දෙසැම්බර් 31 මත්පැන් අලෙවිය කෝටි 9 පනී

arrack

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සුප්‍රකට නොයිඩා නගරයේ පසුගිය දෙසැම්බර් මස 31 වැනිදා මත්පැන් අලෙවිය ඉන්දීය රුපියල් කෝටි 9 ඉක්මවූ බව එරට සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

එම දෙපාර්තමේන්තුවේ නිලධාරියකු වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ දෙසැම්බර් මාසය පුරා නොයිඩා නුවර මත්පැන් අලෙවිය රුපියල් කෝටි 140 ඉක්මවා ඇති බවය.

නොයිඩා වැසියන් නව වසර උදාව සැමරීමට මත්පැන් ලීටර් ලක්ෂ දෙකකට වඩා පානය කර ඇතැයි ද කියැවේ.

 

Related posts