කොරෝනාවෙන් බේරුණත් ඉදිරියේදී සාගතයෙන් බැට

saginna

රජයේ නව කෘෂිකාර්මික ප්‍රතිපත්තිය අනුව ගොවිතැනට අවශ්‍ය  පොහොර තමන් විසින්ම නිපදවා ගැනිමෙී ක්‍රමවේදය නිසා තමන්ට ගොවිතැන් කටයුතු අතහැර දැමිමිට සිදුව ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයින් මෙන්ම  ප්‍රදේශ රැසක ගොවින් පෙන්වා දෙති. කොරෝනාවෙන් දිවි බෙිරා ගත්තද රජයේ අදුර දර්ශී කෘෂි ආර්ථික ප්‍රතිපත්තිය නිසා ඉදිරියේදි  ඇතිවන ආහාර අහේනියෙන් මෙරට ජනතාව බරපතල අර්බුදයකට මුහුණ දෙනබව ගොවි ජනතාව , ව්‍යාපාරිකයින් සහ විද්වතුන් පෙන්වාදෙති.

කාබනික කෘෂිකර්මාන්තය ඉතා වැදගත්සේම ජනතාවට, සතා සිවුපාවාට  හිතකර බව සැබෑය. නමුත් එය ක්‍රියාත්මක කළයුත්තේ යම් විද්‍යාත්මක සොයාබැලිමක් , ක්‍රමවේදයක් අනුවය. එසේ නොමැතිව අත්ත‍නෝමතික ලෙස  ජනප්‍රිය සටන්පාඨ වෙනුවෙන් ර‍ටක ජාතික ප්‍රතිපත්ති සමග සෙල්ලම් කිරිම එතරම් යහපත් නොවන බව  තේරුම් ගැනිමට එම  අත්ත‍නෝමතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඒවායේ පල විපාක ලැබෙන තුරු සිටි යුතු නැත. මෙරට කාබනික කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක අපට අත් විදිමට සිදුවන්නේද ඉහත ක්‍රමය අනුවය.

මෙරට බොහෝ විද්වතුන්, වියතුන්, උගතුන් , පර්යේෂකයින්  මෙන්ම ඇතැම් ආගමික  නියෝජිතයින්ද  ජාතික වැදගත්කමකින් යුතු ප්‍රතිපත්ති , මතවාද, සංකල්ප ක්‍රියාත්මක කිරිමේදි තම පෞද්ගලික වාසිය හෝ තම පුද්ගලික දේශපාලන මතවාදයේ එල්බගන කටයුතු කිරිම ඉතා අවාසනාවන්තය. මේ අවාසනාවන්ත තත්වයේ ප්‍රතිඵල අප භුක්ති විදිමින් සිටින්නෙමු.

මෙරට  වර්ධනය වෙමින් තිබෙන වකුගඩු, පිළිකා , ඇතුළු බෝනොවන රෝග රැසකට හේතුව රසායනික පෝරය යන්න මේ ආකාරයට තම දේශපාලන හෝ පුද්ගලික වාසි වෙනු වෙන් ජනගත කරන ලද මතවාද අතරින් එකකි. ඒ පිළිබද කොතෙකුත් සාක්ෂි ඇතත්  පසු ගිය කාලයේ මේ වෙනුවන් මහත්සේ ජනතාවාදිව රටේ ජන මතයක් ඇතිකළ ආචාර්ය, මහාචාර්ය, විද්වතුන් අවසානයේ නතරවන්නේ , හෝ අද සිටින්නේ කොතැනකදැයි  සොයා බැලිමෙන් පැහැදිළිකරගත හැකිය.

සබෑ ලෙසම මෙරට ජනතාවගේසෞඛ්‍යයට ආදරේ නිසා වස විස සහිත දෑ තහනම් කරන්නේ නම් විදේශයෙනන් ගෙන්වන ජන ජීවිතයට අත්‍ය අවශ්‍ය නොවන  විස සහිත බව විද්‍යාත්මකව ඔප්පු වු ඇතැම් රටවල තහනමට ලක්වු , පළතුරු, කිරි පිටි, රස කැවිළි , ආහාර නිෂ්පාදනයේ දි යොදා ගන්නා  ද්‍රව්‍ය, රූපලාවන්‍ය, විද්‍යුත් උපකරණ,  ඇතුළු භාණ්ඩ වර්ග විශාල ප්‍රමාණයක් කිසිදු අවහිරයකින් තොරව මෙරටට ආනයනය කරයි.

