කම්හල් යුගය අවසන් කර desktop factory ය කාමරයේ මේසේ උඩට ගෙනෙන මැජික් එක

dailyreporter

හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතා ගෙන ආ නිදහස් වෙළෙඳ කලාප යුගයත්, ප්‍රේමදාස ජනපති ගෙනා ඇඟළුම් කම්හල් යුගයත් මෙම කාලයේ ප්‍රවණතාවය නොවන බවත් අද ප්‍රවණතාවය වී ඇත්තේ මේසය මත ක්‍රියාත්මක වෙන 3D ප්‍රින්ටරය ළඟ තබා ගත්, AI පාවිච්චි කරන desktop factory බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ 2024 අයවැය විවාදයේ තාක්ෂණික අමාත්‍යංශයට අදාල විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

ලෝකයේ ඉතිහාසය වෙනස් කළ සිදුවීමක් තමයි 1760 එංගලන්තයේ මැන්චෙස්ටර් ප්‍රාන්තයේ සිදුවෙච්ච කාර්මික විප්ලවය. මෙම කාර්මික විප්ලය නිසාවෙන් ආසියාව සතුව පැවති ආර්ථික බලය යුරෝපය නැමැති කුඩා රාජ්‍ය සමූහයට මාරු වීමකට ලක්විය.

“2013 දී දඬුවම් මාරුවක් හැටියට මාවත් විද්‍යා හා තාක්ෂණ ඇමැති හැටියට පත් කළා. ඒ ගියාම අපිට තේරුම් ගියා මේ අමාත්‍යංශයේ තිබෙන වැදගත්කම. මේ රටට විජය කුමාරයා එනකොටත් කුවේණි කපු කටිමින් හිටියයි කියලා වාර්තා වෙලා තියෙනවා. කපු කැටීම චර්කය මාර්ගයෙන් සිද්ධ කළේ. සාමන්‍යයෙන් කපු නූල් රාත්තලකට පැය 200 ක ශ්‍රම කාලයක් අවශ්‍ය වුණා. මේ කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් හැටියට පැයකින් මේ කාර්යය කරන්න 1820 දී එංගලන්තයට පුළුවන් වුණා. ඒ සමඟ එංගලන්තය නොහොත් මහා බ්‍රිතාන්‍ය, චීනය හා ඉන්දියාව පරාජය කරලා ලෝකයේ විශාලතම දළ දේශීය නිෂ්පාදනය තියෙන රට බවට පත්වුණා. මේ ක්‍රියාවලියේ දෙවැනි අදියර 1860 දී ඇමරිකා එක්සත් ජනපදයේදී ආරම්භ කළා. ඒ ඛනිජ තෙල් විප්ලවය. ඉන් පසුව තවත් අවුරුදු 100 කට පසුව 1960 දී ආරම්භ වුණා තුන්වෙනි විප්ලවය. ඒ තමයි තොරතුරු තාක්ෂණ විප්ලවය. අද අපි කතා කරන අන්තර්ජාලය පළමුවෙන්ම 1960 දී, එක්සත් ජනපද යුද හමුදාවයි පාවිච්චි කලේ. ඒක තමයි 1989 දී යුරෝපයේ දියුණු කරලා www.com විප්ලවය ආරම්භ වුණේ.”

කාර්මික විප්ලයත් සමඟ ඇතිවූ විප්ලව තුනම ලංකාවට අහිමි විය. මේ වනවිට ලෝකය හතරවෙනි කාර්මික විප්ලවයටත් මාරු වී අවසන්. අද ගිගා බයිට් (GB) වලින්, ටෙරා බයිට් (TB) වලින් කටයුතු කරන යුගයක්.

“අදටත් අපි හුඟාක් දෙනෙක් මේ තොරතුරු තාක්ෂණය යොදාගෙන ආණ්ඩුකරණය කරන ආකාරය ගැන කතා කරනවා. හැබැයි මතක තබාගත යුතුයි 2010 ලෝකය හතරවෙනි කාර්මික විප්ලවයට මාරු වෙලා තියෙනවා. මේ කාර්මික විප්ලව තුනම ලංකාවට අහිමි වුණා. මට තාම මතකයි අපේ මොරටු විශ්ව විද්‍යාලයට පළවෙනි පරිගණකය ආතර් සී ක්ලාක් මහත්මයාගේ මූලිකත්වයෙන් පරිත්‍යාග කළ මොහොත. ඒ අවස්ථාවේදී ලංකාවේ ඉතාම අතලොස්සයි පරිගණක තිබුණේ. ඒ කාලේ කිලෝ බයිට් (KB) එකක් කියන්නෙත් ලොකු කතාවක්. නමුත් අද ගිගා බයිට් (GB) වලින්, ටෙරා බයිට් (TB) වලින් කටයුතු කරන යුගයක්. ඉතාම කෙටි කාලයක් ඇතුළත මේ විප්ලවය සිද්ධ වුණා.”

