ජාතිවාදය; ආගම්වාදය අපේ පරම්පරාවෙන් ඉදිරියට නොදෙමු – ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය

karujayasuriya

ජාතිවාදය හා ආගම්වාදය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් අත්පත් කරගෙන ඇති හා අත්පත් කරගනිමින් සිටින විනාශය රටක් වශයෙන් අප මැනවින් තේරුම් ගතයුතුව ඇතැයි ප්‍රකාශ කරන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා අද අප හමුවේ ඇති අභියෝග ජයගැනීම සඳහා තහවුරු කරගත යුතුව ඇති පළමු කරුණා අතර ජාතික සමගිය ඉතා වැදගත් බව සඳහන් කරයි.

කරු ජයසූරිය මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගිය දා පුත්තලම ඉසුරු ශාලාවේ දි පැවති සම්මන්ත්‍රණයක දී ය. “යහපත් රටක් උදෙසා ගත යුතු මග කුමක්ද” යන තේමාව යටතේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මඟින් සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණයට පුත්තලම දිස්ත්‍රික්කයේ ආගමික නායකයින් සහ දේශපාලන හා සමාජ ක්‍රියාකාරකයින් රැසක් සහභාගි වී සිටියහ. එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ කරු ජයසුරිය මහතා.

‘මම පළමුවෙන්ම අවධාරණය කළ යුතු කරුණක් තිබෙනවා. ඒ තමයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ සංවිධානයක් නොවෙයි. අප සම්පූර්ණයෙන්ම ස්වාධීන සංවිධානයක්. ඒ වගේම අපේ ප්‍රධාන පරමාර්ථය තමයි මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීම සහ විශේෂයෙන්ම ‘ජීවත් වීමේ අයිතිය’ තහවුරු කිරීමයි.

පූජ්‍ය මාදුළුවාවේ සෝහිත ස්වාමීන් වහන්සේ සමග අප එක් වුණේ විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම සඳහායි. ඇත්තෙන්ම අප පෙනී සිටින්නේ, ක්‍රියාත්මක වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පමණයි. එම අරමුණ ඉටුවන ඕනෑම අවස්ථාවක අපි මේ කටයුතු අවසන් කරනවා.

සෝහිත හිමියෝ නිසා තමයි අපේ රාජ්‍ය පාලනයේ යම්කිසි වෙනසක් සිදු වු‌ණේ. එදා, 2015 දී උන් වහන්සේ කළ ඉල්ලීම තමයි, ‘අපිට මේ රටේ සාධාරණ සමාජයක් බිහි කිරීම සඳහා දින 100ක ජනවරමක් ලබා දෙන්න’ කියන එක. උන් වහන්සේ දින 100ක ජනවරමක් තුළින් අපේක්ෂා කළේ දින 100කට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට ගොස් 2/3ක බලයක් ලබා ගෙන ව්‍යවස්ථාව සංශෝධනය කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටයි. අපේක්ෂා කළ පරිදි ජනවරමක් ලැබුණත් දින 100 තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

සෝහිත හිමියෝ අපවත් වීමෙන් පසුව අපි මේ ව්‍යාපාරයට නායකත්වය දෙන්න පියවර ගත්තා. ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරවා ගැනීමට සහ මේ අවස්ථාවේ රටට අත්‍යවශ්‍ය ජාතික සහ ආගමික සමගිය වෙනුවෙන් අපි කටයුතු කරනවා. රටපුරා විවිධ වැඩසටහන් හා සම්මන්ත්‍රණ සංවිධානය කරමින් ජනතාව දැනුවත් කරනවා.

පසුගිය 75 වසරක ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට අපි විවිධ අභියෝග සහ දුෂ්කරතාවලට මුහුණ දී තිබෙනවා. හමුදා කුමන්ත්‍රණ දෙකකට අපි මුහුණ දුන්නා. දකුණේ සන්නද්ධ අරගල දෙකකට, බෙදුම්වාදී යුද්ධයකට අපි මුහුණ දුන්නා. ජාතිවාදී අරගල දෙකකට මුහුණ දුන්නා. මේ ආකාරයෙන් විවිධ අභියෝග රැසකට අපි නිදහස දිනාගත් දා සිට මුහුණ දී තිබෙනවා. ඒ නිසා අපි නැවත මෙවැනි දේවල් සිදු නොවීමට පියවර ගත යුතුයි. මේ අරමුණ නිසා අපි මාසිකව රටේ විවිධ ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කරනවා. අපි මෙම වැඩසටහන්වලදී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ‘අපි එක්වෙමු’ කියලයි.

