ඩොප්ලර් රේඩාර් කතා වස්තුව

2004දි මහා දැවැන්ත ස්වාභාවික ආපදාවක් සිදු වුණා. මේ ස්වාභාවික ආපදාවෙන් දසදහස් ගණනක් ජනතාව මිය ගියා. දැවැන්ත දේපල විනාශයක් සිදු වුණා. එවැනි ආපදාවලින් සිදු වන හානි අවම කර ගන්නට, නිවැරදි කාලගුණ දත්ත ලබා ගන්නට ඩොප්ලර් රේඩාර් පද්ධතියක් මිළ දී ගන්නට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කළා.
අවශ්‍ය ජාත්‍යන්තර උපදෙස් ලබා ගන්නට, මිළ දී ගන්නා උපකරණය බලන්නට ආදී දේවලට නිලධාරීන් විදේශයන්ටත් ගියා. 2007දී රුපියල් කෝටි 320කට විතර අදාළ උපකරණය මිළ දී ගත්තා ය කියමුකෝ. ඒක ටිකක් ලොකුයි. සවි කරනතුරු තියන්න තැනක් නැහැ ඒ නිසා මූලස්ථාන ගොඩනැගිල්ලේ කොරිඩෝවක තැන්පත් කළා. තවම පැකිං කඩලාවත් නැහැ.
ඊට පසුව තමයි මේක සවි කරන්නට තැනක් හොයලා බැලුවෙ. ඒකට ගොන්ගල කඳුවැටියේ ස්ථානයක් සුදුසු බව තීරණය කරනවා. හැබැයි එතන කුලුනක් හදන්න ඕනෑ. කුලුන හදන්නටත්, උපකරණ ගෙන යන්නටත්, පාරක් හදන්න ඕනෑ. ඒ නිසා රජයේ ආයතනයකට කොන්ත්‍රාත්තුව භාර දුන්නා පාර හදලා කුලුන හදන්න.
පාර හදන්නට අවුරුද්දක් ගියා. කුලුන හදන්නට තවත් අවුරුද්දක් ගියා. එතෙක් අර වටිනා කියන ඩොප්ලර් රේඩාර් පද්ධතිය කොරිඩෝවක වැස්සට තෙමෙමින්, අව්වට වේලෙමින් තිබුණා. කොහොමින් කොහොම හරි ඒක එතැනට අරගෙන ගියා ය කියමුකෝ. ඒක කුලුන උඩට උස්සන්නට අවශ්‍ය තාක්ෂණය අර කුලුන හැදීමේ කොන්ත්‍රාත්තුව ඉටු කරපු රජයේ ආයතනයට නැහැ. ඒ නිසා ඔවුන් පෞද්ගලික ආයතනයකින් ඒ සඳහා දොඹකරයක් කුලියට ගත්තා.
නිසි තාක්ෂණය පාවිච්චි නො කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රේඩාර් පද්ධතිය ඔසවද්දි දොඹකරය පෙරලුණා කියමුකෝ. එතකොට උස්සපු කෑලිවලට මොනවා වෙන්න ඇති ද? ඒවා කන්දෙන් පහළට රෝල් වෙන්නත් ඇති. දොඹකරයේ ක්‍රියාකරුවාගේ අත පයත් කැඩුණා. ඒ වුණාට ඒක කුලියට ගත්ත දොඹකරයක් නේ. ඒ නිසා ඒ වැඩේට සම්බන්ධ නිලධාරි ඒ ගැන කරදර වුණේ නැහැ.
දැන් ඉතින් මොකද කරන්නේ? කෑලි ටික අහුලලා එතන මුර කුටියකට දාලා වැහුවා. හොරුන්ගෙන් පරිස්සම් කරන්නට අර කොන්ත්‍රාත් කරපු රජයේ ආයතනය එතැනට මුරකරුවෙක් යෙදුවා. ඔහොම කාලය ගත වුණා. මුරකරුවාට වැටුප් ගෙව්වේ කොන්ත්‍රාත් කරපු ආයතනය. ඒගොල්ලන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට කිව්වා දැන් කුලුන භාර ගන්න කියලා. ඒ වුණාට ඒ දෙපාර්තමේන්තුව ඒක කළේ නැහැ කියමුකෝ.
මේ රජයේ ආයතන දෙක අතර මුරකරුවාට වැටුප් ගෙවීම පිළිබඳ ගැටලුවක් ඇති වුණා. ඊට පස්සෙ මුරකරුවා ඉවත් කළා. හොරු ඇවිදින් අර වටිනා කියන ඩොප්ලර් රේඩාර් පද්ධතියේ කොටස් ගලවාගෙන ගියා.
මේ වෙනකොට මේ ඩොප්ලර් රේඩාර් පද්ධතියට මහජන මුදලින් අවම වශයෙන් රුපියල් මිලියන 500ක් විතර වැය කරලා ඉවරයි. ඊට පස්සෙ?
ඒ ආයතනය තීරණය කරනවා, එම උපකරණ අලුත්වැඩියා කරනවාට වඩා අලුතෙන් එකක් මිළ දී ගන්නා එක ලාභයි කියලා. අලුත් එකක වර්තමාන මිළ බිලියනයක් විතර වෙනවා. ඒක පරීක්ෂා කරන්නට, මිළ දී ගන්නට එහෙම නිලධාරි පිටරට යන්නත් ඕනැ.
මේක හොඳ හොද්ද! ඒ නිසා අල්ල ගන්නවා සෝෂල් මීඩියා, මාධ්‍යවේදී එහෙම කටු කන සෙට් එකක්. තව අල්ල ගන්නවා අනුර කුමාර උන්නැහේව. උන්ට කියනවා, මේ ගංවතුර හානිවලට හේතුව ඩොප්ලර් රේඩාර් පද්ධතියක් නැති එකය කියලා. එතැන් සිට කතාව ඔබ දන්නවා.

Praja.lk

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….