ඉටු කිරීමට බැරි පොරොන්දු කප්පරක් ඉටු කරීම වැල් පාලමේ යනවාටත් වඩා දුෂ්කරය

හැම දේශපාලන පක්ෂයක් ම බලය ලබා ගැනීම සඳහා ජනතාවට බොරු පොරොන්දු දෙයි. NPP යත් ඒ අතින් වෙනස් නොවෙයි. ඉටු කිරීමට බැරි පොරොන්දු කප්පරක් දුන්නේය. ඒවා අසා පුරුදු පරණ ඒවාම නිසා ඒවා ඉටුකරතැයි ජනතාව බලාපොරොත්තු වූයේ නැත.

IMF එකෙන් අයින් වෙනවා යැයි පැවසීම එකකි. එසේ අයින් වුනා නම් හොම්බෙන් යනවාය. IMF එකෙන් අයින් විය යුතුය. ඉන්දියාව 1992 න් පසු එසේ කළේය. ඒත් අපට මේ ඊට වෙලාව නොවෙයි. අපේ ආර්ථිකය තවමත් දුර්වලය. ඒ නිසා, ඒ බව දන්නා කියන අයගෙන් දැනගෙන ආණ්ඩුව කරබාගෙන හිටියේය.

ඉන්දියාවෙන් හාල් රුපියල් 135 ට ගෙනත් දිය හැකි බව පැවසීම තව එකකි. ඉන්දියාවේ ගොවියන් නිකං හාල් දුන්නත් රුපියල් 135 ට දෙන්නට බැරිය. ආණ්ඩුව වගබලා ගත යුත්තේ හිඟයක් ඇති නොවන පරිදි සහල් වෙළඳපොළ පවත්වාගෙන යෑමය. ලංකාවේ වෙළඳ පොළට වඩා අඩු මිලට පාරිභෝගිකයාට සහල් ලබා දිය හැකි නම්, ආනයනය කර හෝ හාල් ලබා දීමට කටයුතු සැලැස්විය යුතුය. වෙළඳ පොළ මිලට වඩා අඩු මිලකට පාලන මිලක් නියම කිරීමෙන් වෙළඳපොලේ සහල් හිඟයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. ආණ්ඩුව අමාරුවේ වැටුනේ මේ පාලන මිල නිසාය.

බලය ලබා ගැනීම සඳහා බොරු කීම එකකි. ඒහෙත් බොරුවෙන්ම ආණ්ඩුවක් කරගෙන යා නොහැකිය.

ඒ කොහොම වුණත් මේ ආණ්ඩුව රැකගත යුතුය. මේ පරණ පුරුදු ආණ්ඩු පක්ෂයක් නොවේ. ආණ්ඩුවේ සාධනීය ලක්ෂණ බොහෝමයක් තිබේ. ජනාධිපතිවරණය ජයගත් අනුර කුමාර පෙන්වූ පශ්චාත් මැතිවරණ හැසිරීම මිනිසුන් තුළ අලුත් දේශපාලන සංස්කෘතියක් පිළිබඳ බලාපොරොත්තු දැල්වීය. ඒ නිසාම මහ මැතිවරණයෙන් NPP එක බලාපොරොත්තු වූවාටත් වඩා ශක්ති සම්පන්න ආණ්ඩුවක් පිහිටුවීමට හැකි විය. දැන් ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය රැකගෙන ඉදිරියට යෑම කළ යුතුය.

රංවල ප්‍රශ්නය වහා විසඳා ගත යුතු වන්නේ එබැවිනි. ඒ සඳහා ජනාධිපතිවරයාට කොන්දක් තිබිය යුතුය. කථානායක රංවලට හෘද සාක්ෂියක් තිබිය යුතුය.

ආණ්ඩුව යනු ගොවියන් ගේ පමණක් ආණ්ඩුවක් නොවේ. ගෝඨාභය එළවන්නට Galle Face එකේ අරගල කළේ ගොවියන් නෙවෙයි. ලයිට් නැතිව, gas නැතිව, පෙට්‍රල් ඩීසල් නැතිව පෝලිං වල හිටපු මිනිසුන්ය.

ලංකාවට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන අංශයක් වන්නේ සංචාරක කර්මාන්තයයි. සංචාරකයින් මෙහාට එන්නේ වන සතුන් ද ඇතුළත් ස්වභාවික සෞන්දර්යය විඳීමටය. ඝර්ම කලාපීය ( Tropical) වන සතුන් අපට සම්පතකි. උන්ගේ ප්‍රචාරණය කළමනාකරණය කිරීම රජයේ වගකීමකි. ලාල් ගේ රිලා විසඳුම, විසඳුමක් නොවන්නේ එබැවිනි.

ආණ්ඩුවක ජනප්‍රියතාවය කාලයක් යනකොට හීන වීම ස්වභාවිකය. ඒ හැම ජන කොටසක්ම එක විට සතුටු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බැවිනි. මේ ගමන පරිස්සමෙන් යා යුතුය. මෙය වැල් පාලමේ යනවාට වඩා දුෂ්කරය.

අශෝක හඳගම

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….