අනුරාධපුර රටබීම හලේ මත්පැන් බෝතල් 89ක් වාෂ්පවෙයි

අනුරාධපුර මාර්කට් පෙදෙසේ පිහිටි ස.තො.ස වෙළද මධ්‍යස්ථානයේ පිහිටි රජයේ රටබීම හලේ මුද්‍රා කඩා මත්පැන් තොගයක් පිටතට ලබාදුන් බව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණ වලදි මත්පැන් බෝතල් 89ක අඩුපාඩුවක් තිබූ බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිදුකල පරික්ෂණ වලදි අනාවරණයවූ බව ඒම අංශය පවසයි.

සුරාබදු දෙපාර්තුමේන්තුව වෙළද අමාත්‍යංශයේ නිලධාරින් හා පොලිසිය ඒහි පරිඝණක දත්ත හා සෙසු තොග පරික්ෂා කරමින් සිදුකළ පරික්ෂණ වලදි අදාල රටබීම හලේ තිබූ මත්පැන් තොග අතරින් බෝතල් 89ක් පමණක් අඩුවි තිබෙනා බවත් සංචරණ සීමාසමයේ සුරාබදු දෙපාර්තුමේන්තුව තබා තිබු මුද්‍රා කැඩීම සම්බන්ධයෙන් සුරාබදු නිලධාරින් පිරිසකට ඒරෙහිව සුරාබදු අධිකාරිවරයෙකු වෙනම පරික්ෂණයක් සිදුකරනා බව පොලිසිය පැවසුවේය.

මව්බිම පුවත්පතට පසුගිය (8දා) රාත්‍රීයේ සිදුවිම අනාවරණය වීමත් සමග පරික්ෂණය ආරම්භ කිරීමට පෙරම කලමනාකාරවරිය හා සුරාබදු නිලධාරින් ඒක්ව අදාල සිදුවීම වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නට ඇති බව සිද්ධිය අනාවරණය කළ සේවකයන් පැවසූහ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පලකළ සේවකයන් පිරිසක්.මත්පැන් ගෙනියන්න ආපු යුද හමුදා වාහනයට මත්පැන් බෝතල් කීයක් පැටෙව්වද යන්න අපි දන්නවා.සුරාබදු නිලධාරිනුත් දන්නවා.විශාල මුදලක් සේප්පුවට පිරුණේ කොහෙන්ද යන්නත් අපි දන්නවා.ඉහලින්ම මේ ජාවාරම වහන්න අවශ්‍ය කටයුතු සියල්ල කළා කියන ඒකේ සැකයක් නෑ.

පිටතට රැගෙන ගිය මත්පැන් බෝතල් ප්‍රමාණයට වඩා මත්පැන් බෝතල් 89ක් අඩුයි කියන කථාවත් ඒක්ක පරික්ෂණ විහිළුවක්.ඒහෙනම් මත්පැන් තොගයක් කලමනාකාරවරිය වෙනම ගබඩා කරලා මේකේ තියාගෙන ඉන්න ඇති.නමුත් විශාල මත්පැන් ‌තොගයක් මෙතනින් පිටතට ගියා.

පොලිසිය සිදුකරන පරික්ෂණ වලදි ඔවුන්ට මෙතනින් පෙන්වන දේතමයි පිලිගන්න වෙන්නේ.මේ සිද්ධිය වුණ දවසට පසුදින මාධ්‍ය මේ සම්බන්ධයෙන් කලමනාකාරවරියගෙන් විමසීම් කරනවත් ඒක්කම වහාම ක්‍රියාත්මක වෙලා අවශ්‍ය පියවර අරගෙන මේ ජාවාරම වැහුවා යනුවෙන් ඔවුන් පැවසුහ.

සංචරණ සීමා සමයේ මත්පැන් තොගයක් පිටතට රැගෙනයාම සම්බන්ධයෙන් අනාවරණයවීමත් සමග අනුරාධපුර ස.තො.ස ආයතනයේ කලමනාකාරවරියගෙන් විමසීම සදහා (8දා) රාත්‍රීයේ දුරකථන ඇමතුමකින් විමසූ අවස්ථාවේ තමන් නිවසට ගොස් දුරකථන බැටරිය ආරෝපනය කර ඇමතුමක් ලබාගන්නා බව පැවසුවාය.පසුව අප ඇයව සම්බන්ධකර ගැනීමට ඇමතුම් 20කට අධික සංඛ්‍යාවක් ලබාගත්තත් ඇය ඊට ප්‍රතිචාර නොදැක්වුවාය.

සුරාබදු දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකුගෙන් (8දා)රාත්‍රීයේ කළ විමසීමකදි කියා සිටියේ ගල්නෑව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කදවුරක අවශ්‍යතාවක් සදහා විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 300කට ආසන්න ප්‍රමාණයක් සතොස ආයතනයේ මුද්‍රාකඩා ලබාදුන් බවයි.

ඒහෙත් පෙරේදා (09දා) සිදුකළ පරික්ෂණ වලට අනුව ඒහි තොග අඩුව බෝතල් 89ක් බව පොලිසියට කලමනාකාරිත්වය තහවුරු කර තිබුණි.ඊට අමතරව ආයතනයට බැර නොකළ රුපියල් 169000කට අධික මුදලක් ආයතන සේප්පුවේ තිබි පොලිසිය සොයා ගෙන තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….