කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණ­යට සැලැ­ස්මක් සක­සන්න – ඇමැති අම­ර­වී­ර­

කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව ශක්ති­මත් කිරී­මට සහ කාර්ය­ක්ෂම කිරී­මට ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­රණ සැලැ­ස්මක් සකස් කර­න්නැයි කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අම­ර­වීර මහතා එම දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන්ට පසුගියදා උප­දෙස් දුන්නේය.

කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් සමඟ හෙක්ටර් කොබ්බෑ­ක­ඩුව ගොවි කට­යුතු පර්යේ­ෂණ හා පුහුණු කාර්යං­ශ­යේදී පසුගියදා පැවැති සාක­ච්ඡා­ව­කදී ඇමැ­ති­ව­රයා මෙලෙස උප­දෙස් දුන් අතර ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­රණ වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කිරී­මට ඇමැති මණ්ඩල අනු­මැ­තිය ගැනී­මට ඇමැති මණ්ඩල පත්‍රි­කා­වක් සක­ස­න්නැයි ද අමා­ත්‍යාංශ ලේක­ම්ව­ර­යාට උප­දෙස් දුන්නේය.

පසු­ගිය කාලයේ කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුවේ කාර්ය­ක්ෂ­ම­තාව හා ගොවි­ජන විශ්වා­සය පහළ වැටීම සම්බ­න්ධව විවිධ පාර්ශ්ව විසින් ඇමැ­ති­ව­ර­යාට පැමි­ණිලි ඉදි­රි­පත් කර තිබිණි. මේ සම්බ­න්ධව අව­ධා­නය යොමු කළ ඇමැ­ති­ව­රයා කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව තව­දු­ර­ටත් විවිධ අංශ නිර්මා­ණය කර­මින් පුළුල් කර­න­වාට වඩා දැනට තිබෙන සියලු අංශ ශක්ති­මත් කර­මින් ගොවි ජන­තා­වට පුළුල් සේවා­වක් දීමට හැකි බව සඳ­හන් කළේය.

කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව විසින් නව බෝග විශේෂ විශාල ප්‍රමා­ණ­යක් හඳුන්වා දීම, නව කෘෂි තාක්ෂ­ණික ක්‍රම ගොවි ජන­තාව අත­රට ගෙන යෑම, කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව, මහ­වැලි සංව­ර්ධන වැඩ­ස­ට­හන ආදී වැඩ­ස­ට­හන් සමඟ ඒකා­බ­ද්ධව කට­යුතු කිරීම, විදේශ අර­මු­දල් මත ක්‍රියා­ත්මක කෘෂි­කා­ර්මික වැඩ­ස­ට­හන් සඳහා අනු­ග්‍ර­හය දැක්වීම, කෘෂි පර්යේ­ෂණ පුළුල් කිරීම, ගොවි ජන­තාව දැනු­ම්වත් කිරීමේ වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරීම ආදී වැඩ­පි­ළි­වෙළ රැසක් සම්බ­න්ධව මෙහිදී අව­ධා­නය යොමු කරනු ලැබීය.

කෙසේ වුවද ගොවි ජන­තාව, පාරි­භෝ­ගි­කයා මෙන්ම අප­න­ය­නය ඉලක්ක කර ගනි­මින් යහ­පත් කෘෂි­කා­ර්මික ප්‍රවේ­ශ­යක් සඳහා සියලු දෙනා එක්ව කට­යුතු කරන ලෙසත්, එකම ක්ෂේත්‍රයේ අංශ කිහි­ප­යක් පිල් බෙදී කට­යුතු කිරීම නිසා ගොවි ජන­තාව මෙන්ම රටත් අමා­රුවේ වැටී­මට ඉඩ නොතැ­බිය යුතු බවත් ඇමැ­ති­ව­රයා මේ සාක­ච්ඡා­වේදී අව­ධා­ර­ණය කළේය.

මේ අව­ස්ථා­වට අමා­ත්‍යාං­ශයේ ලේකම් ජානක ධර්ම­කිර්ති, වැඩ බලන අධ්‍යක්ෂ ජන­රාල් කමනී රණ­තුංග මහත්ම මහ­ත්මීහු ඇතුළු පිරි­සක් සහ­භා­ගිවී සිටි­යහ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….