ආලේපන භාවිතය නිසා සමේ පිළිකා ඇති රෝගීන් සංඛ්‍යාව වැඩි වීමක්

pilika national cancer institute sri lanka cancer hospital maharagama action cancer hospital world cancer day tata cancer hospital skin cancer cancer treatment indira cancer trust

මෙරට සමේ පිළිකා ඇති රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පසුගිය අවුරුදු කිහිපය ඇතුළත දක්නට ලැබෙයි.ඒ බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය සඳහන් කළේ ය.

මේ බව ඇය පැවසුවේ ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.ඒ අනුව සමේ ආලේප කරනු ලබන විවිධ ආලේපන ඊට එක හේතුවක් බව ඇය කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය කියා සිටියේ මෙවැන්නකී,

“ඕන කෙනෙක්ට තමන්ගේ සම ලස්සනට තියාගන්නම්..කළ යුතු පළමු දේ තමයි ඔබේ සමේ මොකක් හෝ රෝග තත්ත්වයක් තිබේ නම් ඒ රෝග තත්ත්වයට ප්‍රතිකාර කරගත යුතුයි. උදාහරණයක් විදියට කුරුලෑවගේ දෙයක් තියෙනවා නම්, මහත නිසා බෙල්ල කළු වෙනවා නම් බල්ල කළු වෙන එක සූරලා මොනවා හරි ගාලා හරියන්නේ නැහැ.

මහත් වෙන්න හේතුව බලලා ඒකට ප්‍රතිකාර කරගන්න ඕනේ. නැතුව බෙල්ලට මොනවා හරි ගාල හරියන්නේ නැහැ. අනිවාර්යෙන් සමේ රෝගයක් තියෙනවා නම් අදාළ රෝගයට නියම අවස්ථාවේ ප්‍රතිකාර අරගන්න ඕනේ. වියළි සමක් තියෙන අය ඉන්නවා නම් ඒ අය වියළි සම අඩුවෙන්න ‍Moisturizers Cream ගාන්න ඕනේ.

නෑමෙන් විනාඩි 05ක් ඇතුළත ඒ ‍Moisturizers Cream එක ගාන්න ඕනේ. ඊට අමතරව අපේ රටේ තියෙන එළවළු, පළතුරු ඒවාගේ හොඳ ප්‍රතිඵල තියෙනවා. සමබල ආහාර වේලක් කියන්නේ ඉතාම වැදගත් සම හොඳට තියාගන්න. ඒ කියන්නේ හොඳට පළතුරු සහ එළවළු ගන්න ඕනේ. ඇත්තටම අව්වෙන් ආරක්ෂා වෙනවා නම් ඇත්තටම කළු වෙන එක අඩුවෙනවා එහෙම කියලා දවසට පැය 06ක් ක්‍රීඩා කරන ළමයෙකුට සම සුදුවෙන්න ක්‍රීම් ගාල වැඩක් නැහැ. මොකද එයාගේ සම බාගෙට සුදු කරලා ඊළඟට අව්වට නිරාවරණය වීමෙන් වෙන හානිය ඊට වඩා වැඩියි.

sun block cream ගාලා තද අව්වට ගිහින් ක්‍රීඩාවක් කළොත්, අපේ රටේ තියෙන අව් රශ්මිය හැටියට ඒ sun block එකෙන් අපිට ලොකු ප්‍රයෝජනයක් නැහැ. හැබැයි අව්වට සමේ රෑෂ් එකක් එනවා නම්, සමහර අභ්‍යන්තර රෝගී තත්ත්වයන් එනවා, සමහර ඖෂධ පාවිච්කරන අය ඉන්නවා ඒ වගේ අය සම අව්වෙන් පරිස්සම් කරගන්න ඕනේ. ඒ අය sun block පාවිච්චි කරන්න ඕනේ, Moisturizers Cream පාවිච්චි කරන්න ඕනේ. නියමිත ආහාරයක් ගන්න ඕනේ. අනිත් එක තමයි කොන්ඩේ…

අපි එක පාරට Diet control ගියොත්, ඒ කියන්නේ එක පාරට කිලෝ 05ක් 06ක් අඩු කරගන්න යනවා එතකොට කොන්ඩෙත් බාගෙට අඩුවෙනවා. අපි ක්‍රමාණුකූලව තමයි බර අඩුකරගන්න ඕනේ. එක පාරට අපි බර අඩුකරන්න ගියොත් අනිවාර්යෙන් අපේ හෙයාර් ලොස් එක නොවැළැක්විය හැකියි. ඒ වගේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රතිකාර අරගෙන, පෝෂණය තියෙන ආහාර අරගෙන Moisturizers Cream පාවිච්චි කරලා, සුදුසු වෙලාවට sun block පාවිච්ච කරලා අපි හැමෝට හොඳ සමක් තියාගන්න පුළුවන්.

සමේ පාට නෙමෙයි වැදගත් සම කොච්චර නිරෝගිද කියන එක තමයි වැදගත්. අපිට කොච්චර සුදු සමක් තිබුණත් වැඩක් නැහැ අපි රෝගීනම්. ගොඩක් Glutathione ගාලා සුදු වෙන අයට එළියට ගිය ගමන්ම Sun damage වැඩියි. ඒ අයට ලංකාව වගේ අව්ව ගොඩක් තියෙන රටක සමේ පිළිකා වැඩියි. ස්වභාවධර්මයෙන් අපිට තද සමක් ලැබිලා තියෙන්නේ ආසියානුකරයේ අයට මේ අව්ව තියෙන පරිසරයේ අපිට පිළිකා අඩුකරලා ජීවත් වෙන්න පුළුවන් වෙන්න. ඒක තමයි අවුව තියෙන රටවල ජීවත් වෙන අයගේ ස්වභාවයෙන් dark සම තියෙන්නේ.

ඒක නැති කර ගත්තාම එකේ අහිතකර ප්‍රතිඵල අපිට ලැබෙනවා. දැනට සමේ පිළිකා කියන එකේ ඇතිවෙන ප්‍රමාණය පසුගිය අවුරුදු කිහිපය ඇතුළත සංඛ්‍යාත්මක වශයෙන් වැඩිවීමක් තියෙනවා. අපි විශ්වාස කරනවා යම් ප්‍රමාණයක් දුරට අපි ගාන ආලේපනවලින් එන ඒවා ඒකට හේතුවෙනවා කියලා. නමුත් නියම ප්‍රතිඵලය අපිට බලාගන්න පුළුවන් තව ටිකක් කල් ගියාම..”

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….