කොළඹ ජලයෙන් යට වී ජලය පිටාර ගැලීමේ ගැටළුව ගැන අවධානය

කොළඹ නගරය විටින් විට ජලයෙන් යට වී ජලය පිටාර ගැලීමේ ගැටළුව පිළිබඳ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු විය. එහිදී අනාවරණය වූ කරුණක් වූයේ කොළඹ නගර සභාව සහ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව අතර විධිමත් ආකාරයේ සම්බන්ධීකරණයක් නොමැති බවයි. පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා කෙරිණි.

කොළඹ නගරය තුළ මුල් අවස්ථාවේ හඳුනාගත් මූලික ව්‍යාපෘති 15, මේ වන විට 20 දක්වා වැඩි වී ඇති නමුත්, ඉන් 2015-2019 කාලය තුළ මහා නගර අමාත්‍යාංශය මැදිහත් වීමෙන් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති 6 ක් හැරෙන්නට පසුගිය වසර තුනක කාලය තුළ, වෙනත් කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කොළඹ මහනගර සභාවට නොහැකි වී ඇති බවද මෙහිදී අනාවරණය විය. එබැවින් පිටාර ජලය ඇතිවීම වැළැක්වීම සඳහා, අවශ්‍ය නඩත්තු කටයුතු සිදු කරන ලෙස කාරක සභා සභාපතිවරයා විසින් කොළඹ මහ නගර සභා නිලධාරීන්ට නිර්දේශ කළ අතර, ඒ සම්බන්ධව විටින් විට විමර්ශනයක් සිදු කිරීමට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව බලාපොරොත්තු වන බව ද, දැන්ම් දුන්නේය.

එමෙන්ම, අදාළ ඉතිරි ව්‍යාපෘති සම්බන්ධයෙන් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනත් සමඟ සාකච්ඡා කිරීමට කොළඹ මහ නගර සභා නිලධාරීන් යොමු කිරීමට ද, කමිටු සභාපතිවරයා විසින් මෙහිදී කටයුතු කරන ලදී. එමෙන්ම, කොළඹ නගරය වැසි ජලයෙන් යට වීම වැලැක්වීම සඳහා ගත හැකි පියවර පිළිබඳ සැලසුමක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව කොළඹ නගර සභාව වෙත නිර්දේශ කළේය.

එයට අමතරව සමනල වැවේ වැව් බැමිමේ වසර 30ක් තිස්සේ පවතින ජල කාන්දුව සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධ‍යෙන් සාකච්ඡා කෙරිණ. සමනල වැවේ ජල මට්ටම අඩුවීමත් සමග එහි තිබූ සිදුරු කිහිපයෙන් ප්‍රධාන සිදුරු හඳුනා ගැනීමට හැකියාව ලැබුණු නමුත් විදුලිබල මණ්ඩලය ඒ අවස්ථාවේ නිසි පියවර නොගත් බව කමිටුව හමුවේ අනාවරණය විය. මෙම කාරක සභාවට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩල‍ය සහභාගී නොවීම පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු වූ අතර පාර්ලිමේන්තු කාරක සභාවකට කැඳවීම් කළ විට ඒ සඳහා සහභාගී වීම අනිවාර්ය බවත්, එසේ නොකිරීම පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් කාරක සභාව විසින් මෙහිදී අවධාරණය කරන ලදී. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය වෙත දන්වන ලෙස කාරක සභාව කාරක සභාවේ ලේකම්වරියට උපදෙස් ලබා දුන්නේය.

සමනලවැවේ සිදුර එක දිගට වසර 30 ක පමණ කාලයක් මේ ආකාරයෙන් පැවතීමේ අනතුරුදායක බව පිළිබඳ භූ විද්‍යාඥයන් විසින් අනතුරු අඟවා තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් සියලු පාර්ශව කැඳවීමට සහ ඒ පිළිබඳ ක්‍රියා කිරීමට කාරක සභාව හමුවේ සියළු පාර්ශවය එකඟතාවය පළ කළේය. එමෙන්ම කැළණි ගඟ සහ කළු ගඟ දෙපස බ්‍රිතාන්‍ය සමයේ පටන් පවතින පැරණි බැමිවල අනතුරුදායක භාවයක් පවතින බවත් මේ තත්ත්වයම සමනල වැව ආශ්‍රිතව ද පවතින බවත්, සමනල වැව වේල්ලට යටින් පවුල් 2000 ක් පමණ ජීවත්වන බවත්, එබැවින් ඒ ජනතාවගේ ජීවිත සහ කොළඹ නගරයේ ජන ජීවිත පිළිබඳ කටයුතු කළ යුතු බවත් මෙහිදී අවධාරණය විය. අදාළ සියලු ආයතන එක්රැස් වී වේලි ආරක්ෂණය පිළිබඳ විධිමත් ක්‍රියාමාර්ගයක් ගතයුතු බව කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….