අන්නාසි සමීක්ෂණ හා සාරවිට නිරීක්ෂණ – ආචාර්ය උදන් ප්‍රනාන්දු

පෙරහැරක් යන විට, පෙරහැරට අමතර ව වෙනත් වෙළෙඳාම් හා කර්මාන්ත ඉස්මතු වීම බහුල ව දක්නට ලැබෙන දෙයකි.පෙරහැර එන්නට පෙර ම, පෙරහැර එන මග දෙපස කෑකෝ ගහමින් එන යන පිරිසකි අන්නාසි වෙළෙන්දන් හා සාරවිටකාරයන්. බොහෝ වෙලාවක් පෙරහර එනතුරු හිටගෙන හෝ ඇන තියාගෙන ඉන්න දෙනෝ දාහක් ජනතාවට තමන්ගේ පවස ගැනීමට, අන්නාසි වෙළෙන්දා බේසමක් තම හිස මත තබාගෙන, එහි පිළිවෙලට අන්නාසි තට්ටුවක් අඩුක් කරගෙන එන අතර, පරණ හාර්පික් බෝතලයක බහාලු ලුනු හා මිරිස් කුඩු මිශ්‍රණය, අන්නාසි කෑල්ලේ එහාට මෙහාට ඉස, දෙන අන්නාසි පළුව, පෙරහැර නරඹන්නාට දරාගත හැකි මිලකට ගත හැක.

දැන් අප බලා සිටින්නේ මැතිවරණ පෙරහැර එනතුරු ය. එහෙත් මෙපමණ කාලයක් අපිට පෙරහැර කරනවා ද නැද්ද යන්න ගැන හරි අවබෝධයක් තිබුණේ නැත. ඊට හේතුව වූයේ ජනපති නිලමේ ඒ ගැන හරි හැටි තීරණයක් තීන්දුවක් නොගත් නිසා ය. මැතිවරණ පෙරහැර කරවන එක නිත්‍යානුකූල ද නැද්ද යන්න ව්‍යාකූල තත්ත්වයක් නිලමේලා නිර්මාණය කළ නිසා, අවසානයේ දී ඒ ගැන අඩි හප්පා තීරණයක් ගන්නට සිදුවූයේ නඩුකාර හාමුදුරුවන්ට ය. ඒ තීරණය ගැනත් නිලමේලා ප්‍රශ්න කරන බව දන්වා සිටියේ ගුණවර්ධන නිලමේ ය. මහා නඩුකාර උන්නාන්සේ හා නිලමේලාගේ කතා උන්නාන්සේ එක්කාසු වී මේ ගැන හරි හමන් තීරණයකට පැමිණිය යුතු යි කීවේ ජනපති නිලමේ ය. ඔහු එසේ කීවේ, තමනුත් පෙරහරේ එන්නට සූදානම් නිසා, තීන්දු තීරණවලට තමන් සම්බන්ධ වීම අකැප නිසාවෙනි. මේ සියලු ව්‍යාකූල හා අඩමාන කාලය නිමා කොට, හිටි අඩියේ ම පෙරහැර කරවන දින වකවානු දැන්වුයේ පෙරහැර කොමසාරිස්තුමා ය.

මැතිවරණ පෙරහැර එන්නට තව මාසයක් හමාරක් පමණ කාලය තිබේ. එහෙත් පෙරහරේ වැඩි අවධානයක් ගන්නේ කසකරුවා ද මල් බයිසිකල් කරු ද කරඬුව පිටේ තියාගෙන එන ඇතා ද ගැන කතා බහ පටන් ගත්තේ, පෙරහරේ දින වකවානු කොමසාරිස් තුමා දැනුම් දෙන්න මාස කිහිපයකටත් කලින් ය. මේ වෙළෙඳාමට කියන්නේ මැතිවරණ සමීක්ෂණ කියා ය. තවත් සමහරු කියන්නේ ඔපීනියන් පෝල් කියා ය. කෙසේ හෝ මේ කර්මාන්තයේ දී තීරණය කරන්නේ, පෙරහැර බලන අයගෙන් වැඩියෙන් අවධානය ගන්නේ කවුද කියා ය. මේ වැඩේට මුලින් ම අත ගැහුවේ ලෙඩ දුක ගැන හොයන බලන සවුක්කිය කොම්පැනියක් ය. එය නිකම් ම නිකං කොම්පැනියක් පමණක් නොව, ජාතියන්තර සවුක්කිය කොම්පැනියක් ය. සවුක්කිය ගැන කතා කරන පී.ඇච්.අයි මහත්තයෙක්ට මැතිවරණ පෙරහැර ගැන දැනුමක් ඇත්තේ කෙසේදැ යි කවුරුත් ඇසුවේ නැත.

