යුක්රේනයෙන් රුසියාවට ෂෙල් ප්‍රහාරයක්

ukrean-russi

රුසියාවේ දකුණු දෙසින් පිහිටි බ්‍රයැන්ස්ක් පළාතේ ක්ලින්ට්ස්කී නමැති නගරයට යුක්රේනයෙන් ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ නමුත් ප්‍රහාරයෙන් නගරයේ කිසිවකුටවත් අනතුරක් සිදුවී නැත. නිවාස සහ ගොඩනැගිලි කීපයකට හානි සිදුවුණු බව නගරාධිපතිවරයා පැහැදිලි කර ඇත.

ක්ලින්ට්ස්කී නගරයේ 60,000 ක පිරිසක් ජීවත් වෙති. නගරය ඇත්තේ යුක්රේන දේශසීමාවේ සිට කිලෝ මීටර් 45 ක් පමණ දුරකින් බව ද පැවැසෙයි.

Related posts