කෝටි 12 කහ තොගයක් කළමැටියෙන් අත් අඩංගුවට

කඩවත ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිළධාරීන් විසින් සිදු කළ මෙහෙුමකින් අනතුරුව නීති විරෝධීව මෙරට ට ගෙන එන ලද රුපියල් කෝටි 12ක පමණ වටිනාකමකින් යුක්ත කහ තොගයක් හුංගම කළමැටිය ධීවර වරායේදී අත් අඩංගුවට ගෙන තිබේ.

බේරුවල ප්‍රදේශයේ බහුදින යාත්‍රාවකින් මෙම කහ තොගය කළමැටිය ධීවර වරායට රැගෙන විත් ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටියදී විශේෂ කාර්ය බලකායේ සෙබළුන් විසින් මෙම කහ තොඟය අත් අඩංගුවට ඇත්තේ ඊයේ(27) අළුයම් කාලයේදීය.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබී තිබූ බුද්ධි තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම මෙහෙයුම සිදු කොට තිබුණි.

කිලෝග්‍රෑම් 25000 ට වැඩි කහ ප්‍රමාණයක් අත් අඩංගුවට පත්ව ඇති බවත් ඒ සමඟ කහ තොඟය රැගෙන ආ පුද්ගලයින් 06 දෙනෙකු අත් අඩංගුවට ගත් බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

අත් අඩංගුවට පත් සියළු දෙනා ධීවරයන් බවත් ඔවුන් කළමැටිය ,කුඩාවැල්ල ,කෝටගොඩ හා බේරුවල පදිංචි කරුවන් බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලීසිය පවසයි.

අත් අඩංගුවට පත් කහ තොඟය හා සැක කරුවන් අද අළුයම හුංගම පොලීසියට බාර දුන් අතර අත් අඩංගුවට පත් කහ තොගය අධිකරණ නියෝගයින් අනතුරුව විනාශ කොට දැමීමට නියමිතය.

අත් අඩංගුවට පත් සැක කරුවන් අගුණකොළපෑලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරී නියෝජ්‍ය පොලිස්පති  වරුණ ජයසිංහ ගේ උපදෙස් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ ජේෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ ගේ අධීක්ෂණය යටතේ ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ විශේෂ මෙහෙුයම් ඒකකයේ ප්‍ර.පො.ප.සම්පත් කුමාර ඇතුළු නිළධාරීන් පිරිසක් විසින් මෙම මෙහයුම සිදු කරනු ලැබීය.හුංගම පොලීසියේ ස්ථානාධිපති සම්පත් ක්‍රිෂාන්ත ජයසිංහ ඇතුළු නිළධාරීන් කන්ඩායමක් මෙම මෙහයුම සදහා සහාය දක්වනු ලැබීය.

චන්ද්‍රසේන ගමගේ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….