සමෘද්ධි නිලධාරීන්ට වැඩක් දෙනු! – අජිත් පැරකුම් ජයසිංහ

2023 වසරේ ජුලි මස සිට අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන හඳුන්වා දීමත් සමග සමෘද්ධි වැඩසටහන අත්හිටුවීම නිසා 18,000ක් වන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් කිරීමට වැඩක් නැති තත්වයකට පත්ව සිටින බව සමෘද්ධි වෘත්තීය සංගම් එකමුතුව පවසයි. 

1995 පමණ සිට ක්‍රියාත්මක වූ සමෘද්ධි ව්‍යාපාරය සතුව සමෘද්ධි බැංකු 1097ක් දිවයින පුරා තිබෙන අතර ඒවායේ කටයුතු ද අඩපණ වී ඇති බව වෘත්තීය සමිති ආරංචි මාර්ග පවසයි. සමෘද්ධි සහනාධාරයට අනිවාර්ය ඉතුරුම් ක්‍රමයක් ඇතුළත් වූ අතර එම මුදලින් සමෘද්ධි බැංකු පිහිටුවන ලදී. සමෘද්ධි බැංකු විසින් සාමාජිකකයන්ගේ අවශ්‍යතා සඳහා සහන පොළියට ණය ලබාදීම සිදු කරන ලදි. එසේම, සුබසාධන කටයුතු ද නිවාස අලුතින් ඉදි කරගැනීම හෝ අලුත්වැඩියා කිරීම සඳහා ලොතරැයි ක්‍රමයක් ද ක්‍රියාත්මක කරන ලදි.  
 
කොවිඩ් වසංගතය සමයේදී අඩු ආදායම්ලාභීන්ට රු. 5000 බැගින් බෙදා දීම සඳහා එවකට පැවති රජය විසින් සමෘද්ධි බැංකු සතුව තිබූ රු. බිලියන 47ක් ලබාගන්නා ලදි. එම මුදල් ද සමෘද්ධි බැංකු වෙත ආපසු ලබා දී නැත.
 
සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් සිදුකරන ලද ප්‍රධානම කාර්යය වූයේ සමෘද්ධි ආධාර බෙදා දීමයි. රු. 350 සිට 3500 දක්වා වූ ආධාර සමෘද්ධි යටතේ ලබාදෙන ලදි.
කෙසේ වෙතත්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට වැටුප් ගෙවමින් සමෘද්ධිය සම්බන්ධ ආයතන පවත්වාගෙන යාම සඳහා සමෘද්ධිය වෙනුවෙන් වෙන් කරන ලද මුදලින් 25%ක් පමණ වැය වූ බව අධ්‍යයන මගින් හෙළිදරව් විය. 

2020 සැප්තැම්බර් 01 දිනට සමෘද්ධි සහනාධාර ලැබූ මුළු පවුල් සංඛ්‍යාව 1,784,082කි. එය සහනාධාර වර්ගීකරණය අනුව පහත පරිදි වේ. ‍

වර්ගීකරණයපවුල් සංඛ්‍යාව
රු.   420.00      83,551
රු.1,500.00    636,445
රු.2,500.00    350,278
රු.3,500.00    713,808
එකතුව1,784,082

මූලාශ්‍රය: පාර්ලිමේන්තු වෙබ් අඩවියඑම පිළිතුරෙහි අඩංගු වූ පහත දැක්වෙන කොටස සමෘද්ධි වැඩසටහනෙහි අසාර්ථකත්වය හා දේශපාලනික ලක්ෂණ මැනැවින් නිරූපණය කරයි. “2005 වසර වනවිට 1,960,664ක් පමණ වූ සමෘද්ධිලාභින් සංඛ්‍යාව, 2015 වසර ආරම්භයේදී 1,453,078ක් වූ අතර, 2018 වසර වනවිට 1,384,021 දක්වා අඩු වීම කැපී පෙනෙන සාධනීය ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැක. කෙසේ වුවද, පසුගිය යහපාලන රජය විසින් 2019 වර්ෂයේදී දේශපාලන ලෙස තෝරා ගත් නව ප්‍රතිලාභින් 433,500කට පමණ සමෘද්ධි සහනාධාර හිමිකම් ලබා දීම නිසා මේ වනවිට මුළු සමෘද්ධිලාභින් සංඛ්‍යාව 1,784,082ක් දක්වා වර්ධනය වී ඇත. ගරු කථානායකතුමනි, මේ විධියට සමෘද්ධිලාභී පවුල් සංඛ්‍යාවෙන් සියයට 25කට එම සහනාධාරය ලබාදී තිබෙන්නේ, 2019දී පැවැති ජනාධිපතිවරණයේදී එවකට පැවති යහ පාලන ආණ්ඩුවේ නායකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන්. තවම දිළිඳුභාවයෙන් ඉන්න කණ්ඩායම් අපි මේ වනවිට හඳුනාගෙන යනවා. ඉදිරියේදී අපි ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවා. මේ වන විට සමෘද්ධි සහනාධාරය ඉල්ලුම් කර ඇති සංඛ්‍යාව 683,336කි.”

අධික ලෙස දේශපාලනික වූ සමෘද්ධි වැඩසටහන විධිමත් කිරීම සඳහා 2002දී සුබසාධන ප්‍රතිලාභ මණ්ඩල පනත ඉදිරිපත් කරන ලද මුත්, සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය සැබවින්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම ආරම්භ වුණේ 2022දීය.

අජිත් පැරකුම් ජයසිංහ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….