ගෝලීය උණුසුම පාලනය කිරීම පිළිබඳව ලෝක නායකයන් වගකීමෙන් පලා යනවා

ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා ලෝක නායකයන් පියවර නොගතහොත් ඔවුන් අමාරුවේ දැමීම සඳහා තමන් ඇතුළු පරිසර ක්‍රියාකාරීන් පිරිස නිසැකවම පියවර ගන්නා බව ග්‍රේටා තන්බර්ග් කියයි. ඉතාලියේ ටියුරින් නුවරදී පැවැති විරෝධතාවකදී, පරිසර ලෝලීන් පිරිසක් අමතා ඇය එසේ ප්‍රකාශ කරන විට රැස්ව සිටි පිරිස ඔල්වරසන් දුන්හ.

තවමත් 16 හැවිරිදි වියේ සිටින ග්‍රේටා තන්බර්ග් පවසන්නේ ලෝක නායකයන් තමන්ගේ වගකීමෙන් පළා යමින් සිටින බවයි. වසර 2020 ක්‍රියාකාරී වර්ෂයක් විය යුතු බවද ඇය කීවාය. ‘අනාගතය වෙනුවෙන් සිකුරාදා’ යන්න තේමා කරගනිමින් ඉතාලියේ ටියුරින් නුවරදී පැවැති විරෝධතා රැළියකදී ඇය කීවාය.

Related posts