අනුරාධපුර ජින්වලට ඕස්ට්‍රේලියානුවෝ වහ වැටෙති

ඩැනී පෙරේරා නම් විසින් හඳුන්වා දී ඇති ‘නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්’වලට ඕස්ට්‍රේලියානුවන් වහ වැටී ඇතැයි වාර්තා වේ.

‘ඩච් රූල්ස්’ ලේබලය යටතේ 2023 වසරේදී වෙළඳපොළට පැමිණි ‘නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්’ පානයට මාස කීපයකට පසුව ඕස්ට්‍රේලියානු ඩිස්ටිල්ඩ් ස්පිරිට්ස් සම්මාන උළෙලේදී රිදී සම්මානය දිනා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.

2022 වසරේදී ආරම්භ කරන ලද ‘ඩච් රූල්ස්’ සමාගම මේ වනවිට ඕස්ට්‍රේලියාවේ මහත් ජනප්‍රියතාවයක් හිමිකර ගැනීමට සමත්වී ඇත.

‘ඩච් රූල්ස්’ සමාගමේ නිර්මාතෘ ඩැනී පෙරේරා අනුරාධපුර නගරයේ ඉපිද හැදීවැඩී ඇති බවත් 2000 දශකය මැදභාගයේදී ඔහු වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව හැදෑරීමේ බලාපොරොත්තුවෙන් ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති බවත් එරට මාධ්‍ය සඳහන් කළේය.

ඉගෙන ගන්නා කාලය තුළ වියදමට මුදල් සොයා ගැනීම සඳහා සොයාගත් අර්ධකාලීන රැකියාව සියල්ල වෙනස් කර ඇති බවද ඕස්ට්‍රේලියානු මාධ්‍ය පැවැසුවේය.

නගරයේ තැබෑරුමක කළ රැකියාවට තමන් බෙහෙවින් ප්‍රියකළ බවත් තමාගේ ජානවල තිබෙන්නේ කුමක්දැයි හඳුනාගැනීම සඳහා එම රැකියාව හේතුවූ බවත් ඩැනී පෙරේරා ප්‍රකාශ කළේය.

තැබෑරුම තුළදී මිනිසුන් සමඟ කතා කිරීම සහ ඔවුන්ට මධ්‍යසාර පිළිගැන්වීම බෙහෙවින් ප්‍රියවූ බවත් තමන් ඉදිරියට යා යුත්තේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයෙන් නොවන බව අවබෝධවූ බවත් පෙරේරා පැවැසුවේය.

ඕස්ට්‍රේලියානු ඩිස්ටිල්ඩ් ස්පිරිට්ස් සම්මාන උළෙලේදී නිව් වර්ල්ඩ් කන්ටෙම්පරරි ජින් කාණ්ඩය යටතේ ඩැනී පෙරේරාගේ ‘නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්’ පානය රිදී පදක්කම දිනාගෙන ඇත. ශ්‍රී ලාංකික කුළුබඩු ඇතුළුව අමුද්‍රව්‍ය 15 ක් යොදා ගනිමින් මෙම ජින් පානය නිපදවෙන බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය ප්‍රකාශ කළේය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….