අවධිමත් ශ්‍රම බලකාය පිලිබදව මැතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයකු අවධානය යොමු කර නැහැ – කේ. මෛයිත්‍රිලි

මේ රටේ අවධිමත් ශ්‍රම බලකාය පිලිබදව මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයකු අවධානය යොමු කර නැති බව ප්‍රොටෙක් සංගමයේ සභාපති කේ. මෛයිත්‍රිලි මහත්මිය පවසයි.
හැටන් ප්‍රොටෙක්ට් සංගම් කාර්යාලයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව පැවසු කේ. මෛයිත්‍රිලි මහත්මිය වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
අද ජනාධිපති මැතිවරණ වේදිකාවලදි ජනාධිපතිධුර අපේක්ෂයන් විවිධ පොරෝන්දු ලබා දෙනවා එත් මේ පොරෝන්දුවලින් කොපමන දේවල් ඒ ඒ අපේක්ෂයන් ඉටු කරයිද කියන එක ප්‍රශ්නයක්.
මේ කිසිම අයෙක් මේ අවිධිමත් කම්කරුවන් පිරිස ගැන කතා කරන්නේ නැහැ අද සමහර අය වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම පිලිබදව කතා කරනවා ඒත් මේ වතුකරයේ ජිවත් වන ගෘහස්ථ කම්කරුවන්, ත්‍රිවිල් රියදුරන්, ස්වයං රැකියාලාභින්, වෙළද සේවක සේවිකාවන්, ලොතරැයි අලෙවිකරුවන් වැනි අවධිමත් ශ්‍රම බලකාය පිලිබදව කිසිවෙක් කතා කරන්නේ නැහැ.
පසු ගිය කාලයේ මේ ගෘහස්ථ කම්කරුවන් ඇතුළු අවධිමත් ශ්‍රම බලකායේ පවතින විවිධ ප්‍රශ්න පිලිබදව කම්කරු ඇමතිවරුන් ලෙස කටයුතු කල නිමල් සිරිපාල මහතා හා මනුෂ නානයක්කාර මහතා සමග කතා කලා එහිදි ඔවුන් අපිට විවිධ පොරෝන්දු ලබා දුන්නත් එම පොරෝන්දු මේ වත තෙක් ඉටු වෙලා නැහැ.
එම නිසා මේ අය අපිට ලබා දුන්න එම පොරෝන්දු මේ වන විට බොරු පොරෝන්දු බවට පත් වෙලා තියෙන්නේ අපි මේ අයට කියන්න කැමතියි නැවත මේ අයගේ බොරු පොරෝන්දුවලට අපි රැවටෙන්නේ නැති බව.
එම තත්වයන් මත අපිට පෙනි යන්නේ මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව ඇති කිසිම අපේක්ෂයකු මේ සියයට හැත්තැවක් පමන ඉන්න අවධිමත් ශ්‍රම බලකාය පිලිබදව කිසිදු තැකිමක් නැති බවයි මේ අයගේ ඡන්දය මේ අපේක්ෂකයන්ට එපාද යන්නත් දැන් ප්‍රශ්නයක්.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….