අද දවසේ අරගලයේ සැබෑ අරමුණු ඉටුවී ඇත්ද

ඊයේ  (09) දිනට අරගලය ජයග්‍රහණය කර වර්ෂ 2 ක් ගතවන මොහොතේ අරගලයෙන් බලාපොරොත්තු වූ වෙනස ඇතිවී තිබෙනවාද යන්න කල්පනා කර බැලිය යුතු බවත් 2019 රැල්ලකට හසුවී රාජපක්ෂ පාලනයක් ඇතිකරගත්තා සේම මෙවරද රැලිවලට තම මනාපය ගසාගෙන යාමට ඉඩ නොදෙන එක්සත් ජනරජ පෙරමුණ පවසයි.

එක්සත් ජනරජ පෙරමුණේ 43 සේනාංකය විසින් අරගලයට සම්බන්ධ වෙමින් එය ජයග්‍රහණය කිරීම සඳහා දායකත්වය ලබාදුන් අතර අරගලයේ දෙවර්ෂ පූර්ණය ගත වන අද දවසේ එම ජයග්‍රහණය සිහිපත් කරමින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පලවිය.

මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශයේ සභාපති ඉසුරු චන්ද්‍රසේකර මහතාත්, මධ්‍යම කාරක සභික කවීෂ රණසිංහ මහතාත්, මධ්‍යම කාරක සභික චමුද ප්‍රනාන්දු මහතාත් සම්බන්ධ විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශයේ සභාපති ඉසුරු චන්ද්‍රසේකර මහතා;

“අද ජූලි 09 වෙනිදා. අරගලයේ දෙවර්ෂ පූර්ණය ගත වෙන දවසේ මේ මාධ්‍ය සාකච්ඡාව තියන්න කටයුතු කරේ 43 සේනාංකය විදිහට අපි 2022 මාර්තු පාගමනක් එනවා මොරටුවේ ඉඳන් කොළඹට. ඒ පාගමනේ තේමා පාඨය වෙන්නේ ‘එකතු වෙලා එලවමු’ කියන තේමා පාඨය. ඒ විදිහට අපි අපේ රට තුල ඇති වෙච්ච අර්බුදයෙන් සහ රාජපක්ෂ පාලනය නිසා ඇතිවෙච්ච අර්බුදයට හේතුව හොයන්න පාරට බැස්සා 43 සේනාංකයේ තරුණයෝ විදිහට. අපේ අරගලය නතර වෙලා නෑ. අපේ අරගලය ඇතිවුණේ මේ අර්බුදය නිර්මාණය කරපුවන්, බලයෙන් පහ කරන්නත්, මේ අර්බුදයට සැබෑ විසඳුම්, ප්‍රායෝගික විසඳුම් සොයන්නත්. අපි එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය විදිහට අරගලය ජයග්‍රහණයෙන් අවසන් වුණත් අරගලයට හේතු වූ සැබෑ ප්‍රායෝගික විසඳුම් හොයන්න පටන් අරන් තියෙනවා. අපිට බලාගන්න පුළුවන් වත්මන් ආණ්ඩුවට පොදුජන පෙරමුණේ පාක්ෂිකයන්, ඇමතිවරු, සංවිධායකවරු නැවත එකතු වෙනවා. වෙනස්වීමක් අපිට පේන්නේ නෑ. ඉතින් එක්සත් ජනරජ පෙරමුණ විසින් මේ සඳහා වැඩපිළිවලක් ආරම්භ කරලා තියෙනවා. අරගලය දෙවර්ෂ පූර්ව දිනයේ ඔබ සියලුම දෙනාට ආරාධනා කරනවා මේ වැඩපිළිවෙළ සහ ප්‍රායෝගික වැඩපිළිවෙලට එකතු වෙලා මේ රට හදන සැබෑ ගමන් මාර්ගයට අවතීර්ණ වෙන්න කියලා.”

ඉන් අනතුරුව එක්සත් ජනරජ පෙරමුණේ මධ්‍යම කාරක සභික කවීෂ රණසිංහ මහතා ද මෙසේ අදහස් දක්වන ලදී..

“ජූලි 09 කියලා කියන්නේ හැටනම ලක්ෂයක ජනවරමින් පත්වෙච්ච ජනාධිපතිවරයෙක් ජනතාවගේ අප්‍රසාදය හා ජනතාවගේ විරෝධය හමුවේ තමන්ගේ ධූරය අතැරලා යන්න සිද්ධ වෙච්ච දවස. ඒක ඉතිහාසගත වෙන දවසක්. මොකද ජනතාවගේ බලය, ජනතාවගේ ශක්තිය රටේ පිළිබිඹු වෙච්ච දවසක් විදිහට අද අපිට සලකන්න පුළුවන්. අරගලය වෙලා අවුරුදු දෙකක් ගත වෙනකොට අපි ඇත්තටම කල්පනා කරලා බලන්න ඕනේ අරගලය තුළින් මිනිස්සු ඉල්ලපු වෙනස මේ රටට හිමි වෙලාද කියලා. අරගලයෙන් ඉල්ලපු දේ කරන්න පුළුවන් කාටද? කරන්න පුළුවන් කොතනින්ද? කියන එක මිනිස්සු කල්පනා කරලා බලන්න ඕනේ. 2019 දී ඇතිවෙච්ච රැල්ලත් එක්ක මිනිස්සු පහුගිය පාලනයට ඡන්දෙ දුන්නා. හැබැයි අවුරුදු දෙකක් යන්නත් කලින් මිනිස්සු තේරුම් ගියා මේක අපි අපි බලාපොරොත්තු වෙච්ච පාලනය නෙමෙයි කියලා. මිනිසුන්ට තේරුම් ගියා රැලි එක්ක එන දේවල් ඇත්තටම හිස් කියලා. මේකත් එක්ක යන කොට මිනිස්සු බලාපොරොත්තු වෙච්ච වෙනස ඇත්තටම ඉටු කරන්න පුළුවන් පාලනයක් ගේන්න ඕන කියන එක මිනිස්සු තීරණය කරා. හැබැයි අපිට පෙනී යනවා දැන් එක එක රැලිත් එක්ක මිනිස්සු ඒ රැලි වලට ඔහේ ගහගෙන යන්න හදනවා. මේකත් මේ 2019 යේම නැවත විකාශනය වීමක්ද කියලා අපිට සැකයක් මතුවෙනවා. ඉතින් අපි ජනතාවගෙන් ආදරයෙන් ඉල්ලනවා අපි එදා ඒ කරපු අරගලයෙන් බලාපොරොත්තු වුනේ වෙනසක්. ඒ වෙනස ඇත්තටම කරන්න පුළුවන් පාලකයෝ ටිකක් අපි පත් කරගන්න ඕනේ. ඒ හින්දා රැලි වලට අහුවෙන්නේ නැතුව තමන්ගේ නුවණ පාවිච්චි කරලා හරි වැඩපිළිවෙලක් එක්ක ජනතාවට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.”

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….