ආමි­ස­යට වඩා ප්‍රති­පත්ති පූජා­වට මූලි­ක­ත්වය දී සම්බුදු තෙම­ඟුල සම­රන්න – මල්වතු පාර්ශ්වයේ අනු­නා­යක දිඹු­ල්කු­ඹුරේ විම­ල­ධම්ම නාහිමි

wesak

ආමි­ස­යට වඩා ප්‍රති­පත්ති පූජා­වට මූලි­ක­ත්වය දී සම්බුදු තෙම­ඟුල සම­රන ලෙස ශ්‍රී ලංකා­වාසී බෞද්ධ ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටින බව මල්වතු පාර්ශ්වයේ අනු­නා­යක දිඹු­ල්කු­ඹුරේ විම­ල­ධම්ම නාහි­මියෝ පව­සති. ආර්ථික අර්බු­දය හේතු­වෙන් ශ්‍රී ලංකා­වාසී ජන­තාව ඉතා අසීරු කාල­ව­ක­වා­නු­වක් පසු­ක­ර­මින් පැමිණ තිබෙන බැවින් බෞද්ධ ජන­තාව ආමිස පූජා­වන් සඳහා අනර්ථ ලෙස මුදල් විය­දම් කිරී­මෙන් බැහැ­ර­වීම වැද­ග­ත්යැයි ද උන්ව­හන්සේ කීහ.

මෙවර වෙසක් සැම­රුම සම්බ­න්ධ­යෙන් මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් අනු­නා­යක හිමියෝ මෙසේ ද පැවැ­සූහ. ශ්‍රී ලංකා­වාසී බෞද්ධ, අබෞද්ධ සියලු ජන­තාව යහ­පත් දේ හැකි ආකා­ර­යට අනු­ග­ම­නය කර­මින් වෙසක් සමය සැම­රී­මට අධි­ෂ්ඨාන කර­ගත යුතුයි. එහිදී ප්‍රති­පත්ති හා ආමිස ලෙස පූජා විධි දෙකක් අනු­ග­ම­නය කළ හැකි වුවත් වඩාත් වැද­ගත් වන්නේ ප්‍රති­පත්ති පූජා­වයි.ශීල භාව­නාව, පන්සිල්,අට­සිල් හා දස­සිල් සමා­දන්ව ශීලය රැක­ගෙන වෙසක් දිනය සැම­රීම තමයි වඩා වැද­ගත්. ඒ අත­ර­තුර ආමිස පූජාව පිළි­බ­ඳ­වත් අපි අව­ධා­නය යොමු කළ යුතුයි. දන්පැන් පූජා කිරීම, දන්සල් පැවැ­ත්වීම, දුගී මගී යාච­කා­දීන්ට සැල­කීම වගේ දේවල් සිදු කිරීම වැද­ගත්. මේ කාල පරා­සයේ අප ගත කරන ජීවි­තය ඉතා­මත් අමාරු එකක්. ආර්ථික අතින් අමාරු කාල­යක් ගත කරන නිසා කෑම­බීම මිලට ගැනීම සම්බ­න්ධ­යෙන් පවා ගැටලු මතු­වෙ­නවා. එවැනි පසු­බි­මක විශාල තොරණ ප්‍රද­ර්ශ­නය කිරීම, දහස් ගණන් සංඝ­ර­ත්න­යට දන්පැන් පිළි­ගැ­න්වීම එත­රම් උචිත නොවන බව සිහි­පත් කළ යුතුයි.

ආර්ථික අතින් විශාල ගැට­ලු­ව­ලට මුහු­ණ­දී­මට සිදුව තිබෙන අව­ස්ථා­වක මුදල් විය­දම් කිරීම අනර්ථ ලෙස නොකළ යුතුයි. සෑම දෙයක්ම සැල­කි­ල්ලෙන්, සක­සු­රු­ව­මින් කිරීම වැද­ගත්. බණ භාවනා කට­යුතු සඳහා යොමු­වීම තමයි වැද­ගත්.ධර්ම සාකච්ඡා,ධර්ම දේශනා ප්‍රධාන විය යුතුයි. සිදු­හත් කුමාර උප්ප­ත්තිය, සම්බු­ද්ධ­ත්වය හා පරි­නි­ර්වා­ණය තෙම­ඟුල සිහි­පත් කරන මේ වකා­ව­නුවේ සියලු දෙනාගේ ක්‍රියා­ක­ලා­පය යහ­පත් විය යුතුයි. මත්ද්‍රව්‍ය භාවි­තය අද විශාල සමාජ ප්‍රශ්න­යක් බවට පත්වෙලා. මේ නිසා ගැටුම් ඇති­වී­මත් ඉහළ ගිහින්. මේවා තේරු­ම්ගෙන වෙසක් සමය ගත කිරීම ඉතාම වැද­ගත්. බුදු න් වහ­න්සේගේ තෙම­ඟුල සිහි­පත් කරන මේ අව­ස්ථාවේ අපේ චරිත සංව­ර්ධ­නය කර ගනි­මින් අන් අය­ටත් ඒ සඳහා රුකු­ල්දීම වැද­ගත් බව සිහි­පත් කරන්න කැම­තියි.

