ගැබිනි මවකට බරපතළ තුවාල සිදු කර සහ දියණියන් මරු තුැරුලට ගෙනගිය යතුරුපැදිකරු

මොරටුව ප්‍රදේශයේ  එගොඩඋයන නව ගාලු පාරේ ජෝසප් පෙදෙස ඉදිරියේ ඇති  පදික මාරුවේදී යතුරුපැදියක ගැටී ගැබිනි මවක් සහ ඇයගේ කුඩා දැදැරියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමේදී දැරියන් දෙදෙනා මියගොස් සිටි බවත් ගැබිණි කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද  එගොඩ උයන පොලීසිය පැවසීය.
අනතුරෙන් බරපතළ තත්ත්වයේ පසුවු ගැබිනි මවගේ කුස තුළ සිටි දරුවාගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් දැඩි උත්සාහයක් ගත්තද එම උත්සාහය ව්‍යාර්ථ වූ බවත් ගැබිනි මව දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඇයගේ තත්ත්වය ද ඉතාම බරපතළ  බවත්  කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.
අනතුරට පත්වූ ගැබිනි කාන්තාව (24) වැනි වියේ පසුවන අයෙක් බවත් ඇගේ දරු ගැබට මාස 5ක් පමණ වන බවත්  මෙම අනතුරින් වයස අවුරුදු 07ක හා අවුරුදු 01ක වයස් කාණ්ඩ වල පසුවූ ඇගේ කුඩා දැරියන් දෙදෙනාද ජීවිතක්ෂයට පත්වූ බවද පොලිසිය  පැවසීය.
ගැබිනි කාන්තාව වසරක් වයසැති කුඩා දියණිය එක් අතකින් වඩාගෙන අනෙක් අතින් අනෙක් දියණියද අල්ලාගෙන පදික  මාරුවෙන් මාර්ගය හරහා මාරු වීමේදී අධික වේගයෙන් පැමිණි යතුරුපැදිය මෙම පිරිස අනතුරට ලක් කරමින් එම ස්ථානයේ සිට මීටර් 75 ක් පමණ ඉදිරියට ඇදී ගොස් නැවතී ඇත.
ගැබිනි කාන්තාව වඩාගෙන සිටි අවුරුද්දක් වයසැති බිළිදිය මීටර් දහයක් පමණ උඩින් විසිවී බිමට වැටී ඇති බවත් වයස අවුරුදු හතක් වූ දියණිය යතුරු පැදියේ ගැටීමෙන් අනතුරුව මීටර් විස්සක් පමණ ඉදිරියට විසිවී  වැටි සිටි බවත් ගැබිනි කාන්තාව කහ ඉර මතම ඇදවැටී ඉතාම අමාරු තත්ත්වයේ පසුව ඇත.
අවට ප්‍රදේශවාසීන් එක්වී සුවසැරිය 1990 ගිලන්රථ සේවාවට මෙන්ම පානදුර මූලික රෝහලට දුරකථන මාර්ගයෙන් දැනුම් දීමෙන් අනතුරුව අනතුරට ලක්වූ කුඩා දැරියන් දෙදෙනා සහ ගැබිනි කාන්තාව රෝහල් වෙත යැවූ  බවත් ඉන් අනතුරුව එගොඩ උයන පොලීසියට දැනුම් බවත් අවට ප්‍රදේශවාසීන් පැවසීය.
අනතුර සිදුකළ  යතුරුපැදිකරු (20) වැනි වියේ පසුවන අයෙකු  බවත් මීට සති දෙකකට පමණ ඉහතදී මහජනයාට පීඩාවක් හා අනතුරක්  සිදු වන අන්දමින් අපරික්ෂාකාරීව රාත්‍රියේදී  ගාලු පාරේ පානදුර ප්‍රදේශයේ යතුරුපැදි ධාවන තරග පවත්වමින් හා බයිසිකලේ තනි රෝදයෙන් යෑමෙන් සිටියදී පානදුර දකුණ පොලීසියෙන් අත්අඩංගුවට ගෙන පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 15000/= දඩ මුදලක් හා තරයේ අවවාද කිරීමක් මත නිදහස්ව පැමිණ සිටින අයෙක් බවත් මෙම පුද්ගලයාගේ නොසැලකිලිමත් යතුරුපැදි ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවත් පොලිසිය පැවසීය.
දිනපතා රාත්‍රී 12.00 සිට අලුයම 03.00 පමණ වන තෙක් මෙවැනි ආකාරයෙන් අපරීක්ෂාකාරී අන්දමින් මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයන්ටත් රථවාහන වලට අනතුරු සිදුවන සිදුවන අන්දමින් මාර්ගයේ මෙවැනි පුද්ගලයින් යතුරුපැදි තරග පවත්වන බවත් පොලිසියට කොතෙක් පැමිණිලි සිදුකළත් කිසිදු ඵලක් නොවූ බවත් මෙම තරුණ පිරිසගේ නොමනා ක්‍රියා ක්‍රියාකාරකම් නිසාවටිනා ජීවිත දෙකක්  හා මෙලොව එළිය දැකීමටපෙර බිළිඳෙකු ගේ ජීවිතය ද අහිමි වූ බවත් ප්‍රදේශවාසීන් පැවසීය.
අනතුර සිදු වූ අවස්ථාවේදී ප්‍රදේශවාසීන් හා පොලීසිය අතර උණුසුම්කාරි තත්ත්වයක්ද ඇතිවී තිබූ ආකාරයද දැක ගන්නට හැකි විය.
සැකකරු (05) සෙනසුරාදා දින සවස මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් (18) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
 අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරි රෝහාන් පේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ එගොඩඋයන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකොරාල මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් කොස්තාපල් 61808 ඒ.කේ.ඩී.එන් අරුණසිරි මහතාගේ උපදෙස් පරිදි පොලිස් කොස්තාපල් 67236 දසනායක .82659 අලහේන්ගොඩ  නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….