දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර පිහිටි එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුල අද විශාල ගින්නක් හට ගත්තා.
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වහලයෙන් ගිනිදැල් පිටවන ආකාරය සහ ඉන් විශාල කළු දුමාරයක් නිකුත් වන අයුරු දැක්වෙන අයුරු දැක්වෙන වීඩියෝ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ගින්න පාලනය කිරීම සඳහා ගිනිනිවන භටයින් රැසක් එම ස්ථානයට කැඳවා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් ගින්නට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.






