දිය යටදී විවාහ යෝජනාව කළ පෙම්වතා මිය යයි

දියයට කිමිදෙමින් සිය පෙම්වතියට විවාහ යෝජනාවක් සිදු කිරීමට උත්සාහ කළ අමෙරිකානු ජාතිකයෙකු දියේ ගිලී මියගොස් තිබේ.

ස්ටීවන් වෙබර් නමැති අමෙරිකානු ජාතිකයෙකු මෙලෙස මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිය පෙම්වතිය සමඟ නිවාඩුවක් ගත කිරීම සඳහා ටැන්සානියාවට ගොස් ඇති මෙම පුද්ගලයා එරට දූපතක් ආශ්‍රිත මුහුදේ දී දිය යට කිමිදෙමින් ඇයට විවාහ යෝජනාව සිදුකිරීමට උත්සාහ දරා ඇති බව සදහන්.

කෙසේ වෙතත් එම උත්සාහය අසාර්ථක වීමෙන් ඔහු මියගොස් ඇතිබව වාර්තා වේ.

Related posts