අගමැති ලේකම් නීතිපති මතය විමසයි

ara

ජනාධිපති ධුරය පුරප්පාඩු වුවහොත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් වරයාට දන්වන ලද නීතිපති මතය මෙසේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි 38(1)ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මියගියහොත්, කතානායකවරයා වෙත තමාගේ අත්සනින් යවනු ලබන ලිපියකින් ජනාධිපතිවරයා තම ධුරයෙන් අස් වුවහොත් ,ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ පුරවැසියකු ව සිටීම නතර වුවහොත් ජනාධිපති ධුරය හිස් වෙි. එසේම ජනාධිපති ධුරයේ හිස් වන තවත් අවස්ථා තුනක් ද එම අනු ව්‍යවස්ථාව යටතේ දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන ව්‍යවස්ථාවේ හිස් වූ ජනාධිපති ධුරය අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් කරගන්නා ආකාරය සඳහන් කර ඇත.

ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට ප්‍රථම ජනාධිපති ධූරය හිස් වුවහොත් පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරුන් අතරින් ජනාධිපති ධුරයට තෝරා පත් කර ගැනීමට සුදුසුකම් ඇති යම් මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කළ යුතුය. එසේ පත්වන ජනාධිපතිවරයා ධුර කාලයෙන් ඉතිරි කාලය සඳහා පමණක් ධුරය දැරිය යුතුය.එම තෝරා ගැනීම ජනාධිපති ධුරය හිස් වී මාසයකි ගතවීමට ප්‍රථම සිදුකළ යුතුය. ඒ සඳහා රහස් ඡන්දයක් පවත්වා වැඩි ඡන්දයෙන් තෝරා පත් කළ යුතුය.

ජනාධිපති ධුරය පුරප්පාඩු වූ දා සිට නව ජනාධිපතිවරයකු පත් වන තාක් අතරතුර වූ කාලය තුළ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුරයේ වැඩ බලනු ඇත. පත්වූ නව ජනාධිපතිවරයා එවිට අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකු වන කෙනෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ යුතුය.

මෙම කාරණයේදී 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධි විධාන පනත ද අදාළ වන බව නීතිපතිවරයා විසින් පෙන්වා දී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි 38(1) අනු ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධූරය හිස් වූ වහාම ජනාධිපතිවරණ පනතේ තෙවන වන වගන්තිය ක්‍රියාත්මක වෙි. ඒ අනුව ජනාධිපති ධූරය හිස් වූ පසු දින තුනක් ඇතුළත පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තුව රැස් කළ යුතුය. එසේ පාර්ලිමේන්තුව රැස්වූ විට දී ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවට දන්වා සිටිය යුතුය. ඒ රැස්වීම් දිනයේ සිට පැය 48කට කලින් නොවන්නාවූ සහ දින හතකට පසු නොවන්නා වූ දිනයක තමා විසින් නාමයෝජනා බාර ගනු ලබන දිනයක් හා වේලාවක් නියම කළ යුතුය.

එසේම මෙම කාරණයේ දී ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම යන අංක 7 දරණ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයටද නීතිපතිවරයා විසින් අවධානය යොමු කරන ලද බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….