බුද්ධ චරි­තයේ ඉගැ­න්වෙන මෛත්‍රි කරුණා ගුණ­දහම් ජීවි­ත­යට එක් කරගනිමු

ආධ්‍යා­ත්මික ආචා­ර­ශීලි මිනි­සකු නිර්මා­ණය කිරී­මට උතුම් වෙසඟේ අදි­ටන් කරගනිමු

ජනා­ධිපති රනිල් වික්‍රමසිංහ

වෛශාඛ්‍ය මංග­ල්‍යය යනු සම්බුදු රජා­ණන් වහ­න්සේගේ උප්ප­ත්තිය,සම්බු­ද්ධ­ත්වය සහ පරි­නි­ර්වා­ණය අනු­ස්ම­ර­ණය කරන ලෝක බෞද්ධ ජන­තා­වගේ පූජ­නීය දින­යකි.ආමිස පූජා මෙන්ම ප්‍රති­පත්ති පූජා­වන්ට මුලි­ක­ත්වය දෙමින් ශ්‍රී ලාංකේය ජන­තාව මෙන්ම දෙස් විදෙස් බෞද්ධ සිව් වනක් පිරිස ඉතා බැති­යෙන් වෛශාඛ්‍ය මංග­ල්‍යය සම­රන්නේ සම්බුද්ධ පූජා­වක් ලෙස සල­ක­මිනි.

බුද්ධ­ත්වය උදෙසා බුදුන් වහ­න්සේට තිබූ සම්මා වීර්යය,අප සැවොම මේ අසීරු මොහොතේ රටක් ලෙස ඇති කර­ගත යුත්තේ ‘යහ­පත් හෙට දිනක් වෙනු­වෙන් අද දවස කැප කිරී­මට “මත්තා­සුඛ පරි­ච්චගා – පස්සෙ චෙ විපුලං සුඛං” ලෙස කර ඇති බුද්ධ දේශ­නාව පද­නම් කර­ගෙ­නය.

“සබ්බත්ථ සම්මා­නසො” සිය­ල්ලන්ට සමා­නව සැල­කීමේ සමා­නා­ත්මතා සම්බු­ද්ධෝ­ප­දේ­ශ­නය අද දින අප සිහි කළ යුතු­වාක් මෙන්ම රටක් ලෙස එය ප්‍රායෝ­ගි­කව ක්‍රියා­ත්මක කිරී­මට වග බලා ගැනීම ද මේ වෙසක් දා බුදුන් උදෙසා පිදිය හැකි මහඟු බුද්ධ පූජාව වන්නේය.

ජාති, ආගම්, කුල භේද මෙන්ම පක්ෂ පාට නොතකා එකා­වන්ව එක්ව,ගොඩ­න­ඟ­මින් ඇති රට සුව­පත් කරන්න අප සැවොම පෙළ ගැසිය යුතුය.ලිච්ඡවි රාජ ධර්මය ඒ සඳහා අපට මඟ පෙන්වනු ඇත.

ශීඝ්‍ර ලෙස භෞති­කව සංව­ර්ධ­නය කරා පිය මනින ලෝකයේ ආක­ල්ප­මය සංව­ර්ධ­න­ය­කින් යුත් ආධ්‍යා­ත්මික ආචා­ර­ශීලි ‘මිනි­සකු‘ නිර්මා­ණය කර ගැනී­මට මේ වෛශාඛ්‍ය මංග­ල්‍යයේ ඇති කර ගත යුතු ප්‍රමු­ඛ­තම අර­මුණ බව සිහි­පත් කර­මින් සැමට පින්බර වෙසක් මංග­ල්‍ය­ය­කට ශුභා­ශිං­සන එක් කරමි.

වෙසක් උත්ස­වය කියන්නේ විනෝද සැණ­කෙ­ළි­යක් නොවේ

අට­ම­ස්ථා­නා­ධි­පති පල්ලේ­ගම හේම­ර­තන නාහිමි

දාන, සීල, භාවනා ඇතුළු ප්‍රති­පත්ති පූජා­වන්ට මුල් තැන දෙමින් පින් සිත් පුබු­දුවා ගන්නා ලෙස අනු­රා­ධ­පු­ර­යට පැමි­ණෙන සැදැ­හැ­ව­තු­න්ගෙන් ඉල්ලා සිටින බව අට­ම­ස්ථා­නා­ධි­පති පල්ලේ­ගම හේම­ර­තන නාහි­මියෝ සඳ­හන් කළහ.

වෙසක් පොහොයේ ඇති වටි­නා­කම් කිලිටි නොකොර සිද්ධ­ස්ථාන වැඳ පුදා­ගෙන පින් සිත් පුබු­දුවා ගන්නා ලෙස සැදැ­හැ­ව­තු­න්ගෙන් කාරු­ණි­කව ඉල්ලා සිටින බව ද උන්ව­හන්සේ සඳ­හන් කළහ.

දාන, සීල, භාවනා මෙන්ම ප්‍රති­පත්ති පූජා­වන්ට මූලි­ක­ත්වය දෙමින් පූජා නග­රයේ වෙහෙර විහා­ර­ස්ථා­න­වල ආග­මික වතා­වත් සිදු කෙරෙන අතර වෙසක් පොහොය දිනද ආමිස පූජා බහුල වශ­යෙන් සිදු කෙරෙන බැවින් එම පූජා වෙසක් පොහොයේ මූලික අර­මු­ණු­ව­ලින් බැහැ­රව සිදු නොක­රන ලෙසත් මෙය පුණ්‍ය උත්ස­ව­යක් මිසක විනෝද සැණ­කෙ­ළි­යක් නොවන බවද නාහි­මියෝ වැඩි­දු­ර­ටත් පැව­සූහ.

සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුව­පත් වෙත්වා!

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….