dailyreporter

අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා දෙමින් ලොව මවිත කිරීමට සමත් වූ අධ්‍යාපනයෙහිද සමත් තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවකි.

“මේ නිෂ්පාදන ව්‍යාපාරයට අත තබන්න අපිට හරිහමන් මුදලක් හෝ කිසිවකුගෙන් ගුරු උපදේශයක්වත් ලැබුණේ නැහැ..අපේ ගම්පළාත්වල නිතර දකින පොල්ගහේ පොල් ගෙඩිය තමයි අපේ ඉලක්කය වුණේ.

අපි දෙන්නා අන්තර්ජාලයෙන් සහ පොත්පත්වලින් පොල් ගෙඩියට මුල් වූ බොහෝ කරුණු හැදෑරුවා. රටට අපි යමක් දිය යුතුයි. ඒ තුළින් අපේ රටේ ශ්‍රමිකයන්ට යමක් ඉටුවිය යුතුයි යන අරමුණුවලයි අපි හිටියේ. අපට වෙන සිහින තිබුණේ නැහැ. මේ සිහිනය සැබෑ කරගැනීමයි එකම සිහිනය වුණේ..” කුරුණෑගල ශාන්ත ආනා මහා විද්‍යාලයේ ආදි සිසුවකු වන නිපුණ ඉලංගරත්න කතාවට පිවිසියේ එසේ කියමිනි.

මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු පීඨයට ඇතුළත්ව එම පාඨමාලාව සමඟ පශ්චාද් උපාධියකට හිමිකම් කී ඔහු රොබෝ තාක්ෂණය සහ ස්වයංක්‍රීය කරණය පිළිබඳ ද හදාරා ඇත. තිස්සමහාරාමයේ දෙබරවැව මහා විද්‍යාලයේ ආදි සිසුවකු වූ දිනේෂ් කොඩිතුවක්කු තරුණයා නිපුණගේ ගජ මිතුරකු බවට පත්වන්නේ සරසවියේදීය.

“මොරටුව විශ්වවිද්‍යාලයේ එකම බැච් එකේදි තමයි දිනේෂ් හා මම මිතුරන් වුණේ. දෙන්නටම තිබුණේ එකම ඉලක්කයක් බව දැනගත්තට පස්සෙ අපි හොඳම යාළුවෝ වුණා..”

සරසවි අධ්‍යාපනය නිම කළ දිනේෂ් කොඩිතුවක්කු ආචාර්ය උපාධිය හැදෑරීමට ජපානය බලා ගියද යළි මවුබිමට පැමිණි පසු ද දෙමිතුරන් නිතර කතාබහ කර ඇත්තේ සිය ව්‍යාපාර සිහිනය ගැනමය. ඒ වන විට ස්වෝත්සාහයෙන් උපයාගත් දැනුම සමඟ නැවුම් පොල්තෙල් නිෂ්පාදනයට සමඟාමීව නවමු ව්‍යාපාරයකට පිවිසෙන මං සලකුණු දැන සිටියද ඊට හරස් වූයේ මුදල්ය. ඒ වසර 2013දීය. නිපුණගේ මවුපියන් සතු ඉඩමක් තිබුණද ව්‍යාපාරය ඇරඹීමට නම් පොල් මිලදී ගැනීමට මෙන්ම ඊට යාන්ත්‍රික උපකරණ සපයා ගැනීමද උභතෝකෝටික වූයේ ඒ සඳහා මූලික පිරිවැය ඔවුන් සන්තකයේ නොමැති වීමෙනි.

“අතහිත දෙන්න කවුරුත් කැමති නැති වුණාට අපි එහි අක්මුල් සොයා ගියා.”දිනේෂ් කීවේය. විශ්‍රාමික විදුහල්පතිවරයකු වූ දිනේෂ්ගේ තාත්තා කාලයක් පුරා වෙහෙසව ඉතිරි කරගත් රුපියල් ලක්ෂ පහළොවක මුදලක් තම පුතු අත තැබුවේ “පුතා මට මේවා ගැන අවබෝධයක් නැහැ. ඒත් මට මගෙ පුතා විශ්වාසයි”‘ යි කියමිනි. ඒ වන විට නිපුණ රැකියාවක් කරමින් සිටි බැවින් ඔහු බැංකු ණයක් ගත් අතර, ඔවුහු සිය අරමුණ වෙනුවෙන් රෑ දහවල් නොබලා කැපවූහ. පසුව තව නව දෙනකු ද ඔවුන්ට හවුල් වූ අතර, ටකරන් මඩුවක් තනාගෙන ව්‍යාපාරය ආරම්භ කළහ.

