තැඹිලි අපනයනයෙන් රුපියල් බිලියන හයක් January 11, 2023 daily reporter මේ වසර තුළ තැඹිලි අපනයනයෙන් රුපියල් බිලියන හයක ආදායමක් අපේක්ෂා කරන බව පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති කීර්ති වීරසිංහ පවසයි.ඊයේ (10) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ පසුගිය වසර තුළ තැඹිලි අපනයනයෙන් රුපියල් බිලියන දෙකක ආදායමක් ලැබුණු බවයි.