ආදරය නිතැතින්ම වෛරයෙන් ‘ඇවිලෙනසුලුයි’ – අජිත් පැරකුම්

චින්තන ධර්මදාසගේ ඇවිලෙනසුලුයි චිත්‍රපටය යථාර්ථවාදී සම්ප්‍රදායට අයත් වන චිත්‍රපටයක් නොවන නිසා එය රසවිඳීමේදී යථාර්ථවාදී මිනුම්දඬු භාවිතා කිරීම තේරුමක් නැත.

එහෙත් කිසිදු කලා කෘතියක් යථාර්ථයෙන් පරිබාහිර වන්නේ නැත. පරිකල්පනය යථාර්ථයේ ම දිගුවකි. කලා කෘතියක් යථාර්ථවාදී හෝ එසේ නොවන්නේ හුදෙක් ම යථාර්ථය ප්‍රතිනිර්මාණය කරන ශෛලිය අනුව පමණි. කලා කෘතියක් කුමන ආකෘතියකට අයත් ද, ඒ පසුබිමේ තිබෙන කතිකාවන් මොනවාද ද යන්නෙහි රසිකයාට ඇති වැදගත්කමක් නැත. රසිකයාට වැදගත් වන්නේ එයින් ජනනය කරන රසය කුමක් ද යන්නයි. උසස් රසයක් ජනනය කරන කෘතියක් පසුබිමේ තිබෙන ඉහත කී කාරණා අධ්‍යයනය කිරීමට රසිකයා පෙළඹේ. එසේම, එම කලා කෘතිය දෙස නැවත හැරී බැලීමට ද රසිකයා කටයුතු කරයි.

ඇවිලෙනසුලුයි රෝඩ් ත්‍රිලර් ශානරයේ චිත්‍රපටයකැයි චින්තන දිනමිණ පුවත්පතට කියා තිබෙනු දුටුවෙමි. එවැනි ශානරයක් තිබුණත්, නැතත්, ඇවිලෙනසුලුයි චිත්‍රපටයේ ඇති ත්‍රිල් එකක් හෙවත් ත්‍රාසයක් නැත. පාරක කාරයකින් ගමන් කිරීමක් නම් තිබේ. හාස්‍යය මෙන්ම ත්‍රාසය නිර්මාණය කිරීම ද පහසු කාර්යයක් නොවේ. බෙලිකැපීම්, පහරදීම්, මිනීමැරීම් චිත්‍රපට පරිකල්පන අවකාශය තුළ දුටු පළියට ප්‍රේක්ෂක මනසෙහි සන්ත්‍රාසය ඇති වන්නේ නැත. හේතුව, චිත්‍රපට පරිකල්පන අවකාශය තුළ ඒවා ඉතා සුලබ වීමයි. ළමා කාටුන්වල පවා ඒවා තිබේ. සාමාන්‍ය හොලිවුඩ් හා බොලිවුඩ් චිත්‍රපටවල මිනී මැරුම් වැනි ප්‍රචණ්ඩත්වයන් අති සරල ලෙස නිරූපණය කරනු ලැබේ. එබැවින් එය ප්‍රේක්ෂකයන්ට ඉතා සාමාන්‍ය දෙයකි. ත්‍රාසය දැනෙන්නට නම් ප්‍රචණ්ඩත්වය ප්‍රේක්ෂකයාගේ පපුවට දැනිය යුතු ය. එසේ දැනවීම පහසු කාර්යයක් නොවේ. එහිලා නාට්‍යමය ගතිය ඉතා වැදගත් ය. ඇවිලෙනසුලුයි චිත්‍රපටයේ එවැනි නාට්‍යමයභාවයක් නැත. ඇවිලෙනසුලුයි චිත්‍රපටයේ ඇති ප්‍රචණ්ඩත්වය පරිගණක ක්‍රීඩා මට්ටමට ඉහළින් අපට නොදැනෙන්නේ මා ඉහත කී තත්වයන් නිසා ය.

ඇවිලෙනසුලුයි වැනි චිත්‍රපටයක් රසවිඳීමේදී පෞද්ගලික රුචි අරුචිකම් ඉතා වැදගත් වේ. චින්තන සිනමා කැමරාවෙන් හා ශ්‍රව්‍ය දෘෂ්‍ය සංස්කරණයෙන් නිර්මාණය කරන සිනමා වියමන අනන්ත වර්ණ පරාසයක් අතරින් තෝරාගත් ආන්තික දුලබ වර්ණ හා හැඩතල සහිත ගූඪ සිතුවමක් වැනි ය. එහි තිබෙන අඳුරු විපරීතභාවය චින්තනගේ ඉතා පැහැදිලි ප්‍රකාශනයකි. එය සමග සහෘද වීම පහසු නැත. එයට හේතුව, රසිකයා චින්තන නොවීමයි. රසිකයාගේ විපරීත මනෝභාවයන් චින්තනගේ මනෝභාවයන් සමග සර්වසම වන්නේ නැත. විපරීතභාවයේ විචිත්‍රත්වය වන්නේ එහි තිබෙන අනන්ත හා සීමාවකින් තොර ගූඪ විවිධත්වයයි. පොදු විපරීතභාවයක් තිබේදැයි මම නොදනිමි.

