කන්ටේනර් කතාව කෙටියෙන් මෙහෙමයි

walkatha hirunews

ඔන්න එකමත් එක රටක දැවැන්ත සමාගමක් තියෙනවා. ඒ සමාගම තමයි ඒ රටේ ආනයන අපනයන වෙළඳාමේ විශාලම පංගුකාරයා.

මිස්ඉන්වොයිසිං හෙවත් හොර බිල් දැමීම හරහා ඒ රටට ලැබිය යුතු විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිට කළා කියලා චෝදනා එල්ල වෙනකොට ඒක ඒ රටේ ලොකුම ආනයන අපනයන මෙහෙයුම්කරුවාට ඍජුවම අදාළ වෙනවා.

මේ අතරෙ මිස්ඉන්වොයිසිං චෝදනාව නගපු අය අතරින් වැඩිම සද්දෙ තියෙන පක්ෂෙට අවුරුදු ගණනක කැම්පේන් එකක් සඳහා වැක්කෙරෙන්න සල්ලි ලැබෙනවා. උන් ඒ සල්ලිවලින් ආණ්ඩු පෙරළනවා.

බලයට පත් වුණාට පස්සෙ අර කොම්පැනියෙ හිටපු ලොක්කාට ඒ ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ අතිශය වැදගත් නියෝජිතකමක් ලැබෙනවා.

ටික දිනකින් ඒ රටේ ප්‍රධාන වරායේ එතෙක් නොතිබුණු අමුතු තදබදයක් ඇතිවෙනවා. නැව් හරවන් යනවාය කියාත් වාර්තා වෙනවා. කන්ටේනර් නිෂ්කාශනය පමා වෙනවා. ලොරි පෝලිම් ගැහෙනවා. ඩ්‍රයිවර්ලා බනිනවා. ඇමතිලා නිරීක්ෂණ චාරිකා යනවා. උනුත් කාටද බනිනවා.

මේ අතර, දේශපාලන නායකත්වයේ නියෝග මත රේගුවෙන් නිිශ්කාෂණය කළ යුතු රතු ලේබල් කන්ටේනර් 300කට වැඩි ප්‍රමාණයක් නිසි පරීක්ෂා කිරීමකින් තොරව පිටවෙනවා.

ඒ බහාලුම්වල ආපු දේවල් මොනවද? රත්තරංද? මත්ද්‍රව්‍යද? පුපුරන ද්‍රව්‍යද? ආයුධද? වෙන මොනවද? කීයටවත් ඒවා සොයාගන්නට ලැබෙන්නේ නැහැ. තව ටික කාලෙකින් සමහර විට ඒ රටේ තැන් තැන්වලින් අමුතු අමුතු දේ හමුවෙන්නට පුළුවන්.

මේ පූර්වාපර සන්ධි ගලපාගන්න.

ආ ඔව්, ඒ රටේ හිටිය පෙරටුගාමී කට්ටියකටත් ඡන්ද කැම්පේන් එහෙම කරන්න කොහෙන්ද සල්ලි ලැබුණා. දැන් උනුත් නිහඬයි. මිස්ඉන්වොයිසිං කිං කෙනෙකු වුණ පතිරණයෙකුත් හිටියා. දැන් උගෙත් කටේ පිට්ටු.

Photo එක ලංකාවෙ එකක්. ලංකාවේ එහෙම වෙන්නෙ නෑ කියන්නයි ඒක දැම්මෙ.

දැන් ඉතින් ඒ රට මොකක්ද අහගෙන මගේ පස්සෙන් එන්න එපා. මං ඉතින් කතන්දර ලියන්නෙක්නෙ. තමන් හිතන්න

අජිත් පැරකුම් ජයසිංහ

praja.lk

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….