මේ කිසිදු භාණ්ඩයක් රටේ ජන ජීවිතයට අත්‍ය අවශ්‍ය නොවන අතරම ඒවා  ආනයනය සිමා කිරිමෙන් බහුතර ජනතාවකට  අපහසුතාවයක්ද සිදු නොවන බව ඉතා පැහැදිළිය. නමුත් පෞද්ගලික වාසි තකා රටේ ජනතාවගේ ජන ජීවිතයට සෘජුව බලපාන  තීන්දු තීරණ ගැනිමේ දි වග විභාගයකින් යුතුව කටයුත කළ යුුතු බව මෑත කාලිනවම අපට අත්  දැක ගතහැකිවනු ඇත.

කෙසේවෙතත් රසායනික පොහොරට වඩා කාබනික පොහොර  ගහට, කොළට, සතා සිවුපාවාට පවා හිතකර බව අවිවාදිතය. නමුත් මෑත කාලිනව මෙරට තක්කඩි දේහපාලන  මතවාද  ප්‍රායෝගික කිරිමට මෙරටට ගෙන්වනු ලැබු ප්‍රමිතියෙන් තොර  වස, විස සහිත රසායනික පොහොර හැරෙන්නට ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක වගා කටයුතු සදහා යොදගන්නේ රසායනික පොහොර බවත් ඒවා නිසි කළමණාකරණයකින් , විද්‍යාත්මක ක්‍රමවේද අනුව භාවිතා කරන බවද අවිවාදයෙන් පිළිගතයුතුය.

එළඹෙන කන්නයේදි ගොවිතැනට යෙදිය යුත්තේ කාබනික පොහොර බවත් එම පොහොර තමන් විසින්ම නිපදවා ගතයුතු බවත් මේ වනවිට මෙරට ගොවින් වෙත දැනුම් දෙමින් තිබෙි. රසායනාගාර මට්ටමින් සිදුකරන කාබනික ගොවිතැන්හි ඵලදාව පිළිබද ඉද හිට ජනමාධ්‍ය මගින්ද මෙරට ගොවි ජන මනස වෙනස් කරන්නට අප්‍රතිහත උත්සාහයක නිරතවෙමින් තිබේ.මේ සියළු  කාරණා අතරේ ගොවිජනසේවා  කොට්ඨාසයක නිපදවිය යුතු කාබනික පොහොර  ප්‍රමාණයද මේ වන විට නිශ්චය කර හමාරය.

නමුත් බොහෝ ගොවීන් මේ  පිළිබද දක්වන්නේ ඉතාම මන්දගාමි සහායකි.ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර නිපදවිමට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණවත් නොවිමත්, ප්‍රමාණවත් දැනුම්වත් පිරිසක් නොමැතිවිමත්  එසේ නිපදවන කාබනික පෝර ගුණාත්මක තත්වයේ නොමැති බවත් බොහෝ ගොවි සංවිධාන නියෝජිතයිතයින් පෙන්වාදි තිබෙි. ඊට අමතර බොහෝ ගොවින්ට   තමන්ට අවශ්‍ය කාබනික පෝර නිපදවිමට ශ්‍රමය, කාලය, සහ අනෙකුත් සම්පත් හිගකමද ගොවිජනසේවා නිළධාරින්ට, හා ගොවිතැන සම්බන්ධ අනෙකුත් නිළධාරින්ට පෙන්වාදි තිබෙි.

