පොලීසිය අද අපරාධ නිවාරණය පසෙකලා කොන්ත්‍රාත් කරන තැනක් වෙලා!

අද පොලිසීය අපරාධ නිවාරණය වෙනුවට සිදු කරන්නේ කොන්ත්‍රාත් භාර ගැනීම බව නීතිඥ දුලාන් දසනායක මහතා පවසයි.

අපරාධ නිවාරණය ගැන පුහුණුවක් නැති පොලිස් නිලධාරීන් අද විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් කොන්ත්‍රාත් භාර ගන්න තැනට පත්ව ඇතැයිද අපරාධ නිවාරණය විනාශ වී ගොස් ඇතැයිද ඔහු පවසයි.

පොලීසිය ප්‍රචණ්ඩත්වය මුදා හැරීම නිසා පුද්ගලයින් තුවාල ලබා ඇතැම් අය මරණයටද පත් වෙන බව පෙන්වා දෙන දුලාන් දසනායක මහතා පවසන්නේ එසේ වින්දිතභාවයට පත් වු ඇතැම් අයට නීතියෙන් සාධාරණය ඉටු වී තිබෙන බවය.

රටක් සංවර්ධනය වන විට පොලිස් ප්‍රචණ්ඩත්වය අඩු විය යුතු වුවත් ලංකාවේ එවැනි ආකාරයට පොලිස් ප්‍රචණ්ඩත්වයේ අඩුවක් සිදු වී නොමැති බවත් ඔහු අවධාරණය කරයි.

පොලිසිය පහර දෙන කණ්ඩායම් දෙකක් මේ වනවිට නීරීක්ෂණය වී ඇති අතර ඉන් එක කණ්ඩායමක් වන්නේ පීඩිත පුද්ගලයින්ය. ඔවුන් පොලිසියක් තුලදී අවථානුකූලව පොලිස් පහර දීම් / හිරිහැර වලට ලක් වන බව පෙන්වා දෙන ඒ මහතා පවසන්නේ අනෙක් කණ්ඩායම වන්නේ අපරාධකරුවන් ගණයේ සැලකෙන පුද්ගලයින් බවය.

ඔවුන්ව ඝාතනය කරන්නේ / වදහිංසනයට ලක් කරන්නේ සංවිධානාත්මකව බවත් ඊට හොඳම නිදසුන් ලෙස මෑත කාලයේ ඝාතනයට ලක් වු මාකඳුරේ මධුෂ් / කොස්ගොඩ තාරක වැනි පුද්ගලයින් බවද ඔහු පවසයි.

අපරාධකරුවන්ට පොලිස් ප්‍රචණ්ඩත්වය මුදා හරිද්දී එය සමාජය අනුමත කරන බවද ඒ නිසාම පොලිසිය සෑම විටම පොලිස් ප්‍රචණ්ඩත්වයෙන් කටයුතු කිරිමට උත්සුක වන බවත් මෙලෙස සිදු වුවහොත් සමාජ ප්‍රගමනයක් නැතැයිද හෙතෙම කියා සිටියි.

පාතාලය මර්දනය කිරීමට කියා / මත්ද්‍රව්‍ය තුරන් කිරීමට කියා අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් ඝාතනය කළද සමාජයේ ඒ්වා අඩු වීමක් නැති බව පෙන්වා දෙන නීතිඥ දුලාන් දසනායක මහතා පවසන්නේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් හරහා විමර්ශනය කිරිමට අවශ්‍ය තොරතුරු ලබා ගෙන සැකකරුව අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවය.

එදා මහධිකරණ විනිසුරු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොට්ට නවුෆර් පොලිස් අත්අඩංගුවට පත් වන්නේත් ඔහු යොදා ගත් අපරාධකරුවන්ගේ දුරකථන දත්ත විශ්ලේෂණය කිරිම නිසා බවත් එදා ඒ විමර්ශන නිලධාරීන් විනිසුරු අඹේපිටිය ඝාතනයට අත්අඩංගුවට ගත් පළමු සැකකරුවන් වෙඩි තබා ඝාතනය කළේ නම් පොට්ට නවුෆර් මේ ඝාතනයට සම්බන්ධ බවට හෙළි නොවන බවද ඔහු කියා සිටියි.

අද වන විට අපරාධ නිවාරණ ක්‍රියාවලියම අසාර්ථක වී ඇති බව පෙන්වා දෙන ඔහු පවසන්නේ නීතියෙන් රැකවරණයක් නොමැති බවය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විසින් මෙහෙයවන ලද හෙට ගයාන් ඔබද? ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙමු! යන මැයෙන් සිදු කළ සාකච්ඡාවකදීය.

සූම් තාක්ෂණය ඔස්සේ පැවැත් වූ මෙම සාකච්ඡාවේදී රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක, යුක්තිය උදෙසා පුරවැසියෝ හී අමිතා ප්‍රියන්ති, පූගොඩ පොලිසිය තුලදි වදහිංසනයට ලක් කර ඝාතනය වු ගයාන්ගේ බිරිඳ වු සඳුනි වාසනා ද අදහස් දැක් වු අතර මෙම සංවාදය මෙහෙයවන ලද්දේ කුසුම් සිල්වා මහත්මිය විසිනි. මෙය සම්බන්ධීකරණය කරන ලද්දේ නීතිඥ හිරෝෂාන් ලක්ෂාන් මහතා විසිනි.

-ශානි-

aithiya

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….