හූති කැරලිකරුවන්ගේ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 60 දෙනෙකු මරුට January 19, 2020 daily reporter බැලිස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යොදා ගනිමින් හූති කැරලිකරුවන් යේමනයේ හමුදා පුහුණු කඳවුරකට එල්ල කල ත්‍රස්ත ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි සෞදියේ රාජ්‍ය රූපවාහිනී නාලිකා ප්‍රකාශ කරයි.