එසේ වුවත් ගොවිතැනට සම්බන්ධ බොහෝ නිළධාරින්ගේ පත්විම් , තනතුරු  බොහෝ ප්‍රමාණයක් දේශපාලනික නිසාම  කැමැත්තෙන් හෝ  අකමැත්තෙන් සාර්ථක හෝ අසාර්ථකවුවත් කිසිදු කරුණු ඉදිරිපත් කිරිමකින් තොරව මෙම කටයුතුත සිදු කළ යුතුව ඇතැයි  කෘෂිකර්ම පර්යේෂණ නිළධාරින් කියති. තම රැකියාව, තනතුර රැක ගැනිම වෙනුවෙන්  පහළ අදහස නෙ‍ාවිමසා ඉහළ අණ ඒ කාරයෙන් සිදු කරන බව  ගොවිජනසේවා නිළධාරින් කියති.

මහා පරිමාණයෙන් වී වගා කරන ප්‍රදේශවල සහ උඩ රට, පහත රට එළවළු පළතුරු වගාවෙී නිරත ගොවීන් මේ වනවිට  ලබන කන්නයේ වගා කටයුතු කිරිම පිළිබද ඉතාම අවිනිශ්චිතව සිටිති. කාබනික වගාවෙන් පාඩු සිදුවුව හොත් එම ප්‍රමාණය රජයෙන් ලබාදෙන බව ප්‍රකාශ කළද  කණ කර උකස් කර ,වගා කරන ගොවියාගේ පටන් විශාල පරිමාණයෙන් මුදල් වැයකර වගාකරන ගොවීන්ද රජයේ වන්දිය වෙනුවට පාඩු නොලබා සිටිම වෙනුවෙන් වගාවෙන් ඉවත්ව සිටිමෙි අවාසනාවන්ත තත්වයකට මුහුණ දෙමින් සිටිති.

ප්‍රමිතියෙන්  යුතු උසස් තත්වයේ රසායනික පොහොර , කෘෂි රසායනික නිසි ප්‍රමිතියෙන් යුතුව  භාවිතා කිරමින් මෙරට කාබනික කෘෂිකර්මාන්තයේ දායකත්වය ඉහළ දැමිමට  ලබාදෙන දායකත්වය ඉහළ දැමිම වෙනුවට අත්තනෝමතික ලෙස එක්වරම රසායනික පොහොර  තහනම් කරමින් කිසිදු දැනුමකින් තොරව කාබනික පෝර නිපදවා භාවිතාකර රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවිමට තීරණය කළහොත් සිදුවක්නේ මහත් විපතක් බව අපට මෑතකාලිනව අත් දැකිමෙන් පසක් කරගතහැකිවනු ඇත.

මෙතෙක් අප රැක ගත් විදෙස් තේ වෙළදපළ අහිමිකරගනිමින් මෙරට තේ ගොවියාට යන එනමං නැති වන විට තේ කර්මාන්තය සමග බැදුණු ලක්ෂ ගණනකගේ සෘජු හා වක්‍ර රැකියා අහිමිය. මේ වන විටත් ගමේ තේ දලු නෙළන කම්කරුවාට මේ තත්වයට මුහුණ දෙන්නට සිදුවි හමාරය‍.

කුප්‍රකටදේශපාලන හිතවතුන් සනහාලමින් මෙරටට කාබනික පොහොර ගෙන්විමේ ව්‍යාපාතියෙන්  කීපදෙනෙකෙු අත හිත සපුරා ගත්තද, එය  නිවැරදි හා යථාර්ථවාදි යැයි ලියන්නට, කියන්නට කුලි කරුවන් කොතෙක් යොදා ගත්තද එ් ආකාර කාබනික පොහොර ගෙන්විමක් මගින් මෙරට යළි නිවැරදි  කළ නොහැකි අවාසනාවන්ත පාරිසරික විපතක් අපට අත් විදිමට සිදුවනු ඇත.

අවසානයේ සිදුවන්නේ  වස විස අප්‍රමාණව යොදා වගා කළ ,   කල් තබාගැනිමට රසායනික ද්‍රව්‍ය යෙදු ආනයනික ආහාර  ආනයනය කරන්නටය. එහිදි  දේශපාලන හිවත් ගජ මිතුරු ව්‍යාපාරිකයින්ගේ අසිමිත ලාභය වෙනුවෙන් මෙරට ජනතාවට තම කණ කර උකස්කර බඩ වියත රැකගන්නට සිදුවනු ඇත.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….