කස්කස්ථානයේ පුද්ගලයින් 100 දෙනකු රැගත් ගුවන් යානයක් කඩා වැටෙයි

කස්කස්ථානයේ අල්මාටි ගුවන් තොටුපොළ ආසන්නයේදී මගීන් 95 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සේවකයින් 5 දෙනෙකු රැගත් ගුවන් යානයක් කඩා වැටී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අල්මටි ගුවන්තොටුපළින් ගුවන්ගත කර සුලු වේලාවකට පසුව යානය එලෙස කඩා වැටී ඇති බවයි.

යානය කසකස්ථානයේ විශාලතම නගරය වන අල්මටි සිට එරට අගනගරය වන නර්සුල්තාන් වෙත ගමන් කිරීමට නියමිතව තිබී තිබේ.

 

Related posts