කසකාරයාගේ පාර්ශවය සවුක්කිය කොම්පැනිය ඉහළට ඔසවා තැබුවේ අපක්ෂපාතී වෘත්තීය මට්ටමේ කට්ටියක් ලෙස ය. ඒ කොම්පැනියේ සමීක්සන ප්‍රතිඵලවල පාට පාට පින්තූර කසකරුගේ ගෝලබාලයෝ බුකියේ හැම තැනම ඇළවූ හ. තත්ත්වය වෙනස් වූයේ ඊයේ පෙරේදා ය. ඒ හිටි අඩියේම සවුක්කිය කොම්පැනියේ ප්‍රතිඵලවල හැටියට, මල් බයිසිකල්කාරයා පළවෙනි තැනට එස වී, කසකාරයා පෙරහරේ දෙවැනි තැනට පල්ලම් බැස තිබූ නිසා ය. සුවාදීන නමැති වියපත් ඇතෙක් ද පෙරහරට ගොඩ වී තරමක කුලප්පු ස්වභාවයක් පෙන්නන බව ඉහත සමීක්සනය ම වාර්තා කළේ ය.

අන්නාසි වෙළෙන්දා මෙලෙස පෙරහර භූමියෙන් පන්නා දැමුණු පසු ව, ටොනික් ගෙජ්ජි සොලවමින් මැතිවරණ පෙරහර භූමියට පිවිසියේ සාරවිටකාරයා ය. ඔහුගේ රාජකාරිය වන්නේ පෙරහැර නියමාකාර ව කෙරෙනවාද නැද්ද යනු නිරීක්ෂණය කිරීම ය. පෙරහැර එන්නට ඔන්න මෙන්න තිබෙද්දි, තම නිල ඇඳුමෙන් පෙරහැර නැරඹීමට පැමිණි නර්ස් නෝනා මහත්වරුන් පිරිසක් ගැන නිරීක්ෂකයන්ට පෙර නිරීක්ෂණය කළේ පෙරහැර ගැන අවධියෙන් සිටි කණ්ඩායම් කිහිපයක් ය. තම ටොනික් ගෙජ්ජි රවුම රිද්මයානුකූලව සොලවමින් නිරීක්ෂකකරුවන් තමන්ගේ මතය තාක්ෂණික ලෙසත් ඇඟ බේරා ගන්නා ලෙසත් යුහුසුළු ව ඉදිරිපත් කළ හ. එක් නිරීක්ෂකයෙක් හෙදියන් ආ ගමන ගැන විශ්ලේෂණාත්මකව හා විවේචනාත්මකව කතා කළ අතර, තවත් නිරීක්ෂකයෙක් කීවේ එය සැළකිය යුතු මට්ටමක උල්ලංඝනයක් නොවන බව යි. සමහරු කීවේ එම සාරවිටකාරයාට කලකට පෙර කසකාර අතීතයක් හා කසකාරත්වය ගැන මුදු කොනක් තිබුණ බව යි. නිරීක්ෂණය එක සාරවිටි කාරයෙක්ගෙන් තව සාරවිටිකාරයෙක්ට වෙනස් වන්නා සේ, නිරීක්ෂකයන්ට ද වෙනස් වෙනස් යථාර්ථයන් පෙනෙන බව ජනතාව තේරුම් ගත් හ.

ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

udanfer2014@gmail.com

මෙම ලිපිය ‘අනිද්දා‘ ජාතික පුවත්පතේ පලවූවකි

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….