විදේශීය හමුදාවන් ගල්ෆ් කලාපයේ ආරක්ෂාවට තර්ජනයක්

විදේශීය හමුදාවන් ගල්ෆ් කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් බව ඉරාන ජනාධිපති හසන් රවුහානී අනතුරු ඇගවීමක් සිදු කරයි.

අමෙරිකාව විසින් සෞදි අරාබියාව වෙත හමුදා භට පිරිස් යොමු කිරිමට ගෙන ඇති තීරණය පිළිබද ප්‍රතිචාර දක්වමින් ඉරාන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

ගල්ෆ් කලාපයේ සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් නව යෝජනාවලියක් ඉදිරි දිනවල දී එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කිරීමට ඉරානය සැලසුම් කර ඇති බව ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

Related posts