අලුත් ලෝකයට ගැලපෙන සිවිල් සමාජ ව්‍යාපාරයක් රටට අවශ්‍යයි – පිලිප් දිසානායක

දිගින් දිගටම ක්‍රම වෙනසක් රට ඉල්ලා සිටි තත්ත්වයක් තුළ, පක්ෂ දේශපාලණය තුළ පමණක් නොව සිවිල් සිංවිධාන තුළද එම ක්‍රම වෙනස සදහා සූදානම් විය යුතු බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා පවසා සිටියාය.  ඔහු මේ අදහස් ප්‍රකාශ කලේ මානව හිමිකම් ක්‍රියාධරයන් වෙනුවෙන් අද (29) මීගමුවේ සංවිධානය කර තිබූ විශේෂ සාකච්ඡාවක දීය.

මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සුරක්ෂිත කිරීම හා එය තවදුරටත් පුළුල් කිරීම අපගේ මූලික අරමුණ වන බවත්, එය සුරක්ෂිත කිරීම සදහා ආර්ථිකය සුරක්ෂිත විය යුතු බවත් ඔහු පැවසීය. ආර්ථිකයක් කඩා වැටුන රටක මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කිසිවෙකුට අපේක්ෂා කළ නොහැකි බවත්, එය 2022 දී අප අත් විදි බවත් වර්තමානයේ දී බංගලදේශයේ වැසියන් එය බුක්තිවිදිමින් සිටින බවත් ඔහු පැවසීය.

ඒ නිසා කවුරු බලයේ සිටියත් ආර්ථික ප්‍රථිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සදහා සිවිල් සමාජයේ පුර්ණ සහාය අප ලබා දිය යුතු බවත්, IMF සංවිධානය සමග ඇති කරගෙන තිබෙන එකගත්වයන් මත කටයුතු කිරීම සදහා සිවිල් සමාජය ලෙස අප බලපෑම් කළ යුතු බවට ඔහු යෝජනා කරන ලදී. පත් වූ විවිධ රජයන් විසින් අත්තනෝමතික ලෙස මුදල් ‍නෝට්ටු මුද්‍රණය නවතා දැමීම, මහ බැංකුව ස්වාධීන කිරීම, රජයේ අනවශ්‍ය වියදම් කපා හරිමින්, වියදම් පාලනය කර ප්‍රථමික ගිණුමේ අතිරික්තයක් පවත්වාගෙන යාම වැනි IMF යෝජනා රටට ඉතා හිතකර යෝජනා බවත්, එම යෝජනා ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රටේ ආර්ථිකය ක්‍රමයෙන් ස්ථාවර වෙමින් පවතින බවත්, එම වැඩපිළිවෙල සමග යාම හැර වෙන විකල්පයක් අපට දැනට නැති බවත් ඔහු පැවසීය.

නව රජයේ ප්‍රධාන පොරොන්දුවක් වන අල්ලස හා දූෂණය වැලැක්වීම හා නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම යන කාරණා සිවිල් සමාජය දශක කිහිපයක් තිස්සේ ඉදිරිපත් කළ යෝජනා නිසා ඒ ක්‍රියාවලියට සහාය දැක්වීමට කිසිදු භාදාවක් සිවිල් සමාජයට නොමැති බවත්, ඒ සමගම ජාතික සමගිය ගොඩනැගීම සදහා බලය බෙදීම හා සංක්‍රාන්ති යුක්තිය ගොඩනැගීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමත් සදහා ආණ්ඩුවේ අවධානය යොමු කළ යුතුව ඇතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

පසුගිය රජයන් කිහිපයක්ම විසින්ම රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීම සදහා ගෙන ඒමට නියමිතව තිබූ පනත සම්බන්ධව වත්මන් රජයේ ස්ථාවරය කුමක්ද යන්න තවම පැහැදිලි නැතත්, ඒ සම්බන්ධව රජය සමග සාකච්ඡා ආරම්භ කළ යුතු බවත්, එහි වෙනසක් සිදු කරන්නේ නම් සිවිල් සමාජය විසින් මේ වන විට ඉදිරිපත් කර ඇති යෝජනා මත පදනම් එය සිදු කිරීම සදහා බලපෑම් කළ යුතු බවත්, සම්බන්ධතා ඇති අය දැන්මම ඒ සදහා මැදිහත් විය යුතු බවත් ඔහු පැවසීය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….