අවු. 3 ක් තිස්සේ නගර සභාවයි ආණ්ඩුවයි ඇළ මාර්ග, කාණු පද්ධති නඩත්තු කරලා නෑ!

අවුරුදු 3ක් තිස්සේ, කොළඹ මහා නගර සභාව සහ ආණ්ඩුවේ ආයතන කොළඹ නගරයේ ඇළ මාර්ග සහ කාණු පද්ධති නිසි ලෙස නඩත්තු කර නොමැති බවත්, අනවසර ඉදිකිරීම් සිදු කිරීමට ඉඩ දී තමන් ගොඩ නගා දුන් දේ විනාශ කර දමා ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය හමුවකදි ප්‍රකාශ කළේය.

“පසුගිය දිනවල ඇද වැටුනු අනෝරා වැසි නිසා කොළඹ නගරයේ ඇතැම් ස්ථානවල පිටාර තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. මේක ගංවතුර තත්ත්වයක් නෙවෙයි. පිටාර තත්ත්වයක්. මේ තත්ත්වයට බොහෝ විට වගකියන්න ඕන කරුණු දෙකක් තියෙනවා. එකක් කොළඹ නගර සභාව මේ අදාළ ඇල මාර්ග සහ කාණු පද්ධති නඩත්තු නොකිරීමේ ගැටළුව. ඒ වගේම කාලාන්තරයක් තිස්සේ, ඇල මාර්ග අවහිර කරමින් ඉදිකිරීම් සිදු කිරීම නිසා ඇතිවෙලා තිබෙන බාධකය. අපි හඳුනා ගත්තා කොළඹ නගරයේ තීරක ස්ථාන පහළවක් පමණ තවත් ස්ථාන ගණනාවක් තියෙනවා. නමුත් මූලික ස්ථාන පහළවක පමණ මෙවැනි පිටාර තත්ත්වයන් ඇතිවෙන්න ඉඩකඩ තිබෙනවා කියලා කැළණි ගඟ පිටාර ගැලීමේ තත්වයත් එක්ක. එයට පිළියමක් හැටියට අපි උමං පද්ධතියක් ඇති කළා. ඒ වගේම පොම්පාගාර ඇති කළා. ඒ වගේම ස්ථාන හයක පමණ මේ ප්‍රශ්නය ඇති නොවෙන ආකාරයට කටයුතු කළා. තවත් ස්ථාන නමයක් පමණ තිබෙනවා කටයුතු කරන්න. විශේෂයෙන්ම ආමර් වීදිය ඒ අදාළ ඒ කටයුතු කෙරුනේ නෑ. ඒ වගේම කිරුළපන ඇතැම් ප්‍රදේශවල මේ කටයුතු කෙරුන්නෑ. ඉතින් ඇත්තටම අවුරුදු තුනක් ගෙවිලා ගිහින් තියෙනවා. අපේ ව්‍යාපෘතියෙන් පස්සේ එක ව්‍යාපෘතියක්වත්, එක අඟලක්වත් ඉදිරියට යන්න කොළඹ නගර සභාවට සහ අදාළ ආයතන වලට විශේෂයෙන්ම ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ඇතුළු ආණ්ඩුවේ ප්‍රධාන ආයතන වලටත් සිදු කරන්න බැරිවෙලා තිබෙනවා. ඉතාම කණගාටුදායක තත්වයක්.

ඉතින් ලංකාව ඉස්සරහට බරපතල ආකාරයේ මේ කාලගුණ දේශගුණ විපර්යාස වලට ලක් වෙන්න නියමිතයි. නියං තත්වයන් ඇති වෙනවා. ඒ වගේම ගංවතුර තත්වයන් ඇති වෙනවා. මේ දෙකටම ලංකාව මුහුණ දෙන්න නියමිතයි. ඒක තමයි ලෝකයේ අලුත්ම තත්වය. සාම්ප්‍රදායික වැසි ඇති නොවීම හා අසම්මත වැසි ඇතිවීමත් ඒ වගේම සාම්ප්‍රදායික විදිහට තියෙන ජල හිඟය වෙනුවට අසම්මත ආකාරයේ දැඩි නියඟයන් ඇති වීමත් ලංකාව බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් දැනටමත් ලංකාවේ ඇතැම් ප්‍රදේශවල නියං තත්වයකුත් ඇතැම් ප්‍රදේශවල ගංවතුර තත්වයකුත් ඇති තියෙනවා. මේ තත්වයට මුහුණ දීම සඳහා විධිමත් සැලසුමක් අපි ඉදිරිපත් කළා. 2010 දී හරිත ලංකා නමින්. නමුත් ඒවා හමස් පෙට්ටියට දාලා, එදිනෙදා දෛනික කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ තත්වය ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා වහාම මේ පිළිබඳව විධිමත් ආයෝජනයක් සහිතව ක්‍රියාත්මක කළ යුතුයි. ක්ෂණිකව ම ගත්තොත් මේ ඇළ මාර්ග පද්ධතිය අවහිර කරන, ඉදිකිරීම් ඉවත් කරලා, මේ ඇළ මාර්ග පිළිසකර කිරීමට, කාණු පද්ධති පිළිසකර කිරීමට, නගර සභාව ක්‍රියා කළ යුතුයි.”

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….