ඔස්ට්‍රේලියාවත් ටික්ටොක් තහනම් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගනියි

tiktok

චීන සමාගමකට අයත් ටික්ටොක් ජංගම දුරකතන යෙදවුම තහනම් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව ද තීරණයක් ගෙන ඇතැයි වාර්තා වෙයි.

ඒ රටවල් කිහිපයක් මේවනවිටත් ටික්ටොක් තහනම් කර ඇති පසුබිමක් තුළයි.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියාව තීරණය කර ඇත්තේ රාජ්‍ය නිලධාරීන් රාජකාරියේදී භාවිත කරන ජංගම දුරකතනවල ටික්ටොක් යෙදවුම භාවිතය තහනම් කිරීමට බව වාර්තා වෙයි.

එම තහනම මෙම සතියේ සිටම ක්‍රියාත්මක වනු ඇති බවයි පැවසේ.

මෙය ආරක්ෂාව සම්බන්ධයෙන් සිතා ගත් තීරණයක් බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසා ඇත.

tiktok

Related posts