කලාව තුළින් ප්‍රචණ්ඩත්වය විමසීම මා ද මහත් සේ ආශා කරන දෙයකි. එහෙත්, ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් මට තිබෙන සජීවී අත්දැකීම් මෙවැනි චිත්‍රපටයක් බැරෑරුම් කලාත්මක ප්‍රකාශනයකැයි සිතන්නට මා පොළඹවන්නේ නැත. ප්‍රචණ්ඩත්වය පරිකල්පනය කිරීම තරම් එය විඳීම සොඳුරු නැත. එය හරියට බීඩීඑස්එම් ලිංගිකත්වයට වඩා දූෂණය වේදනාකාරී වන්නා සේ ය. එහෙත්, යථාර්ථවාදියකු නොවන චින්තන කරන්නේ ඔහු විඳින්නට කැමති ප්‍රචණ්ඩත්ව පරිකල්පනයක් අප වෙත රැගෙන ඒමයි.

රසිකත්වයට බලපාන බාහිර සාධක ද ඇති බව එහිදී අමතක නොකළ යුතු ය. කිලෝමීටර් හැට හැත්තෑවක් මාස්ක් දාගෙන බසයෙන් පැමිණ, නිරෝධායන නීති සියල්ල අනුගමනය කරමින්, කන්නට පොප් කෝන් එකක් නැතුව, වතුර බෝතලයක් මිල දී ගැනීමට පවා චිත්‍රපට ශාලාවේ කළමනාකාරවරයා සමග සාකච්ඡා කරන්නට සිදු වූ, වසා තබා නැවත අරින ලද රීගල් සිනමා ශාලාවේ තෙත්, පිළුණු පුස් හා වවුල් ගඳින් පිරිබඩ ගත් වාතාවරණය විඳ දරාගෙන චිත්‍රපටයක් බැලීම උපරිම රසාස්වාදයක් කරන්නට සුදුසු තත්වයක් නොවේ. මා ඇවිලෙනසුලුයි බැලුවේ විවේකී මනසකින් නොවන නිසා මා වැරදි ද විය හැකි ය. මා ගෙදර සිට බීර බඳුනක් තොලගාමින් එය නැරඹුවා නම්, එය වෙනස් රසයක් වන්නට තිබිණි. මෙසේ දුක් විඳ චිත්‍රපට බැලීම චින්තනගේ දැක්මට අනුව විකාරයක් විය හැකි ය. එහෙත් මා එසේ කළේ ඔහුට ඇති ගෞරවය නිසා ය.

මෙවැනි චිත්‍රපටයක් හැදීම මෙන්ම එය බැලීමත් දේශපාලන කාර්යයකැයි මම සිතමි.

කෙසේ වෙතත්, ඇවිලෙනසුලුයි චිත්‍රපටය තේමා කරගන්නේ බොහෝ ගැඹුරට සාකච්ඡා කළ හැකි මාතෘකාවකි. එනම්, අඹු සැමි ප්‍රේමය, ආදරය, ක්‍රෝධය, වෛරය, ලිංගික ඊර්ෂ්‍යාව හා ප්‍රචණ්ඩත්වයයි. මේ සියල්ල මානව සම්බන්ධතාවල ඉතා සුලබ තත්වයන් ය. එහෙත්, ආදරය පමණක් හැම විට ම උත්කර්ෂයට නගනු ලැබේ. චින්තන ඒ වෙනුවට ක්‍රෝධයේ, වෛරයේ, ප්‍රචණ්ඩත්වයේ හා විපරීතභාවයේ පැතිකඩ ඉස්මතු කර පෙන්වමින් ආදරය ගැන කතා කරයි.

විවාහක යුවල අතර එක් අයෙකුට තවත් අයෙකු මරාදැමීම සඳහා හේතු ඕනෑ තරම් තිබේ යයි චිත්‍රපටයේ එක් තැනක කියැවේ. ප්‍රේමය ආදරය ආත්ම කරගෙන ඇතැයි යමෙකු කියන්නේ නම්, ආදරය වෛරය ආත්මය කරගෙන පවතී යයි කියන්නට ද පුළුවන. ආදරය අනෙකාගේ ජීවිතය මත දැවැන්ත ආක්‍රමණයකි. ආදරයත් වෛරයත් අතර අති සමීපත්වය නිර්මාණය වන්නේ එමගිනි.

ආදරය මෙන්ම වෛරය ද තාර්කික පදනම් මත පිහිටන්නේ නැත. හේතු ඵල සම්බන්ධය මත පදනම් වූ යථාර්ථවාදය වෙනුවට යථාර්ථවාදය ඉක්මවා ගිය ආකෘතියක් ඔස්සේ ආදරය විමර්ශනය කිරීමට චින්තන ධර්මදාස ඇවිලෙනසුලුයි චිත්‍රපටයෙන් උත්සාහ කරයි.

උපුටා ගැනීම – praja.lk

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….