ඉදිරි ජනාධිපති මැතිවරණයේදි බහුතරය කාටද?

ඉදිරි ජනාධිපති මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ නැවත මේ රටේ ජනාධිපති ලෙස පත් කිරිමට මේ රටේ අති බහුතර ජනතාවක් පෙල ගැසෙමින් සිටින බව මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කේ. කේ. පියදාස මහතා පවසයි.
ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත 27වන දින මේ බව පැවසු පියදාස මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
මෙයට වසර දෙකකට පමන කාලය තුලදි මේ රට තුල තිබු අදුරු යුගය මේ රටේ ජනතාවට හොදට මතකයි එදා තෙල් පොලිම්වල, ගෑස් පොලිම්වල, කිරිපිටි පොලිම්වල, පැය ගනන් ගත කිරිමට සිදු වුනා මේ හැටන්වලත් ලාම්පුතෙල් පොලිමේ සිටි එක් අයකු මිය ගියා ඒ වගේ ලංකාව පුරා මෙසේ පොලිම්වල හිටි කිප දෙනකු මිය ගියා.
එත් රනිල් වික්‍රමසිංහ මහතා මේ රට බාර ගත්තට පස්සේ එතුමා තුල තිබු දක්ෂකම තම ලෝකයේ විවිධ රටවල් සමග එක්ව එම පොලිම් ක්‍රමය නතර කරලා ජනතාවට අවශ්‍ය බඩු භාන්ඩ කිසිදු කරදරයකින් තොරව ලබා ගන්නට හැකි වතාවරනයක් උදාකර දුන්නා.
අද වන විට මේ රටේ රථ වාහන ලක්ෂ හැටක් පමන තියෙනවා එම ලක්ෂ හැටම දන්නවා එදා තම වාහනයට තෙල් ටිකක් ගන්න තිබුන අමාරුව එම රථ වාහනවලින් ලක්ෂ තිහක් අයින් කරලා ලක්ෂ තිහක් ගන්න එම රට වාහන හිමි ලක්ෂ තිහ අයත් පවුල්වල ඡන්ද දෙක ගානේ රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුනත් එතනම ඡන්ද ලක්ෂ හැටක් ඔහුට ලැබෙනවා.
අද සමහර අය කියනවා රට හදන්න මට දෙන්න මට දෙන්න කියලා එත් එදා ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අර්බුද හමුවේ මේ රට බාර ගන්න කීවිට එය බාර නොගෙන පැනලා ගියා එහෙම පැනලා ගියපු අය දැන් රට හදන්න ඉල්ලනවා මේ අයට තිබුනානේ එදා පැනලා යන්නේ නැතිව මේ රට බාර ගෙන ඒ අයගේ වැඩ පිලිවෙලවල් ක්‍රියාත්මක කරන්න.
මේ අය එදා පැනලා යන විට එදා පැවති අභියෝග හමුවේ මේ රට බාර ගැනිමට ඉදිරිපත් වුනේ රනිල් වික්‍රමසිංහ මහතායි එදා අභියෝග රැසක් මත රට බාර ගත්ත රනිල් වික්‍රමසිංහ මහතා වසර දෙකක කාලයක් තුලදි මේ රට සංවර්ධනය කිරිම පිලිබදව ලෝකයේ බොහෝ රටවල් විමතිය පල කරනවා.
එවන් තත්වයන් මත අද කවුරු කොහොම කිවත් ඉදිරි ජනාධිපති මැතිවරණයේදි මේ රටේ අති බහුතර ජනතාවගේ ඡන්දයෙන් නැවත ජනාධිපති වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව ඉර පායන සේම විස්වාසයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….