අපි අද දකිනවා ජාතිවාදය, ආගම්වාදය නිසා ලෝකයේ ජනතාව මොන තරම් දුක් කරදරවලට මුහුණ දෙනවාද කියලා. ජාතිවාදය, ආගම්වාදය කරපින්නා ගෙන ගොස් දියුණු වුණ රටක් ලෝකයේ නැහැ.

මෙහිදී වැදගත් කරුණක් ඉදිරිපත් වුණා. 2018 දී අපට අවස්ථාව ලැබුණා ජාතික සමගිය වෙනුවෙන් ‘දියවන්නා ප්‍රකාශනය’ එළිදැක්වීමට. එම ප්‍රකාශනයට වත්මන් ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු යහපාලන සමයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම දේශපාලන පක්ෂවල සහාය හිමිවුණා. දියවන්නා ප්‍රකාශනය තුළින් අපි ඉල්ලා සිටියා සියලුම පාසල්වල දැනට අධ්‍යාපනය ලබන සිසුන්ගේ ජාතිකත්වයෙන් බාහිරව වෙනත් ජාතීන්ට අයත් දරුවන් 20%ක් ඇතුළත් කළ යුතුයි කියලා. නමුත් අවාසනාවන්ත ලෙස මෙම වැඩපිළිවෙළ ආණ්ඩු මාරුව නිසා ක්‍රියාත්මක කළ නොහැකි වුණා.

අපි විශ්වාස කරන ආකාරයට ජාතික හා ආගමික සමගිය පාසලෙන් ආරම්භ විය යුතුයි. අපි දන්නවා දකුණු අප්‍රිකාවේ වර්ණ භේදවාදය ඇති වුණේ සුදු හමට එක පාසලක් – කලු හමට තවත් පාසලක් ආදි වශයෙන් බෙදා පාලනය කළ නිසයි. කනගාටුවට කරුණ නම් අදත් ලංකාවේ ජාති, ආගම් වශයෙන් බෙදා වෙන් කළ පාසල් තිබෙනවා. අපි මීට කලකට පෙර බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කතෝලික ආගමික නායකයින් සමග මේ ගැන සාකච්ඡා කර තිබෙනවා. ජාතික සමගිය ඇති කළ හැකි හොඳම ස්ථානය තමයි පාසල. අපේ වැඩිහිටි පරපුර අතර ජාතිවාදය, ආගම්වාදය තුරන් කළ නොහැකි වුණත් පාසල් අධ්‍යාපනය තුළින් අනාගත පරම්පරාවන් අතරින් ජාතිවාදය, ආගම්වාදය තුරන් කර දැමිය හැකියි.

නිදහසට පෙර උපන් පුද්ගලයෝ වන අපි සියලු ජාතීන්ට, ආගම්වලට අයත් මිතුරන් සමග පාසල් විය ගත කළා. අපි මහත් බලාපොරොත්තුවෙන් අනාගතයට මුහුණ දුන්නා. රට වර්තමානයේ මුහුණ දී සිටින අර්බුද ඇති වුණේ ජාතිවාදය සහ ආගම්වාදය නිසා බව මම තදින්ම විශ්වාස කරනවා.

මම පසුගිය කාලය පුරා බලයේ සිටි සියලුම ජනතාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ අපේ පරම්පරාව මුහුණ දුන් මේ ජාතිවාදය, ආගම්වාදය අනාගත පරම්පරාවට යා නොදී අපේම පරම්පරාව තුළ අවසන් කරමු කියලා. ඩයස්පෝරාව සමග පවතින ගැටුම අවසන් කරමු කියලා. ඉදිරි මැතිවරණයට පෙර උතුර – දකුණ අතර පවතින අසමගිය අවසන් කරමු කියලා මම යෝජනා කළා. ජාති – ආගම්වාදය අවසන් කළොත් බොහොම කෙටි කාලයක් තුළ අපේ රටට දියුණු වෙන්න පුළුවන් බව අප සියලු දෙනා වටහා ගත යුතුයැයි කරු ජයසුරිය මහතා එහිදි වැඩිදුරටත් අවධාරණය කරන ලදි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….