සද්දන්ත කුලයේ කදුලු කතාව

සාමාන්යයෙන් අපි හැමෝම අලින්ට ආදරෙයි නේ ද? පොඩි කාලෙ තමයි ලංකාවෙ මිනිස්සු සත්තුන්ට ආදරේ ගස් වැල් වලට ආදරේ එහෙම. වයසින් වැඩි වෙනකොට ඒ සංවේදීතාවය හරි අඩුයි. අර පොඩි කාලෙ පත රචනා ලිව්ව කට්ටිය සත්තු මරනව, ගස් කපනව, කුණු තැන තැන දානව.. හරිම ආත්මාර්ථකාමී නේ ද අපි.
නමුත්
ඔයාල දන්නව ද මෑත කාලීනව ලංකාවෙ වන අලින්ට මූණ පාන්න වෙලා තියෙන ගැටලුව?
හරි අපි මෙහෙම කියමුකෝ
හැමදාම ලංකාවෙ හවසට ප්රවෘත්ති වලට නැත්නම් පත්තර වල මොනතරම් යනව ද අලි -මිනිස් ගැටුම ගැන නේද? ඒව ඇහුව ම මිනිස්සුන්ට කේන්ති යනව. ගෙවල් කඩල මිනිස්සු මරල යන වල් අලි සේරටම හොද වැඩක් කරන්න ඕන.
එහෙම පුලුවන් ද අලින්ට මේ රට යන්න දෙන්න එහෙම කියන අයත් ඉන්නව..
හැබැයි එහෙම කියන අය ම අර සද්දන්ත කුලේ ඇත් රාජයෙක් දළදා කරඩුව ගේනකොට හතර අතට වදිනව. භක්තිය දෝරෙ ගලනව.. පුදුම ගෞරවයක් තියෙන්නෙ . සාමාන්යයෙන් පෙරහැරවල් මිනිස්සු බලන්න යන්නෙත් අලි බලන්නමනේ. ..
.පින්නවල, උඩවළවේ වගේ තැනකට ආවම ඔයාල එයාලට කන්න දෙන්න මොනතරම් ආසද…? කොච්චර වියදම් කරනව ද පලතුරු වට්ටි වලට
නමුත් ඒ වගේ ආදරයක් වන අලින්ට නෑ නේද? හිතට තට්ටු කරල බලන්න. ඒක නේද තිත්ත ඇත්ත.
ලෝකෙට අනුව ඉන්නෙ ආසියානු අලි සහ අප්රිකානු අලි.
නමුත් දන්නවද ලංකාවෙ අපි කරේම හීලෑ අලි, කැලේ අලි කියල ඒ සත්තු මාකට් කරපු එක. එහෙම භේදයක් මේ ලෝකෙ නෑ. ඒ පුහු බෙදීම හදල තියෙන්නෙ අපි.
ඔයාල දන්නවද මේ වෙනකොට තව අලි ජාතියක් නිර්මාණය වෙලා තියෙනව ලංකාවෙ ආ නිර්මාණය වෙලා නෙවෙයි ඔබ මම අපි විසින් තමයි ඒක නිර්මාණය කරේ. අහල තියෙව ද ගාබේජ් එලිෆන්ට් ල ගැන. නැත්නම් කුණු කන අලි ගැන.
මුලු ලෝකෙම ශ්රී ලංකානු අලියට දැන් කියන්නෙ ඒ නම. ගිය අවුරුද්දෙ අපේ රටට අන්තර්ජාතික ජායාරූප තරගෙක විශිෂ්ට සම්මානයක් ලැබෙනව කිසිම වගකීමක් නැතුව එකතු කරල තිබ්බ විශාල කුණු කසළ වලක කුණු කන අලි ඉන්න ෆොටෝ එකකට.
ඒ පින්තූරෙ මුලු ලෝකෙම වයිරල් උණා. මුලු ලෝකෙම කතා කරා අන්න ලංකාවෙ අලිත් දැන් කන්නෙ ප්ලාස්ටික් පොලිතින් කුණු.
අපේ මිනිස්සු මේ ගැන දන්නෙ නෑ. මුලු ලෝකෙම දන්නව අපි දන්නෙ නෑ. ඒ තමයි අපේ රටේ හැටි.
ඒ අතරෙ,
අපේ අලින්ට ඉන්න කැලයක් නෑ. ගස් කොළන් නෑ. හිටපු තැන් වලට මිනිස්සු ඇවිත්. එයාලට කන්න අක්කර ගණන් වගා කරල ශත වර්ශ ගාණක් ඒ සත්තු හිටපු බිම් වල.
ඒ මදිවට වන අඩවි අද්දර මිනිස්සු ප්ලාස්ටික් පොලිතින් කුණුත් එකතු කරල. සාමාන්යයෙන් කුණු කන්න එන්නෙ හරක් එලුවො බල්ලො නිකන් ලෝ කැටගරි සත්තුනේ. මොන කාලෙක ද ඇහුවෙ කුණු කන අලි ගැන.