ජේ.ආර්. ගේ නිදහස් වෙළෙඳ කලාප යුගයත්, ප්‍රේමදාසගේ ඇඟළුම් කම්හල් යුගයත් අවසන්. මේ මේසය මත ක්‍රියාත්මක වන desktop factory යුගය යි.

“ඒ වගේම කර්මාන්තවල 2010 ඇතිවෙච්ච විප්ලවය, එහෙම නැත්නම් අපි කියන මේ සුහුරු යුගය. එකේදී මොකද වෙන්නේ? එකිනෙකට වෙනස් තාක්ෂණයක්, නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය, ජීව තාක්ෂණය, රොබෝ තාක්ෂණය, AI මේ තාක්ෂණයන් එකිනෙකට වෙනස්ව ඉදිරියට ගිහිල්ලා. ඒ වගේම ඒවායේ එකමුතුවන් හැදෙනවා. synergize හැදෙනවා. 2013 දී අපි ඉතාමත්ම වැදගත් විද්‍යාත්මක විශ්ලේෂණයක් කරා. මහාචාර්ය ධම්මික තන්තිරි ගොඩගේ මූලිකත්වයෙන්. ඒ වගේම මහාචාර්ය සිරි කොළඹගේ ගේ මූලිකත්වයෙන් නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය, රොබෝ තාක්ෂණය,AI ආදී තාක්ෂණ වර්ග 10 ක් හඳුනාගත්තා. ඒ හරහා අපි ten by ten metrics කියලා ආයෝජන සැලැස්මක් හැදුවා. ඒකෙදි මහාචාර්ය සිරි කොළඹගේ පෙන්නලා දුන්නා මේ රටේ රුපියලක් ආයෝජනය කළොත් ඒ රුපියලෙන් වැඩිම ආර්ථිකප්‍රතිලාභයක් දළ දේශීය නිෂ්පාදනයට ලැබෙන්නේ තාක්ෂණයට ආයෝජනය කළොත් කියලා. දැනට තාක්ෂණයට ආයෝජනය කරන තරම දැනගන්න පුළුවන් අපේ තාක්ෂණ අමාත්‍යංශයේ සහ පුද්ගලික අංශයේ research and development වලට කොච්චර වියදම් කරනවද කියන එකෙන්. මේක දළ දේශීය නිෂ්පාදනයෙන් 0.1% ටත් අඩු ගාණක්. නමුත් කොරියාව වැනි රටක එය 7% ක් පමණ ප්‍රමාණයක්. මෙහිදී අඩුගානේ 1% ක් අපි ආයෝජනය කරනවා නම් අපිට දළ දේශීය නිෂ්පාදනය 6% වර්ධනය ළඟා කරගන්න පුළුවන්. පාරවල් වලට මේ රට ප්‍රාග්ධන වියදමෙන් 45% ක් වියදම් කළා. ලබාගත් දෙයක් නැහැ. රට බංකොලොත් වීම ඇරෙන්න. 1% ක් මේ තාක්ෂණයට වැය කළා නම් මේ පිම්ම අපි ගන්නවා.

