ගණේමුල්ලේ දී දුම්රියට පැන්න තරුණයා එක් වරම අතුරුදන්!

ගණේමුල්ලේ, බුළුගහගොඩ පදිංචි සරත් සමරකෝන් මහතා විශ්‍රාමික දුම්රිය රියැදුරෙකි. මීට වසර පහළොවකට පමණ පෙර සේවයේ යෙදෙන කාලයේ එක්තරා දිනයක පස්වරු 5.25ට කොළඹ කොටුවෙන් මීරිගම දක්වා ධාවනය වූ අංක 175 දරණ දුම්රියේ රියැදුරු ලෙස කටයුතු කළේ ඔහු ය. මගී මැදිරි අටකින් යුතු එම දුම්රිය සඳහා යොදවා තිබුණේ එංගලන්යේ නිෂ්පාදනය කරනු ලදුව 1981 වසරේ ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබූ එම් 7 කාණ්ඩයට අයත් දුම්රිය ඇන්ජිමකි.
රාත්‍රී අන්ධකාරය කල්වේලා ඇතිවම පැමිණ තිබූ එම වැසිබර සන්ධ්‍යාවේ දුම්රිය වේයන්ගොඩට පැමිණෙන විට එය නැවතත් කොළඹ කොටුව බලා ධාවනයට කටයුතු කරන මෙන් මරදාන දුම්රිය පාලක මැදිරිය වේයන්ගොඩ දුම්රිය ස්ථානාධිපතිවරයාට දන්වා තිබිණි. ඒ ඊට ආසන්නම වේලාවක මීරිගම තෙක් ගමන් ගන්නා මගීන්ට ගමන් කළ හැකි වෙනත් දුම්රියක් තිබූ බැවිනි. ඒ අනුව එම දුම්රිය නැවතත් කොළඹ කොටුව බලා පිටත් විය යුතු වේලාවට සමරකෝන් මහතා රාත්‍රී ඝනදුරින් වැසීගත් හිරිපොද වැස්සේම කොළඹ කොටුව දෙසට ගමන් ඇරඹීය. කොළඹ කොටුවේ සිට වේයන්ගොඩ දක්වා ධාවනය කෙරෙනවිට රියදුරු කුටිය දුම්රිය ඇන්ජිමේ පසුපස කොටසේ වූ අතර (Long hood) යළි දුම්රිය කොළඹ කොටුව බලා එනවිට රියදුරු කුටිය ඇන්ජිමේ ඉදිරිපසින්ම යෙදී (Short hood) තිබිණි.එවිට රියැදුරට සහ සහායකයාට ඉදිරි දුම්රිය මාර්ගය වඩාත් පැහැදිලිව දැකගත හැකිය.

මේ තරුණයා දුම්රිය තමන් වෙත ළඟාවත්ම දුම්රිය පාරට පිවිස සිරුරේ කඳ කොටස වම්පස රේල් පීල්ලට සිටින සේ මුනින් වැතිර ගන්නා අයුරු සමරකෝන් මහතාට හොඳින්ම දිස්විය. ඒ අනුව ඔහු විසින් දුම්රියේ තිරිංග පද්ධතිය ක්‍රියාත්මක කළේ ඇසිපිය හෙළන වේගයෙනි. නමුත් දුම්රියක් තිරිංග ක්‍රියාත්මක කළ සැනින් ඉද්ද ගැසුවාක් මෙන් නතර නොවේ. ඒ අනුව මේ දුම්රිය ද තරුණයා වැතිරගත් තැන පසුකොට අඩි තිහ හතළිහක් ඉදිරියට ගොස් නතර විය.
‘‘හරි වැඩේනේ වුණේ. ළමයෙක් කෝච්චියට පැන්නා. ඉක්මනට බැහැලා බලන්න. මේ දැන් පැන්නේ. ඇන්ජිම යටම වගේ ඇති.’’
සමරකෝන් මහතා තම සහායකයා අමතා පැවසුවේය.

