අස්වැසුමෙන් දිවි ගෙවන පොල්අතු පැලක ජීවත් වන රෝගී පවුලක්

සතුන් සර්පයන් සිටින හුඹස් කීපයකින් වට වූ කුඩා පොල් අතු පැල්පතක ජීවත්වන රෝගී අසරණ පවුලක් දිඹුලාගල මනම්පිටිය බටහිර මාගන්තොට ගම්මානයෙන් අපට මුණ ගැසිනි.

රජයේ අස්වැසුම සහනාධාරයෙන් පමණක් ජීවත්වන මෙම පවුල දිවිගෙවෙන කුඩා පැල්පත කුඩා කාමර දෙකකින් සමන්විත අතර බිම් මට්ටමේ සිට පොල් අතු වහලටත් ඉහළින් හුඹස් බැඳී තිබේ.

එම හුඹස් කඩා ඉවත් කළද දින කිහිපයකින් යළිත් වේයන් හුඹස සකසන බවත්, කඩා විනාශ කිරීම මහා පාප කර්මයක් බැවින් තමන්ද සතුන් සමඟ ජීවත් වන බව එම කුඩා පැල්පතේ ජීවත් වන පස්දරු මවක වන 50 වියැති රෝගී මවක වන කේ.වී. උදේනි කහදවල මාතාව සඳහන් කළාය.

මෙම නිවසේ ඇයගේ දියණිය සහ ස්වාමියාද තවත් දරුවකු සමඟ ජීවත් වන අතර දියණියගේ ස්වාමියාද රෝගී තත්ත්වයෙන් සිටින බවත්, තමන්ට පවතින විවිධ රෝගවලට ප්‍රතිකාර ගැනීමට කිසිදු ආදායමක් හෝ මුදලක් නොමැති නිසා අස්වැසුමෙන් ලබාගන්නා ආදායමෙන් පමණක් වේලක් ඇර වේලක් ආහාර ගෙන දිවි ගෙවන බවද උදේනි මහත්මිය සඳහන් කළාය.

කාලයක් පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ප්‍රදේශයේ බඩඉරිඟු තම්බා ගත් සොච්චම් මුදලෙන් ජීවත් වූ ඇය මේ වන විට රෝගී තත්ත්වයෙන් පසුවන නිසා කිසිදු ආදායමක් නොමැති බවත්, හැකි නම් තමන්ට ස්ථිර නිවසක් හෝ කාමරයක් ඉදිකරදීමට කිසියම් පින්වතෙක් හෝ ආයතනයක් ඉදිරිපත් වන ලෙසද ඇය කාරුණික ඉල්ලීමක් කළාය.

අවස්ථා කිහිපයකදීම නිවස තුළ හුඹසේ සිටින සතුන් සර්පයන් තමන්ට හානිකර බවත්, කර කියා ගැනීමට නොහැකි නිසා කුඩා පොල් අතුපැළ තුළ ජීවත්වන බවද ඇය සඳහන් කළාය.

ස්වාමියා අතහැර ගොස් සිටින ඇයට පිරිමි දරුවකු සහ ගැහැනු දරුවන් සිව්දෙනෙකු සිටින අතර, දියණියක් මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ 9 වසරේ අධ්‍යාපනය ලබන්නේ විවිධ අඩුපාඩුකම් මතය.

විවාහ වී පිට ප්‍රදේශවල ජීවත් වන දරුවන්ට මවට සැලකීමට තරම් ආර්ථික ශක්තියක් නොමැත.

ඔවුන්ගේ ලිපිනය කේ.වී. උදේනි කහඳවල, අංක 127, බටහිර මාගන්තොට, මනම්පිටිය දිඹුලාගල. දුරකතන අංකය 0775702189 බැංකු ගිණුම මහජන බැංකුව මනම්පිටිය.

ගිණුම් අංකය. 2532001150089872

සිරිපුර – මදුශානි අබේසිංහ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….