවෑමෙන් පන් පැදුර, පන් මල්ල කුණු මුල්ලට යනවිට පන්තොට පන් කර්මාන්තයේද “පණ” ගියා,” යැයි වළල්ලාවිට, ඉත්තෑපාන පන්තොට ජනතාව කියති.

වර්තමාන රජය  වේවැල්, පිත්තල, මැටි, ලී බඩු,  සහ ග්‍රාමිය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යාංශයක් ආරම්භකර මෙරට මියදෙන දේශිය කර්මාන්ත වලට පණ දෙන්නට උත්සාහ කරමින් තිබේ. “අපේ පන්තොට “  ව්‍යාපෘතිය යටතේ අළුතින් පන් වගා කරන්නට මුල පිරුවත්  ගැටළු රැසකට මුහුණ දී ඇතැයි ප්‍රදේශයේ  ජනතාව කියති.

තවමත්  පන් කර්මාන්තයේ අන්තිම හුස්ම  ඇත්තේ ඉතාමත්   වියපත් කාන්තාවන් අතය. වියපත් දෑතින් තවමත් වළල්ලාවිට පන් තොට තැන තැන පන් පැදුරක් වියන අයුරු දැක ගතහැකිය. නමුත් වර්තමාන තරුණියන් පන් කර්මාන්තය අතහැර ඇගළුම් කර්මාන්ත සොයා ගොසිණි.

ඉත්තෑපාන – පන්තොට –  කරුණාවතී මහත්මිය.

මට දැන් බොහොම වයසයි. නමුත් මම තවමත්   නිකන් ඉන්න වෙලාවට පන් පැදුරක් – දෙකක් වියනව. රටා පැදුරු, මෝස්තර පැදුරු , අට පෙති, නෙළුම්පෙති , මල් රටා  ඕන එකක් වියන්න පුළුවණි. ගල්ලැහැ, එළුපන්,බොරුපන්, පොතුකොළ පන්, හීන් පන්, තුන්හිරි‍යා , වැටකෙයියා වගේ ගොඩක් පන් වර්ග වලින් ඉස්සර වැඩ කළා. නමුත් ඉස්සර වගේ දැන්  පන් හොයා ගන්න නැහැ. මේ ළගදි  මැති ඇමතිතුමාල ඇවිල්ල උත්සවයක් තියල  පන් හිටවන්න කිපදෙනෙකුට ආධාර දිල වැඩපිළිවලක්  කරන බව ආරංචිවුණා. එහෙම කරනවනම් හොදයි.

නමුත් පන් කර්මාන්තය දියුණු කරන්න නම් මේක අළුත් පරම්පරාව අතට  යන්න ඕනා.  මේ පලාතෙ අවුරුදු හැට , හැත්තෑව පැනපු කාන්තාවො කාටත් වගේ පන් පැදුරු, මලු, හැදි අලු, තොප්පි, බෑග්, හැඹිළි,  මේ දේවල් වියන්න පුළුවණි. නමුත් අපෙන් පසු පරම්පරාවට මේක බෑ. දැනට තියෙන ප්‍රශ්නෙ පන් නැති එක වුණාට පන් හිටෙව්වට විතරක් මේ කර්මාන්තය කරගන යන්න බැහැ.

විශ්‍රාමික විදුහලිපති – ප්‍රේමදාස  අධිකාරි මහතා.

හැටේ – හැත්තෑවෙ දශකවලදි මේ ප්‍රදේශය රටේම ප්‍රසිද්ධ වුනේ පන් කර්මාන්තය නිසයි. ඉස්සර මේ ප්‍රදේශයේ පන් කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානයක් තිබුණා. පන් කර්මාන්ත මධ්‍යස්ථානයක් තිබුණා. ඒ සියල්ල දැන් විනාශ වෙලා ගිහිල්ලා.

මේ ප්‍රදේශයේ ඉතාම පහසුවෙන් පන් වගා කළහැකියි. දශක ගණනාවක් පුරන්වු වී වගා කළ නොහැකි කුඹුරු ඉඩම් තියෙනවා. මේවායේ පන් වගා කළ හැකියි.  ගෘහ කර්මාන්තයක් ලෙස ප්‍රදේශයේ ජනතාවට විශාල ආදායමක් උපයා ගන්න පුළුවණි. ඉස්සර මේ ප්‍රදේශයට පන් පැදුරු, පන් මලු, තොප්පි, ආදි පන් නිෂ්පාදන මිලදි ගන්න දකුණු පළාතෙන් පවා ව්‍යාපාරිකයො ආවා. මෙතන ගගෙන් එහා පැත්ත බෙන්තර සංචාරක පුරය නිසා විදෙස් ජාතිකයින්  විසිතුරු පන් නිෂ්පාදන මිළදි ගත්තා.