මේ දුම්රිය ගණේමුල්ල දුම්රිය ස්ථානයේ නතර කරන විට රාත්‍රී අට ද පසුවී තිබිණ. ප්‍රධාන නියාමකගේ සංඥාවට අනුව ගණේමුල්ල දුම්රියපොළෙන් නැවතත් ගමනාරම්භ කළ සමරකෝන් මහතා මීටර් එකසිය පනහක් පමණ ඔබ්බෙහි පිහිටි දුම්රිය පාරේ වමට හැරෙන කවාකාර වංගුව පසු කරත්ම දුම්රිය මඟ අද්දර හිඳින තරුණයෙකු මනාව දුටුවේය. දුම්රිය පාර හරහා පැනීමට පැමිණෙන්නවුන්
දුම්රියක් පැමිණෙන විට මෙලෙස දුම්රිය මඟ අයිනට වී බලා හිඳීම සාමාන්‍ය තත්වයකි. එහෙත්, මේ තරුණයා දුම්රිය තමන් වෙත ළඟාවත්ම දුම්රිය පාරට පිවිස සිරුරේ කඳ කොටස වම්පස රේල් පීල්ලට සිටින සේ මුනින් වැතිර ගන්නා අයුරු සමරකෝන් මහතාට හොඳින්ම දිස්විය. ඒ අනුව ඔහු විසින් දුම්රියේ තිරිංග පද්ධතිය ක්‍රියාත්මක කළේ ඇසිපිය හෙළන වේගයෙනි. නමුත් දුම්රියක් තිරිංග ක්‍රියාත්මක කළ සැනින් ඉද්ද ගැසුවාක් මෙන් නතර නොවේ. ඒ අනුව මේ දුම්රිය ද තරුණයා වැතිරගත් තැන පසුකොට අඩි තිහ හතළිහක් ඉදිරියට ගොස් නතර විය.
‘‘හරි වැඩේනේ වුණේ. ළමයෙක් කෝච්චියට පැන්නා. ඉක්මනට බැහැලා බලන්න. මේ දැන් පැන්නේ. ඇන්ජිම යටම වගේ ඇති.’’
සමරකෝන් මහතා තම සහායකයා අමතා පැවසුවේය. මෙවැනි සිදුවීමක දී වුව එක්වරම දුම්රියෙන් බැසීමට රියැදුරුට අවසරයක් නැත. ඒ එසේ වුවහොත් දුම්රිය කට්ටලය ඔහුගේ පාලනයෙන් මිදී ඉදිරියට හෝ පිටුපසට ඇදී යා හැකි බැවිනි.

ගණේමුල්ල දුම්රිය ස්ථානය සහ එම සිදුවීමට අදාල වංගුව(කවය තුළ)

ඒ අනුව රියැදුරු සහායක, දුම්රියේ ප්‍රධාන නියාමක, උප නියාමක සහ දුම්රියෙන් බැසගත් මගීන් කිහිපදෙනෙකු ද විදුලි පන්දම් දල්වමින් දුම්රියේ ඇන්ජිම සහ පළමු මැදිරිය යට පරීක්ෂා කළෝය. අනතුරුව ඔවුන් කෙමෙන් දුම්රියේ පසුපස මැදිරි යටද පරීක්ෂා කරනු සමරකෝන් මහතා රියැදුරු කවුළුවෙන් දුටුවේය.
‘‘හරි වැඩේනේ බොස්. අපි හැමතැනම බැලුවා සෙට් එක යට කවුරුත් නැහැ. පැසෙන්ජර් කෙනෙක් සෙට් එක යටට රිංගලත් බැලුවා.’’
රිය සහායක පවසන ලද්දේ කිසිසේත් ඇදහිය නොහැකි කාරණාවකි.
‘‘ඒක මහ පුදුම කතාවක්නේ. එතකොට මොකද වුණේ දැන් රේල් පාරේ නිදාගත්තු ළමයට?’’
කෙසේ හෝ එදින රාත්‍රියේ දුම්රිය කට්ටලය මරදානේ ධාවනාගාරය වෙත ගෙන ගොස් භාරදුන්න ද සමරකෝන් මහතාගේ සිත තුළ එම මානසික වියැවුල එලෙසින්ම පැවතිණ. දුම්රිය තමන් සමීපයට එනවිටත් දුම්රිය මාර්ගයේ මුනින්තලා වී බිම ඇදී නිදාගන්නට පෙරත් එම තරුණයා රියැදුරු කුටිය දෙස බැලූ අන්දම පවා සමරකෝන් මහතාට මැවි මැවී පෙනෙන්නට විය.තමන්ගේ සේවා සටහනට අනුව ඊට පසු දින ගාල්ල බලා ධාවනය වන දුම්රියක රාජකාරී කළ යුතු වුවද මානසික අස්වැසුමක් නොමැති නිසා අසනීප නිවාඩු ඉල්ලූ ඔහු සිය නිවස බලා පැමිණියේය කෙසේ වෙතත් සිත තුළ කැකෑරෙමින් තිබූ මෙම සිද්ධිය නිසා සමරකෝන් මහතාට එදින රාත්‍රියේ ද නින්දක් නොවීය. ඒ අනුව පසුදා අලුයමින් පිබිදුණු ඔහු යන්තම් හතරවටින් එළිය වැටීගෙන එන අතරේ කිලෝමීටර් දෙකක් පමණ ගෙවා තම මෝටර් සයිකලයෙන් සිද්ධිය වූ තැනට පැමිණියේය. ඒ තරුණයාගේ මළසිරුර අසල වන රොදකටවත් විසිවී ඇත්දැයි සොයා බැලීමට ය. එහෙත්, ඒ මොහොතේ දුම්රිය ගමන් කළ වේගය අනුව එය එතරම් දුරකට විසිවන්නට ද නොහැක.

