ඉන්දියාව සිය නවතම බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලයි

ඉන්දියාව සිය නවතම බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලා තිබේ.

ඔඩීෂා වෙරළ තීරයේදී “අග්නි ප්‍රයිම්” ලෙස නම් කර ඇති එම මිසයිලය ගුවන්ගත කර ඇත.

කිලෝමීටර 1000 -2000 ත් අතර පරාසයක විහිදෙන එම මිසයිලය ඉදිරි පරම්පරාවේ න්‍යෂ්ටික හැකියාවන්ගෙන් සමන්විතවූවකි.

ඉන්දියාවේ අග්නි මිසයිල මෙහෙයුම් මාලාවේ තවත් අදියරක් ලෙස එම අත්හදා බැලීම සිදු කළේ ය.

 

More Stories