ජනපතිගේ ආර්ථික දැක්ම සමඟ එකඟයි

රුපියල අල්ලගෙන හිටියා වගේ වත්මන් ආණ්ඩුවත් අල්ලගෙන ඉන්න නමුත් සැබෑ ජනතා ප්‍රසාදයක් නැති ආණ්ඩුව රුපියල වගේම කඩා වැටෙන බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ආණ්ඩුවට ශක්තිමත් ජනතා ප්‍රසාදය තියෙනවා යැයි පෙන්නුවත් ඇත්ත තත්ත්වය එය නොවේ යැයිද මේ රාජපක්ෂ හොල්මන් කරන ආණ්ඩුවක් කිව්වොත් එය වැරදි නැතැයි ද හර්ෂ ද සිල්වා මහතා කීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආර්ථික දැක්ම සමඟ තමා එකඟ යැයිද විපක්ෂයේ හිටියත් එය කියන්නට තමාට ශක්තියක් තිබෙන බවද හර්ෂ සිල්වා මන්ත්‍රීවරයා පැවසීය.

Related posts