M 7 කාණ්ඩයේ එන්ජිමක් යෙදූ දුම්රිය කට්ටලයක්

සාමාන්‍යයෙන් යමෙකු දුම්රියක ගැටීමේදී ඒ තැනැත්තාගේ සිරුරට බරපතළ හානි සිදුවෙයි. එබැවින් අලුයම පිබිදී කෑම සොයා යන කපුටෙකු අහම්බෙන් හෝ එවැන්නක් දුටු සැනින් දුම්රිය මඟ අද්දර දුරකතන රැහැන්වල ලැග කෑමොර දෙයි. එවිට ඒ හඬට හාත්පස සිටින කපුටන් සිය ගණන් එක්ව කෑගැසීම නිසා මිනිසෙකු හෝ සතෙකු දුම්රියට හැපී මියගොස් හිඳින බව අසල්වාසීහු ද දැනගනිති. එහෙත් එම ස්ථානයේ ප්‍රදේශවාසීන් තබා අඩුම තරමින් කපුටෙකුවත් සිටියේ නැත.ඒ අනුව ඒ පිළිබඳව කිසිවක් සිතා ගත නොහැකි ඔහු වික්ෂිප්ත මනැසින් ආපසු හැරුණි.
පසු අවස්ථාවක මේ සම්බන්ධව කතාබහ කරද්දී සමරකෝන් මහතා මා සමඟ කියා සිටියේ හොල්මන් අවතාර ආදිය විශ්වාස නොකරන තමන් පියැවි නෙතින් දුටු මෙම සිද්ධිය කුමක්ද යන්න තවමත් අර්ථ නිරූපණය කරගත නොහැකි බවයි.
නමුත් සමරකෝන් මහතා දුටු තරුණයා පිළිබඳ සිද්ධිය සත්‍යයක් නොවේ. ඔහුට එය සත්‍ය අත්දැකීමක් සේ හැඟී යන්නේ තමන් දුටු දෙයක් ලෙස එය මනැසේ තැන්පත්ව ඇති බැවිනි. යමෙකු දෙනෙතින් දුටු බව සහතික වශයෙන්ම පවසා හිඳින දේ අතුරින් අතිශය අහඹු ලෙස යමක් සැබැවින්ම නොදුටුවද සැබැවින්ම දුටු දෙයක් ලෙස ඔහුගේ හෝ ඇයගේ මනැසේ සටහන් වීමේ හැකියාවක් ඇත.