ඉතින් අපිට පුළුවන් වුණා 2016 දී කොරියාවත් එක්ක කතා කරලා හෝමාගම තාක්ෂණික නගරයක් ස්ථාපිත කරන්න. මොකක්ද ඉලක්කය? සිසුන් 20,000 ක් ගණනේ නැනෝ තාක්ෂණයට ඒ වගේම ජීව තාක්ෂණයට, ජාන තාක්ෂණයට, AI වලට ගන්න. මොකද 2016 – 2020 අතරේ තිබුණේ නැනෝ තාක්ෂණ විප්ලවය. අපි මේ ක්‍රියාවලින් ගැන අවබෝධයෙන් යුතුව අපේ තරුණ පරම්පරාව මේකට මෙහෙයවා ගැනීම තමයි අරමුණ වුණේ. එවැනි තාක්ෂණ නගර හතරක් අපි යෝජනා කළා. එකක්මහනුවර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධව ගන්නෝරුවේ. අනිත්වා මාතර, කිලිනොච්චිය. මේ හතරෙන් 80,000 ක් අපේ තරුණ තරුණියෝ මේ ක්ෂේත්‍රයට මුදා හැරියා නම් තාක්ෂණ ක්ෂේත්‍රයට ඩොලර් බිලියන 5 විදේශ සේවා අපට ලබාගන්න පුළුවන් වෙනවා. අදටත් මේ ආයෝජන නමින් මොනවද කතා කරන්නේ? කර්මාන්තපුර හදන්න. එහෙම නැත්නම් නිදහස් වෙළඳ කලාප හදන්න. එහෙම නැත්නම් ආයෝජන කැඳවගන්න. බංකොලොත් රටකට ආයෝජන එන්නේ නෑ උපාය මාර්ගික අර්ථයෙන් මිස. මොකද බංකොලොත් රටකින් ආයෝජන ආපහු ගෙනියන්න බෑ. හැම ආයෝජකයාම කල්පනා කරනවා කොහොමද ඒ අයගේ මුදල් ආයෝජනය කරන මුදල් ඩොලර් වලින් ආපහු ගන්නේ කියලා. බංකොලොත් රටකින් මේක කරන්න බෑ. හැබැයි උපාය මාර්ගික විදිහට හිතන අය මේකට ඇතුල් වෙනවා. ලෝක බල දේශපාලනයේ උපාය මාර්ගික විදිහට මේ රට අත්පත් කරගන්න, එහෙම නැත්නම් මේ රටේ දේශ සීමා පාලනය කරන්න, ආර්ථිකය පාලනය කරන්න. ඒ නිසා, ස්වභාවික ලෙස මේ රට, අර්බුදයෙන් ගලව ගන්නත් ඒ වගේම අනාගතයට පියමනින්නත් ඕන්නම් තාක්ෂණයට ආයෝජනය කළ යුතුයි.

කණගාටුවට කාරණේ අර ‘සෞභාග්‍යයේ දැක්ම’ නමින් රට රකින විරුවෙක් ගෙනල්ලා අවසානයේ ඒ තාක්ෂණ නගරය නතර කළා. ඒ වෙනුවට වැලිකඩ හිරගෙදර ඒ තාක්ෂණ නගරයට ගේන්න කටයුතු කළා. ඒක ඉතාමත්ම කණගාටුදායක දෙයක්. අද කර්මාන්තශාලා ඇති කරන්න තව හුඟ දෙනෙක් කතා කරනවා ජයවර්ධන ජනාධිපතිතුමා හදපු නිදහස් වෙළඳ කලාප, ප්‍රේමදාස ජනාධිපතිතුමා ගමට ඇඟලුම් කම්හල් ගෙන යාම ගැන. අද ප්‍රවණතාවය මේ එකක්වත් නෙවෙයි. අද ප්‍රවණතාවය තමයි desktop factory. ඒ කියන්නේ මේසය මත ක්‍රියාත්මක වෙන 3D ප්‍රින්ටරය ළඟ තබා ගත්ත, AI පාවිච්චි කරන desktop factory. මේ desktop factory වර්ෂයකට 80,000 ගානේ අපේ තරුණ තරුණියොත්එක්ක ඇති කරගන්නවා නම්, අපේ තරගය තියෙන්නේ ඉන්දියාවේ බැංගලෝරය එක්ක. අපේ තරඟය තියෙන්නේ චෙන්නායි එක්ක. අපි තරඟ කරනවා නම් ස්ථිරවම මේ රටේ තේ, පොල්, රබර් ආර්ථිකයට ඔබ්බෙන් ගිය ආර්ථිකයක් ඇති කරගන්න පුළුවන්. ඒ හරහා, අපට දැවැන්ත ධනයක්, මේ රටේ උගත් තරුණ, තරුණියන්ගෙන් ලබාගත යුතුයි. මම දැක්කා ඊයේ පලවෙලා තිබුණා වාර්තාවක්, ඔස්ට්‍රේලියාවට 15,000 ක් ලංකාවේ සිසු සිසුවියෝ ගිහින් තියනවා. ඩොලර් මිලියන 600 අධික ප්‍රමාණයක් මේ රටෙන් ඒ රටට ඇදිල ගිහින් තියනවා එක වසරක් ඇතුලත. ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ඇවිත් තියෙන්නේ ඩොලර් මිලියන 25 යි ප්‍රේෂණ හැටියට. මේක මේ රටේ ධනය. මේ ක්‍රියාවලිය අපි නතර නොකලොත් තව අවුරුදු 03 කින් රට මානව කාන්තාරයක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා තාක්ෂණය දෙසට කරන ආයෝජනයකින් තරුණ පරපුර හරහා මේ රට ආර්ථික අර්බුදයෙන් මුදාගෙන අනාගතය හරහා යොමුකරගත හැකි. ඒ සඳහා තමයි අනාගත ආණ්ඩු කල්පනා කලයුත්තේ.”

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….