විදේශික පර්යේෂණයක් කරල තිබ්බ මේ කුණු අලි ගැන ලංකාවෙ. දන්නවද කුණු ට්රැක්ටරයක් ඇවිත් කුණු හලල ගිහින් විනාඩි 10- 20 අතර අලුත් කුණු කසළ කන්න අලි රංචු වශයෙන් දැන් එන්න පුරුදු වෙලා කියල..
ඒ තරමට ඒ අලි කොච්චර අසරණ වෙලා ද කිව්වොත් දැන් ඒ කුණු කලාප වලට අලි එන කොරිඩෝවක් නිර්මාණය වෙලා.
අර ප්ලාස්ටික් පොලිතින් බෑග් වල අපේ කට්ට්ය දාපුව තමයි දැන් කන්නෙ. අර ස්වාභාවිකව කොල කාපු අය දැන් කන්නෙ කුණු. දුකක් දැනෙනව නේද. අර කුණු කසල කියන්නෙ අපි දාපුව. සමහර ප්ලාස්ටික් පොලිතින් වැඩකට නැතුව අපි පරිසරයට එකතු කරපුව..
ඔයාල දන්නවද පොලිතින් ප්ලාස්ටික් කාපු අලින්ට ප්රතිකාර කරල ගොඩ ගන්න හරිම අමාරුයි. පොලිතින් දිරවන්නෙ නැතුව ප්ලිහාව අක්මාව බඩවැල් ඉදිමිලා තමයි ඒ සත්තු මැරෙන්නෙ.
ඒ වගේමයි මේ මහා කුණු වලවල් වල කාපු ප්ලාස්ටික් පොලිතින් දිරව ගන්න බැරුව පණ අදින අලි හිටිය. ගිය අවුරුද්දෙත් දෙන්නෙක් මැරුණ . දැනට ප්ලාස්ටික් පොලිතින් කාල මැරිච්ච අලි ගාණ විසි ගාණක්.
අපි දැන් ඉන්න ආර්ථික අවපාතෙට විසදුම සංචාරක කර්මාන්තයනෙ. පිටරටින් එන සේරම හරි ආසයි ලංකාවෙ අලි බලන්න.
ඉතින් ඒ කවුරුවත් කැමති වෙයි ද කුණු වලක බැහැල පණ අදින සත්තු බලන්න එන්න.එතකොට ලංකාවට ඉතින් ඩොලර් ඒවි ද?
World wild fund අනුව ශ්රී ලංකානු අලියා වද වීමට ගොදුරු වෙලා ඉන්නෙ. මේ වෙනකොට වන අලි ගහණය තියෙන්නෙ 2500- 3000 අතර. වද වීමට යන හේතු අතරෙ දැන් තියෙන්නෙ අක්රමවත්ව බැහැර කරපු ප්ලාස්ටික් පොලිතින් නිසා ඒව දිරව ගන්න බැරුව දුක් විදල පණ ඇදලා වෙන අලුත් අලි මරණ ගැන.
මෙහෙම ගියොත් ඉස්සරහට අපේ දරුවොන්ට අලි ඇත්තු බලන්න වෙන්නෙ පින්තූරෙකින් තමයි.
නමුත්
අපි හැමෝටම පුලුවන් මේ වෙන අකල් මරණ නවත්තන්න. කවුද කැමති අද ඉදල
1පුලුවන් තරම් ප්ලාස්ටික් පොලිතින් භාවිතය අඩු කරල
2 වගකීමක් නැතිව තැන් තැන් වල කුණු පොලිතින් ප්ලාස්ටික් දාන්නැතුව
3.ස්වයං විනයක් තියෙන විදියට හැසිරිලා තමන් දන්න අයටත් මේ පණිවිඩය දෙන්න කැමති අය.
මේ දේවල් සරල දේවල් වගේ පෙණුනට එක මනුස්සයෙක්ගෙ එක හිතක් මේ විදියට වෙනස් උනොත්,
අපිට පුලුවන් පොලිතින් ප්ලාස්ටික් දූෂණයකින් තොරව රටක් හදන්න.
පරිසරයට ආදරය කරන සුන්දර මහ පොළවක් හදන්න.
ඔක්කෝටම වඩා ගද ගහන පොලිතින් ප්ලාස්ටික් කුණු කසළ වලවල් පිරෙන එක අපිට නවත්තන්න පුලුවන් වෙයි.
මේක ඔබෙත් මගෙත් නූපන් අනාගත දරු පරම්පරාවටත් මේ සතා සීපාවටත් අයිති රට.
ඒ නිසා අවංකම හිතන්න. මං මේ කන්න බොන්න පාවිච්චි කරන ප්ලාස්ටික් පොලිතින් නිසා දස දහස් වාරයක් සත්තු මැරිල යනව නම් මං ඇයි මේව පාවිච්චි කරන්නෙ කියන එක.
දන්නවද අද අපි මේ සමාජ වගකීම අරන් වැඩ කටයුතු නොකරොත් අපිට කවමදාවත් සොබාදහමෙන් සමාවක් ලැබෙන එකක් නැහැ. අපේ දරුවොන්ටත් නැහැ. මේ රට කවදාවත් සංවර්ධනය වෙන්නෙත් නැහැ .
– උත්පලා ද සොයිසා –

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….