ග්‍රාමීය කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම සඳහා රු.මිලියන 2000ක්

ග්‍රාමීය අංශයේ කුඩා ව්‍යාපාරවල නිරත වන කාන්තාවන්ගේ ව්‍යවසායකත්ව හැකියාව නංවාලීම සඳහා සහන පදනම යටතේ ණය මුදලක් ලබා දීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බවත්, ඒ අනුව මෙම වසරේ දී ඒ සඳහා රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කරන ලද බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන සතිය ආරම්භ කරමින් පළමු ගම්මානය ලෙස හඟුරන්කෙත ගලඋඩගල ගම්මානයේ ගොවි පවුල්වලට ප්‍රතිලාභ ලබා දීම සඳහා පැවැති උත්සවයට සහභාගි වෙමිනි.

මෙම උත්සවය ගලඋඩගල ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්විනි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.

මෙහිදී විවිධ කෘෂි ව්‍යාපෘති සඳහා තෝරාගත් පවුල් සඳහා කෘෂි උපකරණ, කුකුළු පැටව් හා කෝපි පැළ, පුවක් පැළ හා අනෙකුත් පැළ වර්ග රැසක් ද බෙදා දීම සිදු කෙරිණි.

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන යටතේ තෝරාගන්නා ලද ගම්මාන 160ක සිදු කරන සහභාගිත්ව සමීක්ෂණයකින් පසුව හඳුනාගන්නා ලද ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා එක් ගමකට රුපියල් මිලියන 10ක් බැගින් ගම්මාන 160 සඳහා රජය විසින් රුපියල් මිලියන 1600ක මුදලක් වෙන් කර ඇත.

ගලඋඩගල ගම්මානයේ තරුණ ව්‍යවසායකත්ව අරඹමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් පළ කළේය.

අපි තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන ආරම්භ කළේ තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීම සඳහායි. මෙතෙක් ඇමැතිවරු විසින් ක්‍රියාත්මක කළ වැඩ සටහන් වෙනුවට පළමුවරට ජනතාවගේ හැකියාවන් අනුව තෝරාගන්නා ලද ව්‍යාපෘතිවලට අපි මුල්‍ය ප්‍රතිපාදන හා අනෙකුත් තාක්ෂණික උපදෙස් සහ අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙනවා.

අපේ ඉළක්කය ආර්ථික වශයෙන් ශක්තිමත් ගමක් බිහි කිරීම. අද දේශපාලනඥයින්ට මෙන්ම රජයේ නිලධාරියෙකුගෙන් තම සේවා කාලය තුළ හදපු අංග සම්පූර්ණ ගමක් පෙන්වීමට හැකි දැයි ඇසුවොත් ඔවුන් කිසිවෙකුට එසේ පෙන්විය හැකි ගමක් ඔවුන් සකස් කර නැහැ. මටවත් මේ එස්. බී. දිසානායක මහතාටවත් එහෙම හදපු ගමක් පෙන්වන්නට බැහැ.

ඒ නිසා මෙම ගම්මාන 160 ආර්ථික වශයෙන්, කෘෂිකාර්මික වශයෙන් පරිපූර්ණ ගමක් වශයෙන් සංවර්ධනය කිරීම අපේ ඉළක්කයයි. අපි උත්සාහ කරන්නේ කාටත් ආදර්ශයක් වන සාර්ථක කෘෂිකාර්මික ගමක් නිර්මාණය කිරීමයි.

මෙහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා.

මේ රට කළක් කෘෂිකර්මාන්තය මෙන්ම ආර්ථික වශයෙන්ද ශක්තිමත් පදනමක පැවතුනා. අපේ ඇතැම් කෘෂි අංශවලින් මෙන්ම ධීවර අංශයෙන් වුවත් සැළකිය යුතු දායකත්වයක් අපේ ජාතික ආදායමට මෙතෙක් ලැබෙන්නේ නැහැ. නමුත් අපි උත්සාහ කළොත් ජාතික ආදායමට වැඩිම දායකත්වයක් ලබා ගත හැකි අංශ අප රටේ තිබෙනවා. ඒ වගේම කිසිදු අවස්ථාවක අවධානය යොමු නොවූ අංශයක් තමයි කෝපි වගාව.

ලංකාවේ තිබෙන කෝපිවලට ජාත්‍යන්තරයේ ඉහළ ඉල්ලුමක් තිබෙනවා. නමුත් අඩුම තරමින් ජාතික ආදායමට කෝපිවලින් දශම එකකවත් දායකත්වයක් නැහැ. ඒ නිසා මේ අංශ පුළුල් කළ යුතුයි.

මේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ පිළිවෙළ හොඳයි. මෙම වැඩ පිළිවෙළ සාර්ථක කර ගත යුත්තේ ඒ ඒ ගම්වල ජනතාව විසින්මයි. රජයට අවශ්‍ය සම්පත් ලබා දිය හැකියි.

මෙහිදී කෘෂි අංශවල නිලධාරින් විසින් තරුණ කෘෂි ගම්මාන වැඩ සටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩ සටහනක් ද පවත්වනු ලැබීය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….