රසායනික පොහොර, කෘමිනාශක, පොලිතින්  තහනම් කරනව වගේම ප්ලාස්ටික් තහම් කළ යුතුයි. නැතිනම් ඒවාට බදු වැඩි කරල ඒවායේ මිළ ඉහළ දැමිය යුතුයි.ප්ලාස්ටික් පැදුරු, බෑග්, හට්ටි, පෙට්ටි  නිසා පන් නිෂ්පාදන වෙළදපල නැති වෙලා ගිහිල්ලා.  මේ ප්‍රදේශයේ යළි පන් කර්මාන්තය නගා සිටුවිම සදහා අපි මැදිහත්ව “අපේ පන්තොට” වැඩපිළිවල ආරම්භ කළා. නමුත් ඒක සාර්ථක වෙන්න තරුණ පරපුර මේ සදහා යොමුකර පුහුණු ආයතනයක් ඇති කළ යුතුයි.

මේක හොද ස්වයංරැකියාවක්. හැම ගෙදරකම කාන්තාවො දැං රූපවාහිණියට ඇබ්බැහිවෙලා.  මේ වගේ දෙයක් පුහුණු කළොත්  ඒ අයට  හොද අමතර ආදායමක් උපයන්න පුළුවණි. සංචාරක කර්මාන්තය සමග අළුත් වෙළදපලක් නිර්මාණය කරගතහැකියි.

ඉත්තෑපාන – සනත් අධිකාරි මහතා.

පන්තොට තිබුණු පන් කර්මාන්ත මධ්‍යස්ථානය පොලවට පස්වෙලා ගිහිල්ලා. මෑතක්වෙනතුරු තිබුණු ඉත්තපාන “වැටකෙයියා පුහුණු මධ්‍යස්ථාන”ය දැනට වසර කිපයක සිට වහල දාල කැලෑවට යනවා. අළුත් පරම්පරාව මේකට යොමුකරන වැඩපිළිවලක් නැතිව  පන් හිටවන්න ආධාර දුන්න කියල පන් කර්මාන්තය දියුණු වෙන්නෙ නෑ. මේ අයට හරියට වෙළදපලක් නෑ.  පන් කර්මාන්තය හණ මිටි යුගයෙන්  නුතන යුගයට ඇදල ගත යුතුයි.

පන් කර්මාන්තයට නව තාක්ෂණය එකතු කරල නව නිෂ්පාදන කළ යුතුයි. සාම්ප්‍රදායික මල්ලයි, පැදුරයි වියල හරියන්නෙ නෑ, මල්ලට, පැදුරට එහා ගිය විසිතුරු නිර්මාණ, බිත්ති සැරසිලි, අත් බෑග්, අළුත් හිස්වැසුම්, බුමුතුරුණු, කළාල,  දොර ආවරණ, ආණ, මුදල් පසුම්බි, අත් බෑග්, සහ මේස ලාම්පු ආවරණ ඇතුළු අළුත් නිර්මාණ රැසක් කළ හැකියි.

නමුත් තාම අපේ පන් කර්මාන්තය තියෙන්නෙ “හණ මිටි” යුගයේමයි. තරුණ පරම්පරාව මේකට අත නොතියන්නෙ මේ නිසයි. පන් කර්මාන්තය, මැටි කර්මාන්තය කියල වේදිකාවල කතා කලාට මදි, මේව නව තාක්ෂණය සමග තරුණ පරපුර අතට පත්කර දෙස් විදෙස් වෙළදපල හඹා යා යුතුයි.

රන්ජනී චන්ද්‍රලතා මහත්මිය.

ඉස්සර පන් විවිම කළා. නමුත් ඒවට අවශ්‍ය පහසුකම් නැහැ. මගේ ගෙදර පන් මෝලක් තියෙනව.  පන් පැදුරක් රුපියල් 400 – 500 කට දෙන්න පුළුවණි. මාගලක් රුපියල් 8000  –  10000 අතර මිළ ගණන්වලට දෙන්න පුළුවණි. නමුත් දැන් පන් ගන්න තැනකුත් නෑ. විකුණ ගන්න ක්‍රමයකුත් නෑ. ඉටි පැදුරැ නිසා දැං පන් පැදුරු හොයනවත් අඩුයි. මේ පිළිබද පසුගිය කාලයේ  කවුරුත් අවධානයක් යොමු කලේම නැහැනෙ.

සෝමරත්න පොද්දෙණිය – මිගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….