“අතහිත දෙන්න කවුරුත් කැමති නැති වුණාට අපි එහි අක්මුල් සොයා ගියා.”දිනේෂ් කීවේය. විශ්‍රාමික විදුහල්පතිවරයකු වූ දිනේෂ්ගේ තාත්තා කාලයක් පුරා වෙහෙසව ඉතිරි කරගත් රුපියල් ලක්ෂ පහළොවක මුදලක් තම පුතු අත තැබුවේ “පුතා මට මේවා ගැන අවබෝධයක් නැහැ. ඒත් මට මගෙ පුතා විශ්වාසයි”‘ යි කියමිනි. ඒ වන විට නිපුණ රැකියාවක් කරමින් සිටි බැවින් ඔහු බැංකු ණයක් ගත් අතර, ඔවුහු සිය අරමුණ වෙනුවෙන් රෑ දහවල් නොබලා කැපවූහ. පසුව තව නව දෙනකු ද ඔවුන්ට හවුල් වූ අතර, ටකරන් මඩුවක් තනාගෙන ව්‍යාපාරය ආරම්භ කළහ.

“අපේ එකම ඉලක්කය වුණේ අපේ දේශීය නිෂ්පාදන පිටරට යැවීමටයි..” දිනේෂ් එය කීවේ මුව පුරා සිනහවකිනි. 2013 වසරේදී ජනප්‍රිය නිෂ්පාදනයක් ලෙසින් ප්‍රචලිත මේ ව්‍යාපාරයට හොඳ ප්‍රවණතාවක් තිබූ බවද ඔහු කීවේය. ඊට ඇවැසි යන්ත්‍ර පිළිබඳ නිසි අවබෝධයක් නැතත් තමන් පිළිබඳ තමාම නොසැලෙන විශ්වාසයකින් පසුවූ නිසාම පොල් කුඩාවට කැබලි කරවන යන්ත්‍රයක්, නිසි පැහැය තබා ගැනීමට ඇවැසි සෙල්ෂියස් අංශක 55ට අඩු ධාරිතාවකින් යුතු යන්ත්‍රයක්, පොල් වියළා ගැනීමේ යන්ත්‍රයක් සහ පෙරන යන්ත්‍රයක් මිලදී ගත්තද ඒවා බොහෝ පැරණි යන්ත්‍ර විය. එහෙත් මේ දිරිමත් මිතුරන් දෙදෙනා එක්ව එම යන්ත්‍ර නිසි පරිද්දෙන් සකසා ගත් අතර, යන්ත්‍ර පිළිබඳ දැනුමැති අයගෙන් ලැබුණු සහාය ඔවුනට මහත් රුකුලක් විය.

” මැෂින් අතපත ගාලා හිතේ තිබුණු නිෂ්පාදන සැලැස්ම ක්‍රියාත්මක කළාට පළමුවැනි ලොට් එක ෆේල් වුණා. පළමු පියවරින් පොල්තෙල් ලීටර තුන්සියයක් පිට කළේ. ලංකාවටම බෙදා හැරියා.”නිපුණ කීවේය.

වසර 12කට පෙර එසේ ඇරඹි ව්‍යාපාරය අද අක්කර හතරක භූමි භාගයක පවත්වාගෙන යන ජාත්‍යන්තරය පවා ජය ගත්’ පුද්ගලික සමාගම ය. ටකරන් මඩුවකින් ඇරැඹි මේ කර්මාන්තායතනය දැන් අංග සම්පූර්ණ ගොඩනැඟිල්ලකින් සමන්විතය. එහි විධායක අධ්‍යක්ෂවරු වන්නේ නිපුණ ඉලංගරත්න සහ දිනේෂ් කොඩිතුවක්කු නමැති පෙර කී තරුණයන් දෙදෙනාය. ආයතනයේ ගුණාත්මක සහ ප්‍රමිති සහගත නිෂ්පාදන වෙනුවෙන් සහ ප්‍රධාන නියමුවන් දෙදෙනා නමින් පිරිනමන ලද හරසර සම්මාන, ඇගැයීම් සමරු ඵලක රැසකි.

සේවා මුරයේදී එකුදු සේවකයකු හෝ එළිමහනේ නැත. දෑතට ග්ලවුස් හා හිස් ආවරණයෙන් යුතුව සේවක පිරිස සිය කටයුත්තේය.

“මේ වෙද්දි අපි තනිකරම පොල් ගෙඩි ආශ්‍රිතව රසායනික අංශුමාත්‍රයක් නැතිව නිෂ්පාදන රාශියක් විදේශ රටවලට යවනවා. නිපුණගෙ පවුලේ අයයි මගෙ පවුලේ අයයි අපට දුන් අතහිත තමයි මේ සාර්ථකත්වයට හා ජයග්‍රහණයට එකම ශක්තිය වුණේ..”දිනේෂ් කෘතවේදීව කීවේය.

මේ වනවිට ජපානය, දකුණු කොරියාව, කැනඩාව, චීනය, තායිවානය, චෙකොස්ලෝවැකියාව, නෙදර්ලන්තය, පින්ලන්තය ආදී රටවල් පහළොවකට පමණ මෙම නිෂ්පාදන අපනයනය කෙරේ.

“අපේ නිෂ්පාදන තවම ලංකාවේ වෙළෙඳ පොළෙන් ලබා ගැනීමට නැහැ. නමුත් ඔන්ලයින් හරහා පොල්තෙල් ආශ්‍රිත නිෂ්පාදන අලෙවිකරණ ස්ථානවලින් ලබාගන්න පුළුවන්.”

