ඉන්දියාව මිසයිලයක් අත්හදා බලයි

india-mis

ඉන්දියාව විසින් සාර්ථක ලෙස බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ. එරට ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වු අබ්දුල් කලාම් දූපතේ සිට එම මිසයිලය අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

“අග්නි පහ” ලෙස එම බැලැස්ටික් මිසයිලය නම් කර තිබේ.

කිලෝමීටර් 5,000ක් පමණ දුරින් පිහිටි ඉලක්ක වෙත මෙමඟින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බව වාර්තා වේ.

කෙසේවෙතත් එම මිසයිල අත්හදා බැලීම චීනයට පණිවුඩයක් වනු ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

More Stories