මාළු ප්‍රේමීනි දිවට වෙඩි තියාගනු මැන..!!

kelawalla-boku

පහුගිය දවස් දෙකක් ගාල්ල මාතර ගියා. හයිවේ ගිහිං ගාල්ලෙන් මතුවුණාට පස්සේ මඟ දිගට ඕසෙට මාළු. බලයෝ කෙළවල්ලෝ හුරුල්ලෝ සාලයෝ ඉරටවල්ලෝ අලගොඩුවෝ හැමතැනම ලෑලි උඩ පීනනවා. ඒ අහු අස්සේ උදේ පාන්දර කෝල් කරපු අපේ මාළු කඩේ යාලු මාළු – ‘ගල් මාළු ඇවිත් තියෙනවා. කූරි අටක් තියේ. කිලෝ 04ක් විතර තියෙනවා එකෙක්ගේ. සේරම ඌරු හොටාලා’. ගල් මාළු කියන්නේ මම බලයට පස්සේ ආසම මාළු රස. ඔව්. ඒත් කරන්න දෙයක් නෑ මම ගෙදර නෑ. අරං තියලා කන්න ඕනී ජාතියක් නෙවෙයි ගල් මාළු කියන්නේ. සමහර දවසක බලපිටියට ගියාම පින තියේනම් ආර්නූල් ඇස් තියන් බලන් ඉන්න ගල් මාළු හම්බවෙනවා. ඔව්.. ගල් මාළුවා කියන්නේ පිච්චීමට දුම් ගැසීමට තෙලෙන් බැදීමට අවන් කිරීමට විතරක් නෙවෙයි තුනපහ එක්ක සෙට්වෙලා කරීකරණය වෙන්නත් උපන් හපන් මාළුවෙක්.

කොහොම වුණත් ඔන්න දැන් හැමතැනම දකුණු වෙරළේ මාළු ඕසෙට ගොඩට එන කාලේ. ඉස්සෝ දැල්ලෝ වගේ ජාතිත් දකින්න සුළබයි. මේවා දැක්කොත් අතාරින්න එපා ටිකක් යහමින් ගෙදර අරගෙන යන්න.
අද කතාව මේකයි. අද මාළු ගන්න ගියාම බල ඉන්නවා බලාන. කිලෝඑකම රුපියල් 600යි. ගත්තා. ඊළඟට මූදු කුකුලා ඉම්නවා තන්දූරි කළානම් ගොඩකුකුලා පරාදයි. කිලෝ එක රුපියල් 400යි ගත්තා. පට්ට ගසා ගත්තා. ටිකක් වෙලා යනකොට අපේ මාළු යාලු මට කියනවා – ‘බ්‍රෝ අද තියේ නියම බඩුවක් අරං යන්න’ – මොනාද? මම අහනවා. කෙළවල්ලගෙ තුවක්කුව. පිස්ටල් එක’ මෙහේ තුවක්කුව කියන්නේ ඉතිං බඩුම තමයි. මාළුවාගේ හාටෙකට කියන්නේ තුවක්කුව කියලා. (මම හිතන විදිහට) කෙළවල්ලා කියන්නේ පිටරට යන ජනප්‍රිය මාළුවෙක්. ටූනාවෙක්. ලොකු මාළුවෙක් නිසා ලොකු හාටෙකක්. කිලෝ එකම 1500යි. ගත්තා ඕනී ෆුකක් කියලා. මේක පීකුදු වගේ කෑමක්. පිස්සු පීකුදු වෙන්න කියලා බීර කෑන් දෙකකුත් අරගෙන තුවක්කු කිලෝ එකත් අරන් මම ගෙදර ආවා.

ගෙදර තිබුණා තක්කාලි. තව කොත්තමල්ලි කොළ තිබුණා. කොළ මිරිස් තිබුණා. මට හිතුනා තක්කාලි සොද්දක මේ තුවක්කු ටික සඟවලා පස්සේ දිවට වෙඩි තියන්න. තක්කාලි සුදුළූනු කොළමිරිස් කොත්තමල්ලි කොළ එකට බ්ලෙන්ඩ් කරලා වැඩේ පටන් ගත්තා. පස්සේ තුවක්කුටික මේ ජූසියේ සඟවලා ඊට උඩින් කෑලි මිරිස් දූමකේතුවක් හැලුවා. ඊටපස්සේ පොඩි ගින්දරක් උඩ තියලා නැටෙව්වා.

කෙළවල්ලා කියන්නේ බලයගේ ලොකු අයියා වගේ. බල කියන්නේ මම ආසම මාළුවා. බල ඔලු සොද්ද කියන්නේ පාන් දුසිමක් එක හුස්මට කන්න පුලුවන් සොද්දක්. ඉතිං එහෙව් මාළුවාගේ ඊටවඩා ලොකු එකාගේ තුවක්කුව කියන්නේ ආයේ රස ගැන කවර කතාද? මීන හදවතක් රස රහට උයලා ගන්නවා කියන්නේ ලේසි නෑ.
ඉතිං මාළු ඔලු මාළු හදවත් මාළු බොකු මාළු බිත්තර අහුවුණොත් අතාරින්න එපා. ඒවත් රසටම කන්න පුලුවන් රස කෑම.. එක එක රසට හදාගන්න පුලුවන් මේ හැම එකක්ම. ඉතිං කෙළවල්ලගේ තුවක්කුව කොහේහරි තිබිලා හමුවුණොත් දිවට වෙඩි තියාගෙන බලන්න..!

කේ සංජීව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….