මුල් අවධියේදී පොල්වලින් තනාගත් නිසි පැහැය ගත් තෙල් අපනයනය කළ ඔවුන් මේ වනවිට ⁣සුපිරිසිදු පොල් තෙල් ආශ්‍රිත නිෂ්පාදන මඟින් මතක ශක්තිය අඩු හා දියවැඩියාවට ප්‍රතිකර්මයක් ලෙස රෝග නිවාරණ නිෂ්පාදනයන් ද සත්ත්ව අහරින් වැළකී සිටිනා අයවලුන් වෙනුවෙන් ශක්තිය වඩවන අහරට එක්කරගන්නා පොල්තෙල් මුසු නිෂ්පාදනද, දියවැඩියාවෙන් සිදුවන හානිය වළකන නිෂ්පාදන ද කර ඇත.

එමෙන්ම බේකරි නිෂ්පාදනයට එකතු කළ පොල්කිරි වෙනුවට ක්‍රීම් එකක් හැටියට ද පාවිච්චි කළ හැකි නිෂ්පාදනයක්ද, පොල් පැණි සාමාන්‍ය පැණි රසට සමාන පොල් පැණි ද නිෂ්පාදනය කරන අතර, කිසිදු නිෂ්පාදනයක කිසිදු රසායනික මිශ්‍රණයක් අඩංගු නොවන බව ඔවුහු අවධාරණය කළහ.

සමාගම මේ වන විට නිෂ්පාදන වර්ග දහයක් පමණ එළිදක්වා ඇති අතර, හිසකෙස් නිෂ්පාදනයට සහ හිසකෙස් පෝෂණය වෙනුවෙන් ප්‍රචලිත මුරුංගා, කරපිංචා ආශ්‍රිත නිෂ්පාදනය හිසෙහි තෙල් ආලේපයට අකැමැති අයට ඉතා යෝග්‍ය වේ. රසායනික කිසිවක් නොමැති පිරිමින්ගේ හිසකෙස් වෙනුවෙන් සැකසූ නිෂ්පාදනයක් ද ඇති අතර, ඌෂ්ණත්වයෙන් සම රැකගැනීමට එය නිපදවා ඇත.

“තම මානසික මට්ටමින් එළියට යන්න. ටෝච් එළිය ඈතටම වදින්නෙ නැහැනෙ. ටෝච් එළිය ආලෝකය ඇති දුරට යන්න. ඒ දුර ප්‍රමාණයට ගිහින් ඉතිරි දුර නැවත බලන්න. බොහෝ අය රට රස්සාවලට යනවා, එය පිළිතුරක් නෙමෙයි. රටටත් තමන්ටත් යමක් ඉටු කිරීමයි පුරවැසියකුගේ යුතුකම විය යුත්තේ. පුළුවන් අය කළ යුත්තේ බැරි අයටත් එය මාර්ගයක් වන නිසයි..”

“පොල්තෙල් ලීටරයකින් රටට ලැබෙන ඩොලර් ආදායම අපේ විලවුන් වර්ග නිසා දහ ගුණයකින් වැඩි වෙනවා. ව්‍යාපාරය වැඩිදියුණු කරන්න, රටට එන ශුද්ධ ආදායම වැඩිදියුණු කරන්න තව වසර 15ක් අප වෙහෙස වී කටයුතු කළ යුතුයි..” ව්‍යාපාර ලොව දිනන්නට වෙහෙසෙන අයට තමන් ඉතා කැමැත්තෙන් අතහිත දීමට බලාපොරොත්තු වන බව කීවේ විධායක අධ්‍යක්ෂ දිනේෂ් කොඩිතුවක්කු ය.

“අපේ රට දියුණු රටක් වනු දැකීමයි අපේ එකම අපේක්ෂාවයි. ඒ වගේම වෘත්තීය පුහුණු පැත්ත ගැන රජය බලාගන්නවා නම් හොඳයි. ”

ස්වෝත්සහායෙන් දියුණු වීමට කැමති ඕනෑම අයකුට දිය හැකි පණිවුඩය ගැන ඔහු වැඩිදුරටත් මෙසේ කීවේය.

“තම මානසික මට්ටමින් එළියට යන්න. ටෝච් එළිය ඈතටම වදින්නෙ නැහැනෙ. ටෝච් එළිය ආලෝකය ඇති දුරට යන්න. ඒ දුර ප්‍රමාණයට ගිහින් ඉතිරි දුර නැවත බලන්න. බොහෝ අය රට රස්සාවලට යනවා, එය පිළිතුරක් නෙමෙයි. රටටත් තමන්ටත් යමක් ඉටු කිරීමයි පුරවැසියකුගේ යුතුකම විය යුත්තේ. පුළුවන් අය කළ යුත්තේ බැරි අයටත් එය මාර්ගයක් වන නිසයි..”

කුරුණෑගල, මාවතගම පිහිටි මෙම සමාගමේ මිදුලට පැමිණි අපගේ ඇස ගැටුණේ එහි තැනෙක ලියා තිබූ පඬිවදනකි.

“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා !

ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “

silumina

More Stories