කොරෝනා පරදන්න ලංකාවෙන් සොයාගත් දුම් හට්ටිය

කොරෝනා වෛරසයෙන් අත්මිදීම සදහා පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා විවිධ දේශීය වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම්, දේව මෙහෙයන්, අත් බෙහෙත් ඇතුලු විවිධ ප්‍රථිකාර ක්‍රම පිළිබදව ප්‍රචාරය විය. මින් වැඩියෙන්ම සමාජ අවධානය යොමු වුයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ළමා රෝග පිළිබදව විශේෂ්‍ඥ වෛද්‍ය අනුරැද්ධ පාදෙනිය මහතා විසින් සිදු කළ දුම් හට්ටි ප්‍රථිකාර ක්‍රමය පිළිබදව ලොවට හෙලි කිරීම සම්බන්ධව යි.

තව දුරටත් මෙම දුම් හට්ටි ප්‍රථිකාර ක්‍රමය පිළිබදව නිරෝෂන් සමරවික්‍රම නැමති වෛද්‍යවරයා ඇතුලු තවත් වෛද්‍යවරැ කිහිප දෙනෙකු විද්‍යුත් නාලික කිහිපයකට පැමිණ සෙල සුවය නැමති පෞද්ගලික ආයතනයක් විසින් නිපදවන මෙම දුම් හට්ටි පිළිබදව පුලුල් ප්‍රචාරයක් කරනු ලැබූ අතර, මෙම ක්‍රමය මගින් මෙම වෛරසය වැලදී සිටි තමන්ට පමණක් නොව තවත් රෝගීන් කිහිප දෙනෙකු සුව වූ බව ප්‍රකාශ කරනු ලැබීය. ඒමෙන්ම, තමුන් වැඩ කරනු ලබන රෝහලේ  රෝහල් කාර්ය මණ්ඩල පවා මෙම දුම්හටිටි ප්‍රථිකාර ක්‍රමය ගන්නා බවටත් ප්‍රකාශ කරනු ලැබීය.

මෙම දුම් හට්ටිය කර ගැසු තවත් ජනප්‍රිය නාලිකාව පළමු ශ්‍රී ලංකික කොරෝනා රෝගියා ද ප්‍රථිකාර ලබා ගැනීමෙන් පසුව මෙම දුම් හටිටි ප්‍රථිකාරය ලබා ගත් බවත්, ඒ් නිසා ඔහුගේ මුලු පවුලම ආරක්ෂා වු බවත් තම නාලිකාව හරහා ප්‍රචාරය කරමින් මෙම දුම් හට්ටියට විශාල ප්‍රචාරයක් ද ලබා දෙන ලදී.

මේ අතර, අනිද්දා පුවත් පත මේ සම්බන්ධව හෙළිදරව් කරමින් මෙම හෙල සුවය වෛද්‍ය ක්‍රමය පිළිබදව ඒහි නිර්මාතෘගේ ප්‍රකාශයක් මෙසේ උපුටා දක්වා තිබේ.

‘හෙළ සුවය’ සිදු කරන්නේ ආයුර්වේද වෙදකම නොවන බවත් එය ”හෙළ නිල වෙදකම” බවත් එය තමන් දෙවිවරුන්ගෙන් ලැබෙන ඖෂධ වට්ටෝරු සමඟ තනිවම ආරම්භ කළ වෙදකමක් බවත්, ‘දිව්‍ය ලෝක, නාග ලෝක, බ‍්‍රහ්ම ලෝකවලට සම්බන්ධ මෙම වෙදකම පවතින බවත් පවසයි. මමත් වෙදකම ඉගෙනගන්න යොමු වුණා. ඒක ඉගෙනගන්න කරන්න  ඕනෑ භාවනා කිරීම. ඒ භාවනා කිරීමේදී යම් මට්ටමකට පැමිණියාම මේ තත්ත්වෙට  පත්වෙන්න පුළුවන්.’ අප්‍රේල් 13 වැනිදා ෆේස්බුක් පෝස්ටුවක් තබමින් හෙළ සුවය වෙළඳාමේ නිර්මාතෘ ලෙස පෙනී සිටින ප‍්‍රියන්තා සේනානායක පවසයි.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, කොරෝනා වසන්ගතට මුහුණ දීමට තවමත් කිසිදු රටක් සමත් වී නොමැති බවත්, මෙම තත්ත්වය යටතේ සමහර රටවල සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත මෙම රෝගය වැලදීමේ 10% පමණ අවධානමක් පවතින බවයි. ඒමෙන්ම,  මෙම රෝගය වැලදී සුව වූ පිරිස් වෙත නැවත රෝගය වැලදීමේ ප්‍රවණතාවයක් ද පවතින හෙයින්, මෙම රෝගයෙන් වැලකී සිටීමට කිසිදු රටක ජනතාව තුළ අවශ්‍ය ප්‍රතිශක්තීකරණයක් ඇති වී නොමැති බවත් ප්‍රකාශ කරයි.

මේ අතර, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පළ වන “පදනමක් නොමැති උපදෙස් නොපිළිගන්නා,” ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

ඒමෙන්ම කොරොනා වෛරසය පාලනයට කැඳ පානය හෝ දුම් ඇල්ලීම වැනි අත්හදාබැලීම් මේ මොහොතේ යෝග්‍ය නොවන බව ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ සභාපතිවරයා මෙන්ම ආයුර්වේද කොමසාරිස්වරයා ද වන චතුර කුමාරතුංග බීබීසී සිංහල සේවයට කියා තිබුනි.

ඔහු පෙන්වා දෙන්නේ කැඳ පානය නිසා නිරෝගී පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය වන නමුත් කොවිඩ්-19 රෝගී තත්ත්වය ඇතැම් කැඳ වර්ග නිසා උත්සන්න විය හැකි බවයි. කොරෝනාවෛරසය පාලනයට ආයුර්වේද ඖෂධ භාවිතය මේ දක්වා අවසර ලැබී නොමැති බැවින්, වඩාත් යෝග්‍ය වන්නේ වෛරසය ශරීර ගතව ඇතැයි සැක සහිත පුද්ගලයන් බටහිර වෛද්‍ය ක්‍රමය අනුව ප්‍රතිකාර කරන රජයේ රෝහලකට ඇතුළත් වීම බව ආයුර්වේද කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….