අධික නිදිමත,විවිධ ඖෂධ වර්ග සහ මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය මගින් මෙවැනි අසාමාන්‍ය අත්දැකීම් ලද හැකි බව පැවසෙන අතර විවිධ භාවනා,යාඥා, යන්ත්‍ර, මන්ත්‍ර ආදියෙන් අර්ධ නිද්‍රාටනයට පත්වීමෙන් ද මෙවැනි භ්‍රාන්තිමය අත්දැකීම් ලද හැකි බව පැවසේ.
පාළු මහා මාර්ගවල ඇති සුදු පාට කඩ ඉරි දෙස එක එල්ලේ බලාගත්වනම රිය පදවන්නෝ ද මෙවැනි අත්දැකීම්වලට මුහුණ දෙති. මහාමාර්ග මෝහනය (Highway hypnosis) සුදු ඉරි උණ (White line fever) ආදී නම්වලින් හඳුන්වනු ලබන්නේ ඒ තත්වයයි. ඒ අනුව වැසි සහිත රාත්‍රියේ නිහඬව දුම්රිය පදවමින් සිටි සමරකෝන් මහතා දුටු දුම්රිය මාර්ගයේ වැතිරුණු තරුණයා ඔහුටත් හොරෙන් මනැසින් පිබිදී එක්වරම මතක ගබඩාවට පිවිසි මායාත්මක පරිකල්පනයකි.

සාමාන්‍ය ව්‍යහාරයේ මනෝභ්‍රාන්තීන් (Hallucinations) ලෙස හැඳින්වෙන මෙම අසාමාන්‍ය අත්දැකීම්වල පරාසය අතිශයින් පුළුල් ය. ඒ අතුරින් වෙනයම් බාහිර අරමුණුවලින් තොර බොහෝ වේලාවක් එකම ඉලක්කයක් ලෙස බලා හිඳීමේදී ඇතිවන අර්ධ නිද්‍රාටනය මගින් යටි සිතේ පරිකල්පයන් බිහිවීම අතිශය කලාතුරකින් හෝ කෙනෙකුට මුහුණදීමට සිදුවන තත්ත්වයකි. අධික නිදිමත,විවිධ ඖෂධ වර්ග සහ මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය මගින් මෙවැනි අසාමාන්‍ය අත්දැකීම් ලද හැකි බව පැවසෙන අතර විවිධ භාවනා,යාඥා, යන්ත්‍ර, මන්ත්‍ර ආදියෙන් අර්ධ නිද්‍රාටනයට පත්වීමෙන් ද මෙවැනි භ්‍රාන්තිමය අත්දැකීම් ලද හැකි බව පැවසේ.
පාළු මහා මාර්ගවල ඇති සුදු පාට කඩ ඉරි දෙස එක එල්ලේ බලාගත්වනම රිය පදවන්නෝ ද මෙවැනි අත්දැකීම්වලට මුහුණ දෙති. මහාමාර්ග මෝහනය (Highway hypnosis) සුදු ඉරි උණ (White line fever) ආදී නම්වලින් හඳුන්වනු ලබන්නේ ඒ තත්වයයි. ඒ අනුව වැසි සහිත රාත්‍රියේ නිහඬව දුම්රිය පදවමින් සිටි සමරකෝන් මහතා දුටු දුම්රිය මාර්ගයේ වැතිරුණු තරුණයා ඔහුටත් හොරෙන් මනැසින් පිබිදී එක්වරම මතක ගබඩාවට පිවිසි මායාත්මක පරිකල්පනයකි.
මෙවැනි අසාමාන්‍ය අත්දැකීම් සම්බන්ධ මනෝ විද්‍යාත්මක අර්ථකථන ලබාදීම වෙනුවට සමහරෙක් විශ්වයේ පවත්නා අද්භූත සංසිද්ධීන්වල ප්‍රතිඵල සේ හුවා දක්වති. නමුත් ඒ නිසා විශේෂයෙන් දරුවන් බියගැන්වීමට හෝ රසාස්වාදය වෙනුවෙන්වත් පදනමක් නැති ‘හොල්මන් කතා’ වැඩෙන දරුවන් ඉදිරියේ කතාබහ නොකරන්නේ නම් හොඳ ය. මෙවැනි පදනම් විරහිත විශ්වාසයන් කුඩා දරුවන්ගේ මනැස් තුළට පිවිසුවීමෙන් වැඩිවියට පත් වූ පසු ඔවුනගේ විද්‍යාත්මක චින්තනය ‘මොට’ වන බව මාපියන් තරයේම වටහාගත යුතුය.

තිලක් සේනාසිංහ

vinivida

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….