ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය නිසා ලක්ෂ 28ක් අගතියට

loan

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් අගතියට පත් පාර්ශ්ව සම්බන්ධයෙන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය.

මේ පිළිබඳ අවධානය යොමු වූයේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදීය.

මෙම කාරක සභාව සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් අගතියට පත් පුද්ගලයන් නියෝජනය කරන ලංකාවේ සංවිධාන කැඳවා තිබුණි. එසේම මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, සමෘද්ධි දෙපාර්තමේන්තුව, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු පැමිණ සිටියහ.

මෙහිදී අදහස් දක්වමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් අගතියට පත් පුද්ගලයන් නියෝජනය කරන ලංකාවේ සංවිධාන පෙන්වා දුන්නේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් ග්‍රාමීය ජනතාව ලක්ෂ 28 ක් පමණ අගතියට පත්වී ඇති බවත් ඉන් ලක්ෂ 24 කාන්තාවන් බවත් හදුනාගෙන ඇති බවයි. 2018 වර්ෂයේ කරන ලද සමීක්ෂණයකින් මෙම කරුණු හඳුනාගෙන ඇති බවද මෙහිදී සඳහන් විය. එසේම මෙම ණය ලබා දී ඇත්තේ කුඩා මුදලක් වුවද ග්‍රාමීය ජනතාවට ඒවා ගෙවාගැනීමට අපහසු ආකාරයෙන් 38% ක 48% ක පමණ පොලියක් අයකරගැනීමට කටයුතු කොට ඇති බවත් මේ නිසා ග්‍රාමීය කාන්තාවන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත්ව ඇති බවත් මෙහිදී නියෝජිතයින් පෙන්වා දුන්හ. තවද ග්‍රාමීය කාන්තාවන් වැඩි ප්‍රමාණයක් මැදපෙරදිග රටවල ගෘහ සේවයට එක්වීමටත් ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය හේතුවක් වී ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.

තවද ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ මේ අර්බුදය නිර්මාණය වී ඇත්තේ මහ බැංකුවේ අධීක්ෂණය යටතේ තිබෙන බැංකු නොවන ප්‍රධාන මූල්‍ය සමාගම් හයක් වෙතින් ණය ලබාගත් විශාලතම කණ්ඩායම තුළ බව මෙහිදී අනාවරණය වූ අතර මුලු ක්ෂුද්‍ර මූල්‍ය ණය වන මිලියන 84,000 කින් 80% ක් එනම් රුපියල් මිලියන 67,000ක් මෙම ආයතන ලබා දී ඇති බවත් මේ වනවිට එම ණය ගත් අයගේ දේපළ අත්පත් කරගැනීම ආරම්භ කර ඇති බවත් මෙහිදී හෙළිදරව් විය.

එසේම යෝජිත පනන් කෙටුම්පතෙන් අගතියට පත් පාර්ශ්ව වල ප්‍රශ්න ආමන්ත්‍රණය කර නොමැති බවත් එමගින් ඔවුන්ට තවත් ගැටලුවලට මුහුණ දීමට සිදු වන බවත් මෙහිදී අගතියට පත් පාර්ශ්ව වල නියෝජිතයින් පෙන්වා දුන්හ.

මෙහිදී ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ යෝජිත පනත් කෙටුම්පත නැවත සම්පූර්ණ සමාලෝචනයකට භාජනය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවයි. ඒ අනුව රජය අපහසුතාවයට පත් නොකර, මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය එක්ව පනත මුළුමනින්ම සමාලෝචනය කරන ලෙසත් ප්‍රධාන මූල්‍ය සමාගම් හය ආරක්ෂා කිරීමට නොව වින්දිතයන්ගේ සැබෑ ගැටලුවලට විසඳුම් ඉදිරිපත් වන ලෙස පනත සංශෝධනය කරන ලෙසත් නියෝග කළ කමිටුව සතියක් තුළ එහි වාර්තාව පාර්ලිමේන්තු වෙත ලබා දෙන ලෙසද දන්වන ලදි. එසේ නොමැති නම් මෙරට ලක්ෂ 30/40 පමණ වන ක්ෂුද්‍ර මූල්‍ය පාරිභෝගියින්ට ගැටලුවලට මුහුණදීමට සිදුවන බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ නිසා ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් මේ පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට බලාපෙරොත්තු වන බවද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

මෙම කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් වීරසේකර, නිමල් ලන්සා, මෙහාහොමඩ් මුසම්මිල්, අසංක නවරත්න, වසන්ත යාපා බණ්ඩාර, නිමල් පියතිස්ස සහ ජයන්ත සමරවීර යන මහත්වරු සහභාගී වූහ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….